...


දහම් පාසැල උදේ රැස්වීම් වැඩසටහන.

6 comments

මෙතැනින් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න.

මල් පහන් පූජා කිරීම, තෙරුවන් වන්දනා කිරීම හා උදේ රැස්වීමේ වැඩසටහන.

චෛත්‍යය, බෝධීන් වහන්සේ හෝ බුදු මැදුර අබියස.

·         එක් එක් ශ්‍රේණි වල සිසුන් පේළියට තබන්න.
·         සෑම සිසුවෙකු ලවාම තමන් රැගෙන ආ මල් දෝතින් පූජා කරවන්න.
·         මල් පූජා කර අවසන් වනතුරු සියලු දෙනා එක්ව මේ කවි ගයනා කරන්න.

සෙත් සිරි දෙන මහ ගුණ        මුහුදාණන්
සත් හට වන බව දුකට            වෙදාණන්
තිත්ගනඳුරු දුරලන                දිනිදාණන්
සිත සතොසින් නමදිම්           මුනිදාණන්

ඇම පමණින් පැවසූ මුනි දැන                තතු
මෙ‍ම හැම දෙන බලවයි දැක්විය            යුතු
තම තම නැණ පමණින් දැනගත            යුතු
මම නමදිම් සදහම් පහදා                       තතු

සිරිමත් බඹ සිරසෙහි පා                     පිසිනා
සැරියුත් මහ මුගලන්                 පිළිවෙලිනා
පිළිවෙත් සරු මහා සඟ ගණ          සොබනා
මුදුනත් දී නමදිම් බැති                    පෙමිනා

පන්සිල් සමාදන් වීම සදහා දොහොත් මුදුන් දී වැඳගන්න.

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා!
දෙවනුවද නමස්කාර වේවා!
තෙවනුවද නමස්කාර වේවා!

බුද්ධං සරණං ගච්චාමි   - මම බුද්ධ රත්නය සරණ යමි
ධම්මං සරණං ගච්චාමි   - මම ධම්ම රත්නය සරණ යමි
සංඝං සරණං ගච්චාමි    - මම සංඝ රත්නය සරණ යමි

දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි - මම දෙවනුව ද බුද්ධ රත්නය සරණ යමි
දුතියම්පි ධම්මං සරණං ගච්චාමි             - මම දෙවනුව ද ධම්ම රත්නය සරණ යමි
දුතියම්පි සංඝං සරණං ගච්චාමි   - මම දෙවනුව ද සංඝ රත්නය සරණ යමි

තතියම්පි බුද්ධං සරණං ගච්චාමි             - මම තෙවනුව ද බුද්ධ රත්නය සරණ යමි
තතියම්පි ධම්මං සරණං ගච්චාමි - මම තෙවනුව ද ධම්ම රත්නය සරණ යමි
තතියම්පි සංඝං සරණං ගච්චාමි - මම තෙවනුව ද සංඝ රත්නය සරණ යමි

නමස්කාර වේවා බුදු රුවනට සැමදා      මම බුදු සරණ යමි
නමස්කාර වේවා දම් රුවනට සැමදා      මම දම් සරණ යමි
නමස්කාර වේවා සඟ රුවනට සැමදා     මම සඟ සරණ යමි
නමස්කාර වේවා තුනුරුවනට සැමදා      තිසරණ සරණ යමි


  පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
-          මම සතුන් මැරීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
-          මම නුදුන් දෙය සොර සිතින් ගැනීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
-          මම වැරදි ලෙස කම සැප විදීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
-          මම බොරු කීමෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි

සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
-          මම මදයට හා ප්‍රමාදයට හේතුවන මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ සිල් පදය සමාදන් වෙමි

මම සතුන් නොමර                           මි
කිසි සොරකමක් නොකර                 මි
දුසිරිතෙන් දුරුවෙ                             මි
බොරු බසින් රහමෙරින්           වළකිමි


