...


Showing posts with label අධ්‍යාපනික. Show all posts
Showing posts with label අධ්‍යාපනික. Show all posts

දහම් පාසල් අවසාන විභාග පසුගිය ප්‍රශ්න පත්‍ර

76 comments

දහම් පාසල් විභාග පසු ගිය ප්‍රශ්න පත්‍ර
daham pasal awasana exam past papers

මෙතනින් බා ගන්න

වස්‌ පුරන්නට පහසු ගුණධර්ම (තෙළෙස්‌ ධුතාංග)

4 comments

භික්‍ෂූන් වහන්සේලා විසින් රකින ලද මෙම තෙළෙස්‌ ධූතාංග උසස්‌ ගුණධර්ම හැටියටයි හඳුන්වාදී ඇත්තේ, බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මෙම ගුණධර්ම ආරක්‍ෂා කර ඇති අතර, රහත් නොවූ භික්‍ෂූන් වහන්සේලා ද මෙම ගුණධර්ම කිහිපයක්‌ හෝ ආරක්‍ෂා කරමින්, පැවිදිs ජීවිතය ගත කරනු ඇත. විශේෂයෙන් බුදු සසුනේ සිටි මහ රහතන් වහන්සේලා අතුරින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ චරිත කතාව විග්‍රහ කිරීමේදී, මෙම සියලු ගුණධර්ම පිළිවෙළට ආරක්‍ෂා කළ බව සඳහන් වේ. සසර දුකින් ගැළවෙන්නට කැමැති, අමා මහ නිවන් දකින්නට කැමැත්තක්‌ දක්‌වන භික්‍ෂූන් වහන්සේලා සතර ඉරියව්වෙන්ම සිව්පසය පිළිබඳ පැවතිය යුතු අන්දම මෙම තෙළෙස්‌ ධූතාංගවලින් පෙන්වාදී ඇත. එම තෙළෙස්‌ ධූතාංග නම්, 01. පංශුකුලිකාංගය, 02. තෙචීවරිකාංගය, 03. පිණ්‌ඩපාතිකාංගය, 04. සපදාන චාරිකාංගය, 05. ඒකාසනිකාංගය. 06. පත්තපිණ්‌ඩිකාංගය, 07. ඛලුපච්ඡාභත්තිකාංගය, 08. ආරඤ්ඤිකාංගය, 09. රුක්‌ඛමූලිකාංගය, 10. අබ්භොකාසිකාංගය, 11. සොසානිකාංගය, 12. යථාසන්ථතිකාංගය, 13. නේසඡ්ජිකාංගය පංශුකුලිකාංගය පළමු ගුණාංගය වන්නේ පංශුකුලිකාංගයයි. එනම්. පාංශුකුල සිවුරු පරිහරණය කිරීමයි. පාරවල්, සොහොන්පලවල්, කැලි කසළ, ගොඩවල් ආදී අපිරිසිදුතැන්වලින් අහුලාගත් පස්‌, මඩ, කැලි කසළ තැවරුණු රෙදිවලින් සිවුරු සකස්‌ කරගෙන,ඒවා ඇඳීම. පෙරවීම මෙයින් පැහැදිලි කොට ඇත. භික්‍ෂු ජීවිතය වනාහි ඉතාම චාම්කමින් යුත්, කාටවත් හිරිහැරයක්‌ කරදරයක්‌ නැති, ලද දෙයින් සතුටු වන සැහැල්ලු ජීවිතයකි. විනය පිටකයට අනුව භික්‍ෂූන් වහන්සේගේ මහණකම කරුණු සතරක්‌ නිසා පැවතිය යුතු බව දේශනාකොට