...


'දහම් පා' ත්‍යාගප්‍රදානෝත්සවය 2012

0 comments

'දහම් පා' දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 දෙසැම්බර් 23 වන ඉරු දින සවස 2.00 ට 'දහම් පා' දහම් පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ. සිසු දරු දැරියන් දහසකට අධික පිරිසකට දහම දැනුම බෙදා දෙන ප්‍රදේශයටම ආලෝකයක් වූ දහම් පාසලේ 2012 වර්ෂය තුල විවිධ කුසලතාවයන් දැක්වූ දරු දැරියන් 200 ක් පමණ එදින ත්‍යාග හා සහතික පත් ලැබීමට නියමිතය.

මෙදින දහම් පා දරු දැරියන්ගේ ගායන, වාදන, නර්තන ආදී හැකියාවන්ද එලි දැක්වීමට නියමිතය. 2012 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ විසිරයාමේ අවස්ථාවද මෙම උත්සවයට සමගාමීව යොදාගෙන ඇත. අප සිසු දරුවන්ගේ දක්ෂතා අගයන මෙම මොහොතට ඔබගේ සහභාගීත්වයද ගෞරවයෙන් අපේක්ෂා කරමු.

පාලි ඉගෙන ගන්න කැමතිද

1 comments

සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF  ඩවුන්ලොඩ් කරගන්න

බාගත කරන්න පිටුවට යන්න

දහම්පාවන් ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රමුඛ ස්ථානයට

0 comments

'දහම් පා' ගමනේ රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට 'දහම් පා' දහම් පාසල සමත්ව තිබේ. මෙවර දිස්ත්‍රික් දහම්පාසල් සිසු නිපුනතා ඇගයීමෙන් ප්‍රථම ස්ථාන හතරක් ඇතුළු ස්ථාන පහක් හිමි කර ගැනීමට දහම්පා දහම් පාසලේ සිසුන් සමත්ව තිබේ.  පන්සීයයකට අධික ගම්පහ දිස්ත්‍රික්කයේ දම්පාසල් අතරින් එකම දහම් පාසලක සිසුන් සිව් දෙනෙක්  ප්‍රථම ස්ථාන හතරක් ලබා සමස්ථ ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබීම ඉතාම සුවිශේෂී අවස්ථාවකි. එම ස්ථාන වන්නේ,


දෙවන ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය  - සනිති සෙනුල්‍යා කොළඹතන්ත්‍රී  
හයවන ශ්‍රේණිය පද්‍ය ගායනා  ප්‍රථම ස්ථානය    - කවිඳු දිල්ෂාන් 
හත්වන ශ්‍රේණිය පාලි පද්‍ය ගායනා  ප්‍රථම ස්ථානය    - ඔෂාන් විශ්මිත් 
ගද්‍ය රචනා ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය    - ලක්මිණි ඕෂධී 
 ධර්මාචාර්ය ශ්‍රේණිය කථික පස්වන ස්ථානය   - රවිඳු කිත්සිරි රාජපක්ෂ 



දිස්ත්‍රික් කුසලතාවයට ඉදිරිපත් වූ සිසුන් හය දෙනාගෙන් පස් දෙනෙක්ම ස්ථාන හිමිකර ගැනීම එම දරුවන්ගේ හා ඔවුන් පහුණු කල ගුරු භවතුන්ගේ උත්සාහයේ ප්‍රතිපලයකි. මෙම සිසුන්ට සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගැනීමට අපේ සුභ පැතුම් ! 






දහම්පා දක්ෂයන්ට තවත් ජයග්‍රහණ

0 comments

ගම්පහ සිරි සුනන්ද දහම් පාසලේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දහම් පාසල් අතර පැවත්වූ   තරග දහයකින්  ප්‍රථම ස්ථාන 3 ක් දෙවන ස්ථානයක් හා තෙවන ස්ථානයක් ආදී වශයෙන් ස්ථාන 5 ක් දහම්පාවන් ලබා ගැනීමට සමත්ව වූහ. ත්‍යාග ප්‍රදානෝත්සවය 2012 ඔක්තෝම්බර් 28 වන දින ගම්පහ මැදගම විහාරස්ථානයෙදී  පැවැත්වින. 







කථික  ජේෂ්ඨ ප්‍රථම ස්ථානය - එම්. කේ. දිලිනි පියුමිකා ජයතිලක.

කථික  කනිෂ්ට ප්‍රථම ස්ථානය - ආර්. එම්. කවිෂ්මා ගීතාංජලී රත්නායක.


චිත්‍ර කලාව ජේෂ්ඨ ප්‍රථම ස්ථානය - වී. දුලාජ් පියුමාල් අරවින්ද

දහම් දැනුම ජේෂ්ඨ දෙවන ස්ථානය - ආර්. ශානිකා පියුමි

ගද්‍ය රචනා කනිෂ්ට තෙවන ස්ථානය - ඒ. ඩී. නදීෂා හංසනී

දහම්පාවෝ ගුරු පා නමදිති 2012

0 comments

 ඔක්තෝම්බර් 6 වැනිදාට යෙදී තිබුන ලෝක ගුරු දිනය වෙනුවෙන් 'දහම් පා' සිසුහු ද 'නමඳිමු ගුරු පා' නමින් ගුරු උපහාර උළෙලක් ඔක්තෝම්බර් 7 වන ඉරු දින සංවිධානය කළහ. වෙනත් වසර වලටත් වඩා උත්කර්ෂවත් අන්දමින් පෙරහරකින් උත්සව සභාවට කැඳවාගෙන ගොස් ගුරුවරුන්ව ඇගයීමට ලක් කළහ. දෙමාපියන් පිරිසක්ද අවස්ථාවට සම්භන්ධ වී සිටියහ. 'දහම් පා' දුදරුවන්ගේ මෙම ආදර්ශවත් ක්‍රියාව  සැමගේ ඇගයීමට ලක් විය.


ඇගයීමට පාත්‍ර වූ 'දහම් පා' ආචාර්ය මණ්ඩලය