බුදු ගුණ වන්දනාව

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝකවිදූ අනුත්තරො පුරිස දම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
යෙච බුද්ධා අතීතාච
යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නාච යෙ බුද්ධා
අහං වන්දාමි සබ්බදා

නත්ථි මෙ සරණං අඤ්ඤං
බුද්ධො මෙ  සරණං වරං
එතෙන සච්ච වජ්ජේන
හෝතු මෙ ජය මංගලං


උත්තමංගෙන වන්දෙනං
පාදපංසු වරුත්තමං
බුද්ධෙ යෝ බලිතො දොසො
බුද්ධො ඛමතු තං මමං

 බුදු ගුණ කවි
1.                  රහසත් පව්               නොකොට
කෙලෙසරයනුත්         දුරුකොට
නිසි වූයෙන්                       පුදට
අරහ යන නම කියති       මුනිඳුට

2.                  තුන් කල්හිම                    පැවති
පදරුත් සියල් ලොව            ඇති
අතැඹු’ලෙසෙ දැන               ගති
එයින් සම්මා සම්බුදුන        යෙති

3.                  විද්දෑ නැණ                      අටද
පසළොස් සරණ           ගුණයද
ඇතියෙන් එමුනි                 සඳ
පිරුණු විජ්ජාචරණ නම්       ලද

4.                  යහපත් කොට            යෙතැයි
සුන්දර තැනට           සැපතැයි
සොඳුරු බස්              කියතැයි
කියති ඒ මුනි රජුට     සුගැතයි

5.                  තුන් ලොව තතු             ලෙසට
දැනගෙන නොදත්   මෙලොවට
දෙසුයෙන් නියම           කොට
ලෝක විදූ යයි කියති    මුනිඳුට

6.                  හැම ගුණයෙන්               නඳා
සම වැඩි සතකු             හැමදා
දියතෙහි නැති                 සඳා
අනුත්තර යයි කියති     මුනිඳා

7.                  බඹ සුර යකුන්                    තද
දමනය කර තමන්               ලද
සෙත් දී එමුනි                     සඳ
පුරිස දම සාරතී නම්            ලද

8.                  බව කතරින්            එතෙර
ලනුයෙන් සතන් හැම   වර
තිලෝගුරු             මුනිවර
වීය සත්තා නමින්   පුවතර

9.                  සිව් සස් සිය             නැණින්
දැන දැන්වීය          කුළුණින්
දුරලයි                  අනුවණින්
එබුදු නම් වීය ගුණ   පමණින්

10.              බෙදුයෙන් දහම්                  කඳ
බජනය කාලෙන් ගුණ         කඳ
බග දහමින්                      සසඳ
බැවින් බගවත් වීය මුනි       සඳ


දහම් ගුණ වන්දනාව

ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො ඒහිපස්සිකො ඕපනයිකො පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහී ති
            ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
යේච ධම්මා අතීතාච
යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නාච යේ ධම්මා
අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං
ධම්මෝ මේ සරණං වරං
එතේන සච්ච වජ්ජේන
හෝතු මේ ජයමංගලං

උත්තමංගේන වන්දේහං
ධම්මං ච තිවිධං වරං
එතේන සච්ච වජ්ජේන
ධම්මේ යෝ බලිතෝ දොසො
ධම්මෝ ඛමතු තං මමං

දහම් ගුණ කවි

1.      මුල මැද හා                         අගද
යහපත් ලෙසට මුනි               සඳ
දෙසුයෙන් දහම්                    කඳ
ස්වාක්ඛාතය කියා නම්          ලද

2.      මෙම අත්                   බවෙදීම
පිළිපදී නම්                   සදහම
ලැබෙනුයෙන් පල           හැම
යෙදේ සන්දිට්ඨිකය යන  නම