ඇත. විශේෂයෙන් උපසම්පදාව ලබන නවක භික්‍ෂූන් වහන්සේ නමක්‌ සීමා මාලකයේ දිවි හිමිකොට පවත්නා ලෙස අනුශාසනා ලබන මේ නිස්‌සය ධර්ම සතර මැනවින් ආරක්‍ෂා කළ යුතුය. තමන් වහන්සේට වෙනත් සිවුරු පිරිකර, දානමාන, ආවාස පන්සල්, බේත් හේත් ලැබෙනවා නම්, ඒවා පරිහරණය කළ යුත්තේ, අර මුලින් කියන ලද පංශුකුල (සිවුරු), පිණ්‌aඩපාත (භෝජන), වෘක්‍ෂමූල (සේනාසන), පූතිගත්ත (භේසඡ්ජ) යන හැඟීමෙනි. ධූතාංග පුරන භික්‍ෂූන් වහන්සේ එයම කළයුතු බව සඳහන් වේ. තෙචීවරිකාංගය දෙවැනි ගුණාංගය වන්නේ, තෙචීවරිකාංගයයි. එනම්, භික්‍ෂූන්ට ආවේනික දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳින සිවුරු, පමණක්‌ ඇඳීම, පෙරවීම කළයුතු බවයි. ජල ස්‌නානය කිරීමේදී පවා වෙනත් සිවුරක්‌, නානකඩයක්‌ හෝ පරිහරණය කිරීම නොකළ යුතුය. "චතුත්aථක චීවරං පටික්‌පාමි තෙචීවරිකාංගං සමාදියාමි" සතරවැනි සිවුරු ප්‍රතික්‍ෂේප කරමි, තුන් සිවුරු පමණක්‌ සමාදන් වෙමි, යන දේශනා පාඨයෙන් ඒ බව පැහැදිලි වේ. පිණ්‌ඩපාතිකාංගය තුන්වැනි ගුණාංගය වන්නේ පිණ්‌ඩපාතිකාංගයයි. එනම් පිඬු පිණිස වැඩමකොට ලැබෙන දානය මිසක්‌ වෙනත් කිසිම දානයක්‌ නොවැළඳීමයි. සිව්පසය තුළ අන්තර්ගත වන දෙවැනි කාරණය හැටියට හැඳින් වෙන්නේ ද පිණ්‌ඩපාතයයි. එනම්, ආහාරයයි. ජීවිතයක්‌ ආරක්‍ෂා වන්නේ ආහාරය තුළිනි. "සබ්බේ සත්ථා ආහාරට්‌ඨිතිකා" යනුවෙන් දැක්‌වෙන්නේ ද එයයි. එසේ වුවද, මෙහිදී සඳහන් වන්නේ, වෙනත් ක්‍රමයකින් ආහාර සොයා අනුභව කිරීමට උත්සාහ නොකර, පිණ්‌ඩපාතයෙන් වැඩමකොට, එයින් ලැබෙන දානය පමණක්‌ වළ¹, ජීවිතය ආරක්‍ෂා කර ගැනීමයි. සපදාන චාරිකාංගය- සතරවැනි ගුණාංගය වන්නේ සපදාන චාරිකාංගයයි. එනම්, ගෙපිළිවෙළින් පිඬු පිණිස වැඩම කිරීමයි. කිසිම හේතුවක්‌ නිසාවත්, කිසිම ගෙයක්‌ අත්හරින්නේ නැතිව පිණ්‌ඩපාතේ යාම මෙහි විශේෂත්වයයි. සාමාන්‍ය වශයෙන් පිණ්‌ඩපාතයේ යෙදීමේදී සමහර ගෙවල් පසුකොට යාම සිදුවේ. යම් යම් හේතූන් නිසා සමහර ගෙවල්වලට නොයනු ඇත. එසේ වුවද, එම ගුණාංගයෙහිs පිහිටි භික්‍ෂූන් වහන්සේ පිළිවෙළට සියලුම ගෙවල් හසුවන පරිදි පිණ්‌ඩපාතයේ ගොස්‌ එම