දහම්පාවන් ගම්පහ දිස්ත්‍රිකයේ ප්‍රමුඛ ස්ථානයට

'දහම් පා' ගමනේ රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගැනීමට 'දහම් පා' දහම් පාසල සමත්ව තිබේ. මෙවර දිස්ත්‍රික් දහම්පාසල් සිසු නිපුනතා ඇගයීමෙන් ප්‍රථම ස්ථාන හතරක් ඇතුළු ස්ථාන පහක් හිමි කර ගැනීමට දහම්පා දහම් පාසලේ සිසුන් සමත්ව තිබේ.  පන්සීයයකට අධික ගම්පහ දිස්ත්‍රික්කයේ දම්පාසල් අතරින් එකම දහම් පාසලක සිසුන් සිව් දෙනෙක්  ප්‍රථම ස්ථාන හතරක් ලබා සමස්ථ ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබීම ඉතාම සුවිශේෂී අවස්ථාවකි. එම ස්ථාන වන්නේ,


දෙවන ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය  - සනිති සෙනුල්‍යා කොළඹතන්ත්‍රී  
හයවන ශ්‍රේණිය පද්‍ය ගායනා  ප්‍රථම ස්ථානය    - කවිඳු දිල්ෂාන් 
හත්වන ශ්‍රේණිය පාලි පද්‍ය ගායනා  ප්‍රථම ස්ථානය    - ඔෂාන් විශ්මිත් 
ගද්‍ය රචනා ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය    - ලක්මිණි ඕෂධී 
 ධර්මාචාර්ය ශ්‍රේණිය කථික පස්වන ස්ථානය   - රවිඳු කිත්සිරි රාජපක්ෂ 



දිස්ත්‍රික් කුසලතාවයට ඉදිරිපත් වූ සිසුන් හය දෙනාගෙන් පස් දෙනෙක්ම ස්ථාන හිමිකර ගැනීම එම දරුවන්ගේ හා ඔවුන් පහුණු කල ගුරු භවතුන්ගේ උත්සාහයේ ප්‍රතිපලයකි. මෙම සිසුන්ට සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගැනීමට අපේ සුභ පැතුම් ! 






0 comments:

Post a Comment