3.      කාලයක්                       නැතිවම
මඟ පල ලැබෙයි             හැමදම
එම අරුත                       ඇතිවම
අකාලික නම දරයි           සදහම

4.      ඇවිදින් බලනු             මැන
අඳ බැතියකින් නොම ගෙන
ඇරයුම් ඇති             බැවින
ඒහි පස්සික කියා    පැවසින

5.      තම සිත් සතන්                          තුළ
උපදවා ගත යුතු                        බල
ඇති බැවින් හැම                       කල
ඕපනයිකය දහම                 නිකසල

6.      තම තම නැණ                මගින්
දහම දත යුතු              මැනවින්
පච්චත්ත                   වශයෙන්
වෙදිතබ්බය කියති       එබැවින්
සඟ ගුණ වන්දනාව

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයියෝ පාහුනේයියෝ දක්ඛිණෙයියෝ අංජලිකරණෙයියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේත්තං ලෝකස්සාති.

සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
යේච සංඝා අතීතාච
යේච සංඝා අනාගතා
පච්චුප්පන්නාච යේ සංඝා
අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං
සංඝෝ මේ සරණං වරං
එතේන සච්ච වජ්ජේන
හෝතු මේ ජයමංගලං

උත්තමංගේන වන්දේහං
සංඝං ච තිවිධං වරං
සංඝේ යෝ බලිතෝ දොසො
සංඝෝ ඛමතු තං මමං


සඝ ගුණ කවි

1.      මුනිඳු දෙසු              විලසින
මහඟු පිළිවෙත්        සුරකින
අරිය අට සඟ               ගණ
සුපටිපන්නය කියා පැවසින

2.      නොවක් ලෙස          සොඳිනා
මැදුම් පිළිවෙත            පුරනා
බැවින් සඟ                 රුවනා
යුතුයි උජුපටිපන්න  ගුණෙනා

3.      සඟ මැදට                    එන්නෝ
අරි අට මඟ                  යන්නෝ
ඤාය පටි                     පන්නෝ
කියා එබැවින් හැඳින්  වෙන්නෝ

4.      පුදමින් සිව්                     පසය
උවැටන් වලට               සුදුසුය
එබැවින් සඟ                 ගණය
කියති සාමීචි පටි         පන්නය

5.      දුර සිට රැගෙන                   එන
දෙයකින් වූව ද           සදැහෙන
පිදුමට නිසි                     බැවින
ආහුනෙයයයි අරිය සඟ      ගණ


6.      පළමුව අන්                       සැමට
නිසි වන බැවින්                පිදුමට
මහ සඟ රුවන                    සෙට
පාහුනෙයයයි අනුව           දහමට

7.      උතුම් සැප ලැබ            දෙන
දනක් දීමට නිසි              වන
බැවින් මහ සඟ              ගණ
දක්ඛිනේයයයි කියා  පැවසින

8.      ඇඳිලි බැඳ                   මැනවින්
පිදුමට නිසිය                සැබවින්
සඟ රුවන                   එබැවින්
යුතුයි අඤ්ජලිකරණි   ගුණයෙන්

9.      ලොව සැදැහැ ඇති              දන
පින නමැති බිජු              වපුරන
සරු කෙත වන               බැවින
අනුත්තර පින් කෙතය සඟ ගණ


ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව

වන්දාමි චේතියං සබ්බං
සබ්බ ඨානේ සු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා

සුපිහිටිය හැමතැන
මුනිඳු ගුණ සිහි කරවන
දා බෝ පිළිම යන
උතුම් තුන් සෑ වදිම් සැමදින

බෝධීන් වහන්සේ වන්දනා කිරීම

යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බයුතං සත්ථා
වන්දේතං බෝධි පාදපං

අප බෝ සතුන්            හට
කෙලෙස් සතුරන්    දිනුමට
සෙවන දුන් බෝ      සමිඳුට
වඳිමි බුදුගුණ සිහි      කොට