ගුණාංගය ආරක්‍ෂා කරනු ඇත. ඒකාසනිකාංගය පස්‌වැනි ගුණාංගය වන්නේ ඒකාසනිකාංගයයි. එනම්, එක ආසනයක්‌ පමණක්‌ පරිහරණය කිරීමේ ගුණාංගයයි. මෙය සමාදන් වන භික්‍ෂූන් වහන්සේට විශේෂයෙන් දන් වැළඳීමේදී, එය අනුගමනය කිරීම දුෂ්කර කාර්යයක්‌ වන බැවින්. දාන ශාලාවේදී වෙනම ආසනයක්‌ වෙන් කර ගැනීම කළ යුතුය. මෙය සමාදන් වන්නේ "නානාසන භෝජනං පටිCපාමි ඒකාසනිකංගං සමාදියාමි" යන නොයෙක්‌ නොයෙක්‌ ආසන ඉවත් කරමි. එක ආසනයක්‌ පමණක්‌ පරිහරණය කරමි, යන ශික්‍ෂා පදයට අනුකූල වෙමිනි. පත්තපිණ්‌ඩිsකාංගය හය වැනි ගුණාංගය වන්නේ, පත්තපිණ්‌ඩිකාංගයයි. එනම්, පාත්‍රයේ පිඬු (ආහාර) පමණක්‌ වැළඳීමයි. දන් වැළඳීම සඳහා වෙනත් කිසිම පිඟානක්‌, කෝප්පයක්‌වත් නොගන්නා අතර, සෑම දේකටම පාත්‍රය පමණක්‌ යොදාගනු ඇත. මෙසේ වැළඳීමේදී, පාත්‍රයේ ඇති සියලු ආහාර ඉතිරි නොකොට වැළඳිය යුතුය. වැළඳීමට අපහසු දෙයක්‌, අකැමැති දෙයක්‌ තිබුණත් ඒ සියල්ල වැළඳීම මෙහි ඇති විශේෂත්වය වේ. එයින් පැහැදිලි වන්නේ, ඒ තරමටම එම ගුණාංගය ආරක්‍ෂා කිsරීම අපහසු බවයි. එසේ වුවද, මධ්‍යස්‌ථ සිතින් පාත්‍රයේ ඇති සියලු ආහාර වළ¹, මෙත් වැඩීම තුළින් සත්ත්වයාට යහපත කැඳවනු ඇත. බලුපච්ඡාභත්තිකාංගය හත්වැනි ගුණාංගය වන්නේ, බලුපච්ඡාභත්තිකාංගයයි. එනම් වළ¹ ඉතිරිවූ ආහාර හෝ වැළඳීම ප්‍රතික්‍ෂේaප කර ඇති ආහාර නොවැළඳීමයි. මුලින් ලැබුන දානමාන මිසක්‌, පසුව ලැබෙන දානමාන නොවැළඳීම මෙයින් පැහැදිලි වේ. එක්‌වරක්‌ මිස, දවසට දෙතුන් වරක්‌ වැළඳීමේ සිරිත මෙම ධූතාංග සමාදන් වන භික්‍ෂූන් වහන්සේලා තුළ කිසි මොහොතක නොමැත. ඒ අනුව බැලීමේදී මතඤ්ªතාවෙන් යුතුව, (ආහාර පමණ දැන) වැළඳීමක්‌ද සිදුකරනු ඇත. බණ භාවනා කිරීමේ පහසුවත්, සැහැල්ලු දිවි පැවැත්මත් උදෙසා මෙම ගුණාංගය ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ. අරඤ්ඤිකාංගය අටවැනි ගුණාංගය වන්නේ අරඤ්ඤිකාංගය එනම්, ගම් පියසෙන් ඈත්ව ආරණ්‍යවල. වනාන්තරවල වාසය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දවස, වස්‌ කාලයේදී බොහෝ භික්‍ෂූන් වහන්සේලා කමටහන් රැගෙන බණ භාවනා කිරීම