ඉමේ එතේ මහා බෝධි
ලෝක නාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි
බෝධි රාජා නමත්ථු තේ



අප මුනිඳුන්   වෙතින්
පුද ලැබූ බෝ සමිඳුන්
මම ද නමදින්   නෙමි
මාගේ වැඳුම    වේවා

පහන් පූජාව

සද්ධාය සම්පදිත්තේන
දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමොනුදං

සැදැහැ බර සිතකින්
දැල් වූ පහන් එළියෙන්
තිලොවට එළිය දුන්
සම්බුදු රදුන් පුදනෙමි


සුවඳ දුම් පූජාව

ගන්ධ සම්භාර යුත්තේන
ධූපේනාහනං සුගන්ධිනා
පූජයේ පූජනීයං තං
පූජා භාජන මුත්තමං

සුවඳින් සුවඳවත්
මේ සුවඳ දුම් රැල්ලෙන්
හැම පුදට නිසිවන
සම්ම්බුදු රදුන් පුදනෙමි


මල් පූජා කිරීම

වණ්ණගන්ධගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස
සිරිපාද සරෝරුහේ

පැහැ සුවඳ ගුණ ඇති
මෙපියකරු වූ මල් රැස
පුදමි බුදු සමිඳුට
සිරිපා පියුම් අබියස

පූජේමි බුද්ධං කුසුමේනනේන
පුඤ්ඤේනමේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදං මේ
කයෝ තථායාති විනාසභාවං

බුදු හිමි මේ මලින්
පුදා සැනසෙමි නිවනින්
මල පරව යන සේ
මාගේ සිරුරත් වැනසේ

සමාකර ගැනීම

කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං
අච්චයං ඛම මේ භන්තේ
භූරිපඤ්ඤ තථාගත

සිත කය වචනයෙන්
පමාවෙන් කල වරදට
සම්බුදු පියාණෙනි
සමාවුව මැන මා හට

කරණීය මෙත්ත සූත්‍රය සියලු දෙනා එක්ව සජ්ක්ධායනය කරන්න.

විනාඩි පහක් මෛත්‍රී භාවනාව වඩන්න.

මම නිදුක් වෙම්වා ! නීරෝගී වෙම්වා !
සුවපත් වෙම්වා ! වෛර නැත්තෙක් වෙම්වා !
තරහ නැත්තෙක් වෙම්වා !
මා මෙන්ම මාගේ දෙමව්පියෝ ද,
මාගේ ගුරුවරු ද,
මාගේ හිත මිතුරෝ ද,
මැදහත් සත්වයෝ ද,
මට වෛර කරන්නා වූ සත්වයෝ ද,
සියලු ලෝක වාසී සත්වයෝ ද,
නිදුක් වෙත්වා !
නීරෝගී වෙත්වා !
සුවපත් වෙත්වා !

දුකින් පෙළෙන සත් දුකින්                  මිදෙත්වා !
බියෙන් සැලෙන සිත් බියෙන්              මිදෙත්වා !
සොවින් තැවෙන සත් සොම්නස්           වෙත්වා !
නිතින් මෙහැම සත් සුවපත්                   වෙත්වා !

මෙත් කරුණා ගුණ සිත් තුළ බිහි වී
සාමය සමඟිය ලෝ තුළ රජ වී
සැමදෙන එක මවකගේ දරු කැල මෙන්
සොම්නස් වෙත්වා ! සැනසෙත්වා !

පින්දීම හා ප්‍රර්ථනා

ආකාසට්ඨා ච භුම්මට්ඨා
දෙවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං  අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ලෝකසාසනං

අහසෙහිද පොළවෙහි    -  දෙවි නා පිරිස් තෙද ඇති
සතුටු වී මෙපිනෙන්       -  රකිත්වා ලෝ සසුන්  බෝකල්

දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
වීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ

කල් වැසි වසීවා            - කෙත් වතු සාර වේවා
සත් සිත් නිවේවා          - රජය දැහැමිව ලෝවැඩ වේවා !