සඳහා වනාන්තරවලට ගොස්‌ උත්සාහ කිරීම සාමාන්‍ය ක්‍රමය විය. ඒ සඳහා ග්‍රාම්‍ය ප්‍රදේශවල වනාන්තර තෝරා ගන්නා ලද්දේ, පිණ්‌ඩපාතකර, පැවිදි ප්‍රවෘඡ්ජාව ගෙන යැමේ පහසුව තකාය. බුදුන් දවස භික්‍ෂූන් වහන්සේලා මේ අංග සමාදානයෙන් කටයුතු කළ බව දක්‌නට ලැබේ. ආරඤ්ඤිකාංගය සමාදන් වූ භික්‍ෂූන් වහන්සේ "ගාමන්තර සේනාසනං පටිCපාමි අරඤ්ඤකංගං සමාදියාමි" යන්නෙන් එය සමාදන් වූ ආකාරය පැහැදිලි වේ. වෘක්‍ෂමූලිකාංගය නවවැනි ගුණාංගය වන්නේ වෘක්‍ෂමූලිකාංගයයි. එනම්. ගසක්‌ මුල වාසය කිරීමයි. "අප්පානි චෙව සුලබානි ච තානිච අනවඡ්ජානි" යනුවෙන් අංගුත්තර නිකායේ, චතුත්ත නිපාතයේ දක්‌වා ඇත. රුක්‌ මුල්, සෙනසුන් ඉතා අඩු බවත්, ඉතා සුලභ බවත්, ඉතා හොඳ බවත්, බුදුරජාණන් වහන්සේ එහිදි දේශනා කොට ඇත. එදා බුදුන් දවස බහුතරයක්‌ භික්‍ෂූන් වහන්සේලා විශාල වෘක්‍ෂමුල යට බණ භාවනා කළ අයුරු නොයෙක්‌ කතා පුවත් තුළින් පැහැදිළි වේ. සමහරක්‌ වෘක්‍ෂයන් පාමුල මහා වර්ෂාවකට පවා නොතෙමී හිඳීමට පුළුවන්කමක්‌ ඇත. බුදුරජාණන් වහන්සේ ද බුදු විමට ඇසතු වෘක්‍ෂය තෝරා ගන්නට ඇත්තේද, එම සියලු කරුණු මුල් කරගෙන බව අපට සිතීමට පුළුවන. අබ්භොකාසිකාංගය දහවැනි ගුණාංගය වන්නේ, අබ්භොකාසිකාංගයයි. එනම්, එළිමහනේ වාසය කිරීමයි. භික්‍ෂූන් වහන්සේලා මුවන් මෙන් කිසි තැනක ඇල්මක්‌ නැතිව වාසය කරන බව සංයුක්‌ත නිකායේ වන සංයුත්තයේ දේශනාකොට ඇති බව දැක්‌වෙන්නේ, "මිගා විය අසංග චාරිනො අනිකෙකා විහරන්ති භිCඛුනො" ආදී වශයෙනි. රහතන් වහන්සේලා හා ඒ මගට පිවිසීමට වෙර දරණ පැවිදි උතුමන්ලා කිසිතැනකට ආසාවෙන් එක තැන අල්ලාගෙන ඇඳ බැඳ ගැනීමට උත්සාහ නොකරනු ඇත. එවැනි උතුමන්ලා කෙළෙස්‌ ඇති අය ඇලුම් නොකරන ගස්‌, ගල්, පර්වත, ගුහා වන දුර්ගා ආදී රමණීය ප්‍රදේශ තුළ බවුන් වඩමින්, සසරින් මිදීමේ මගට පිවිසෙනු ඇත. ඒ අනුව, කිසි තැනක ඇල්මක්‌ නොකරනු ඇත. සොසානිකාංගය එකොළොස්‌ වැනි ගුණාංගය වන්නේ සොසානිකාංගයයි. එම්, සොහොනක වාසය කිරීමයි. සොහොනක වාසය කිරීමේදී, එයින් සිදුවිය හැකි උවදුරු දුරු කර ගන්නට පන්සලේ ලොකු හාමුදුරුවන්ට, ගමේ රාළහාමිට