ඉදං මේ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ

මියගිය නෑයන්ට මෙපින් රැස හිමි වේවා
ඒ පින් බලෙන් නෑයෝ සදා සුවපත් වෙත්වා

ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාණ පත්තියා

සිදු කළ මේ පිනෙන්
දුදන ඇසුරක් නොමැතිව
නිවන් දක්නා තුරු
සුදාන ඇසුරම වේවා !


මවට හා පියාට වැඳීම

දසමාසේ උරෙකත්වා
පොසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමා මහං

දසමාසයක් මා කුස තුළ දරා ගෙන
ලේ කිරි කර පොවා හැදු වැඩු දයාවෙන
සියවසකටත් වැඩි ආයුෂ ලබාගෙන
වැජඹේ ! මවුනි පතනෙමි පා වැඳ බැතින

දසමාසමුදරේ කත්වා
පොසේසි කරුණාය මං
මාතරං තං අහං වන්දේ
පුඤ්ඤං දත්වාන සාදරං

දසමස් කුස දරා
කරුණා සිතින් මා හැදු
මගේ මෑණියන් හට
වඳිමි අදරැති සිතින් පින් දී

වුද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බ්ත්වා පිය පුත්තකං
රාජ මජ්ක්ධං සුපටිත්තං
පීතු පාදං නමාමහං

අදරැති පුතුනි ! යයි මා සිප වැළඳ    ගෙන
අපමණ ගැහැට විඳ ඇති දැඩි කළ පෙමින
රජුන් මැදට වුව යෑමට හැකි        ලෙසින
දිරි දුන් පියාණනි ! පා නමදිම්       බැතින

පපා මං නිවරෙත්වා
කල්‍යාණේ මං නිවේසයි
පිතරං තං අහං වන්දේ
පුඤ්ඤං දත්වාන සාදරං

පාපයෙන් වළකා
යහපතෙහි මා යෙදවූ
මගෙ පියාණන් හට
වඳිමි අදරැති සිතින් පින් දී

දහම් පාසැල් ශිෂ්‍ය ප්‍රතිඥාව

දහම් පාසල් දරුවකු වන මම
1.      පන්සල ඇසුරු කරමින් උතුම් වූ බුදු දහම ලැදියාවෙන් හදාරමි.
2.      නිති පන්සිල් සුරකිමින් බෞද්ධ වතාවත් වල සැලකිල්ලෙන් යෙදෙමි.
3.      දිනපතා තෙරුවන් පුදකර භාවනාවේ යෙදෙමි.
4.      උදේ සවස දෙමාපියන් වඳිමි.
5.      සංඝ රත්නයට, ගුරු දෙගුරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව හා ගෞරවයෙන් යුක්තව හැසිරෙමි.
6.      හැකි පමණින් අනුන්ට උපකාර කරමින් කා සමඟත් සාමයෙන් සමගියෙන් ජීවත් වෙමි.
7.      මගේ මව්බිමට හා මව්බසටත් ජාතියට හා ආගමටත් දිවිහිමියෙන් ආදරය කරමි.

1.      ශිෂ්‍ය කතාවක්
2.      ආචාර්ය මණ්ඩලයේ කතාවක්
3.      ස්වාමීන් වහන්සේගේ අනුශාසනය

දහම් පාසල් ගීතයෙන් අනතුරුව

සුගත හිමි              නාමය
වී ලොව කුසුම්        දාමය
දුරුව බල               කාමය
උදා වේවා ලෝක   සාමය


ආචාර්ය මණ්ඩලයට එකවර වැඳීම.

ඕවාද සිප්ප දානෙන
සික්ඛා පේති මමං ගරු
සගාර  වේන  චිත්තෙන
අහං වන්දාමි තං ගරු

ඕවා සිප්                                 දීමෙන
මා හික්මවන                        පේමෙන
ඇදුරු හද                            බැතියෙන
වඳිමි ගරු සිත පෙරටු        කොටගෙන

සිසුන් පේළියට විනීතව පන්තිවලට යාම.

දිවයිනෙන්ම සිවු වන තැනට

0 comments

"දහම් පා" දහම් පාසලේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබ්න සනිති සෙනුල්‍යා කොළඹතන්ත්‍රී ශිෂ්‍යාව සමස්ත ලංකා දහම් පාසල් තරගවලියේ පද්‍ය ගායනා තරගයෙන් සිව් වන තැන ලබා ගන්නා ලදී. ඇයට යහපත් අනාගතයකට අපගේ සුභ පැතුම්!

වාර්ෂික අධ්‍යාපන චාරිකාව

0 comments


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්


වාර්ෂික අධ්‍යාපන චාරිකාවේ සොදුරු මතකයන්

2600 සම්බුද්ධත්ව ජයන්ති සඟරාව

0 comments

'දහම් පා ' දහම් පාසල මගින් ඉදිරිපත් කල 2600 සම්බුද්ධත්ව ජයන්ති සඟරාවබලන්න,  pdf එක බාගන්න.

https://docs.google.com/open?id=0B9IfX-gJ_3JycTZZMEV4T3hJRlE

වාර්ෂික ආචාර්ය මණ්ඩලයේ චාරිකාව 2010

0 comments


නුවරඑලිය වික්ටෝරියා උද්‍යානය 

හග්ගල උද්‍යානය 

බණ්ඩාරවෙල 



 දුන්හිද 
 දුන්හිද

මුතියංගනය 

මහියංගනය 

මහියංගනය 


වාර්ෂික දහම් පා ආචාර්ය චාරිකාව 2009



බුදුරුවගල - 2009

බුදුරුවගල - 2009
 බුදුරුවගල - 2009

 මගුල් මහා විහාරය - 2009

 මගුල් මහා විහාරය - 2009

  මගුල් මහා විහාරය - 2009


කථික හා විවාද වැඩමුළුව

0 comments

දහම් පා දහම් පාසල මගින් සංවිධානය කළ කථික හා විවාද වැඩමුළුව 2009 මැයි 25 වන දින දහම් පා දහම් පාසලේදී පවත්වන ලදී. මෙහිදී අවට දහම් පාසල් කිහිපකයකම සිසුන්ට හා ගුරු භවතුන්ට කථික විවාද හා නිවේදන පිළිඹඳ දැනුම පුළුල් කර ගැනීමට අවස්තාව හිමි විය.

මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් සිය දේශනය අතරතුර 

කථිකාචාර්ය දර්ශනපති සිරිනාම බණ්ඩාර මහතා සිය දේශනය පවත්වමින් 


වැඩමුළුවට සහභාගී වූ සිසුන් හා ගුරු භවතුන් 

'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2008

0 comments

දහම්පා දහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ  'දහම්පා' අන්තර් ධර්ම පාඨශාලීය විවාද තරඟාවලිය 2008 ඔක්තෝම්බර් 19 වන දින දහම්පා දහම්පාසලේදී පවත්වන ලදී. එහි ශූරතාවය ලබා ගැනීමට දහම් පා විවාද කණ්ඩායම සමත් විය.


ජයග්‍රාහී දහම්පා විවාද කණ්ඩායම 

අවසන් මහා තරඟයට සූදානමින් 

තරඟාවලියේ විනිසුරුතුමන්ලා 

සම්බුදු හිමිගේ සඳහම් සිසිලෙන් සැනසෙන අප සිරි ලක් දරුවෝ  

දහම්පා දහම් පාසලේ 61 වන සංවත්සරය

0 comments

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 


දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන් 

දහම් පාසලේ 61 වන සංවත්සරයේ සොඳුරු මතකයන්