කල් ඇතිව කියා තිබිය යුතු බව දැක්‌වෙනවා. රාත්‍රී කාලයේදී මිනිසුන් නින්දට පිවිසි පසු සොහොනට වඩින භික්‍ෂූන් වහන්සේ, එළිවෙන්නට පෙරාතුව සොහොනෙන් ආපසු පිටවිය යුතු බව සඳහන් වෙනවා. මෙම ගුණාංගය වැඩිපුරම අවශ්‍ය වන්නේ, මරණානුස්‌සති භාවනවා (මරණය පිළිබඳ) වැඩීමට බව වටහාගත යුතුය. යථාසන්ථිතිකාංගය දොළොස්‌ වැනි ගුණාංගය වන්නේ යථාසන්ථිතිකාංගයයි. එනම්. ලැබුණු දෙයින් සතුටුවීමේ ගුණාංගයයි. ඒ බව "යං ලද්ධං තෙන තුට්‌ඨබ්බං" යනුවෙන් දේශනා කොට ඇත. තමන්ට ලැබුණ සෙනසුනේම වැඩ වාසය කිරීම එයින් ගම්‍යමානවේ. ලැබුණු සෙනසුන කෙබඳු එක්‌ක වුවද, කරදර උවදුරු සහිත වුවද, පහසුකම් නැති වුවද, තුෂ්ණිම්භූතව පිළිගෙන, එහිම වාසය කිරීමේ ගුණයයි. මෙම ගුණාංගය ආරක්‍ෂා කරන භික්‍ෂූන් වහන්සේ වාසය කිරීම සඳහා වැඩි පහසුකම් නොසොයනු ඇත. තමන්ගේ එකම අභිමතාර්ථය වන්නේ සසරින් මිදීම බැවින්, ඒ සඳහා වැඩි සුවපහසු ස්‌ථාන, සේනාසන නොසොයනු ඇත. ලැබුණ ඕනෑම දුෂ්කර ස්‌ථානයක්‌ තුළ ඉඳිමින් වුවද, විමුක්‌තිය කරා ළඟා වීමට උත්සාහ කරනු ඇත. නේසඡ්ජිකාංගය අවසාන ගුණාංගය නොහොත් දහතුන් වැනි ගුණාංගය වන්නේ නේසඡ්ජිකාංගයයි. මෙම ගුණාංගය ආරක්‍ෂා කරන්නන් තුළ ඇති විශේෂත්ව වන්නේ, යාම් - ඊම්, ඉඳුම් හිටුම්, සැතපීම් යන සතර ඉරියව්වෙන් සැතපීම අත්හැර අනෙක්‌ ඉරියව් තුනෙන් පමණක්‌ කල්ගත කිරීමයි. එහිදී වාඩිවී සිටීම පමණක්‌ නොකළ යුතු අතර, සක්‌මන් කිරිම ද කළ යුතුය. චCඛුපාල තෙරුන් වහන්සේ නේසඡ්ජිකාංගය සමාදන්ව වස්‌ කාලය පුරා එය ආරක්‍ෂා කරන්නට උත්සාහ දැරීම නිසා නිදි නොලැබීමෙන් ඇස්‌ අන්ධ වූ බව ධම්ම පදට්‌ඨ කතාවේ සඳහන්වේ. උන්වහන්සේගේ ඇස්‌ රෝගයට ලැබුණු බෙහෙත් ඊට අදාළ අන්දමට ගන්නට මේ ධූතාංග සමාදානය නිසා නොහැකි විය. ඒ අනුව එහි බැරෑරුම් බව තේරුම් ගැනීමට පුළුවන. ඉහතින් සඳහන් කරන ලද මෙම තෙළෙස්‌ ධූතාංග සමාදන් වන භික්‍ෂූන් වහන්සේ, තමන් කිසිසේත්. කිසිවකුට තමන් වහන්සේ ධූතාංගයක්‌ සමාදන් වූ බවක්‌ අඟවන්නේ නැත. භික්‍ෂූන් වහන්සේලා දෙනමක එකට වැඩ වාසය කළත්, ඒ බවකාටවත් ඇඟවීමක්‌ කරන්නේ නැත. දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේ විනාශ කරන්නට ගත් සියලු උත්සාහ අසාර්ථක වීමෙන් පසුව උන්වහන්සේගෙන් ඉල්ලීම් පහක්‌ කළේය. එයින් හතරක්‌ම මේ ධූතාංගවලට අයත් වේ. මස්‌, මාලු නොවැළඳිය යුතු බව පමණයි. මෙයින් බැහැර කළ ඉල්ලීම වන්නේ, සියලුම භික්‍ෂූන් වහන්සේලා දිවි හිමියෙන් පංශුකූල චීවරධාරීව, පිණ්‌ඩපාතිකව, ආරණ්‍යගතව හා වෘක්‍ෂ මූලිකව ජීවත් විය යුතු බව ඉතිරි ඉල්ලීම් හතර වන්නේය. භික්‍ෂූන් වහන්සේලා එම ධූතාංග පිරීම නිසා පැහැදුන අයගේ වැඩි පැහැදීමත්. නොපැහැදුණන අයගේ පැහැදීමටත් වඩා වර්ධනය වේ. මෙයින් ලැබෙන තවත් ආනිශංසයක්‌ ලෙස අල්පේච්ඡතාව නොහොත් බොහෝ කැමැති නොවීමත් දැක්‌වීමට පුළුවන. එසේම, චාම්කම් මෙන්ම, විවේකීව වාසය කිරීමත්, කවර දෙයක්‌ කෙරෙහි වුවද ඇල්මක්‌, ආශාවක්‌ නැතිව වාසය කිරීමත්, තමන්ගේ අරමුණ ඉටු කර ගැනීමේ ඉමහත් උත්සාහයෙන් කටයුතු කිරීමත් මෙයින් සිදුවන තවත් කරුණු කිහිපයකි. භික්‍ෂූන් වහන්සේලාට මෙම ගුණාංග දහතුනම සමාදන් වීමට පුළුවන් වුවද, භික්‍ෂුණීන් වහන්සේලාට සමාදන් විය හැක්‌කේ අටක්‌ (8) පමණි. විනය නීතියට අනුව, ආරඤ්ඤිකාංගයන්, බලුපච්ඡාභන්තිකාංගයත් සමාදන් වීම තහනම් ය. එසේම අබ්භොකාසිකාංගය, රුක්‌ඛමූලිකාංගය හා සොසානිකාංගය භික්‍ෂූන්ට පිරීම අපහසු කාර්යයක්‌ වන්නේය. තේවීවරිකාංගයත් සාමණේරයන්ට තහනම් කොට ඇති නිසා, ධූතාංග දොළහක්‌ පමණක්‌ ආරක්‍ෂා කළ හැකිය. සික්‌ඛමානාවන්ටත්,සාමණේරයන්ටත් මෙයින් සම්පූර්ණ කළ හැක්‌කේ ධූතාංග හතක්‌ (7) පමණි. භික්‍ෂුණීන්ට පුරන්නට නුසුදුසු ධූතාංග පහෙන් (5) තේවීරවරිකාංගයත් හැර ඉතිරි හත පමණක්‌ පුරන්නට අවසර, හැකියාව තිබේ. සමස්‌තයක්‌ වශයෙන් ගත් කළ මෙම ගුණාංග දහතුනම උසස්‌ ගුණාංග වශයෙන් හැඳින්විය හැකි අතර, මෙම ගුණාංග වස්‌ කාලයට පමණක්‌ සීමා වුවක්‌ද නොවේ. පිරිය හැකි නම්, ඕනෑම කාලයකට සුදුසු වගේම ප්‍රතිඵල ලැබිය හැකි සංදෘෂ්ඨික විපාක ලබාදන ගුණධර්මයෝ වෙති. එසේ වුවද, වස්‌ කාලය තුළ මාස තුනක්‌ තිස්‌සේ එකතැනක වසන බැවින්, එම ගුණාංග වර්ධනය කිරීම ඉතා පහසු ය. භික්‍ෂුන් වන්සේලා මෙම ගුණාංග වඩා වර්ධනය කිරීමෙන්, ගිහි බෞද්ධයන්ටද සිව්පසයෙන් උපස්‌ථාන කොට, පුණ්‍ය ශක්‌තිය වඩා වර්ධනය කර ගත හැකිය. ඒ අනුව, උතුම් වස්‌ කාලය තුළ ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම පුණ්‍ය ශක්‌තිය වඩා වර්ධනය වන කාලය ලෙස හැඳින්විය හැකි අතර ඒ තුළින් නිවන් මග පාදා ගැනීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ද පිවිසිය හැකිය. අපි සැම දෙනෙක්‌ම මෙම උතුම් ගුණධර්ම වඩා වර්ධනය කොටගෙන මෙලොව පරලොව සැනසිලිදායක ජීවිතයක්‌ ගත කොට, අවසන උතුම් අමා මහ නිවන් සුවයද ලබා ගැනීමට උත්සාහ කරමු.

බුදුරජාණන් වහන්සේ පිලිබද නූතන ඇගයීම්

2 comments

ලොව පහළවූ පරම පූජනීය මනුෂ්‍ය රත්නය බුදු පියාණන් වහන්සේය. උන්වහන්සේගේ අසහාය ඉගැන්වීම් ලොව පුරා අදත් මහත් ආන්දොලනයන් ඇතිකරයි. කාලයක් තිස්සේ පල්ලියේ යකඩ සපත්තුවටත්, ඉස්ලාම් කඩුපහරටත් යටවූ සත්‍ය දැන් ටිකින් ටික අලු ගසාදමා නැගිටීමට පටන් අරන් ඇත. මිනිසා ආගමික සදිරකරුවන් වූ යුගය අවසන්ය. සත්‍යයේ අරුණලු ලොපුරා වැයෙමින් ඇත. මහා බුද්ධිමතුන් සත්‍යය සොයා ආගමික යදම් බිද දමා ඉදිරියට එති. විද්‍යාවටහසු නොවූ බොහෝ සත්‍යයන් මිත්‍යාවන්යැයි කියූ යුගය අවසන් වී ඇත. විද්‍යාව යනු ප්‍රාථමික විෂයක් බවට පත්වී ඇත. පහලින් දැක්වෙන්නේ ලොව බිහිවූ මහා විද්වතුන් විසින් කරන ලද ප්‍රකාශයන්ය. සියල්ලෝ සන්සුන් සිතින් මෙම ලිපිය කියවත්වා. විසි වන සියවසෙහි ලොව විසූ මහා බුද්ධිමතා ලෙස සැලැකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879 – 1955 ) විසින් කරන ලද ප්‍රකාශයක් අද දින කතු වැකියේ ආරම්භය සඳහා යොදා ගැනීමට අදහස් කළෙමු. “දෙවියන් මිනිස් දුර්වලකම්වල එකතුවක්, බයිබලය බොළඳ කතාවක් ” ( http://lankacnews.com/sinhala/main-news/83648/) (http://rt.com/art-and-culture/einstein-god-letter-bible-915/) “අනාගතයේ මනුෂ්‍ය වර්ගයා ගේ් ආගම වනු ඇත්තේ විශ්ව ආගමකි. එය ඒකදේව වාදය ඉක්ම විය යුතු අතර චිරන්තන සෛද්ධාන්තික දෘෂ්ටීන් ගෙන් ද බැහැර විය යුතු ය. තව ද එය මිනිසා ගේ ස්වභාවික මෙන් ම අධ්‍යාත්මික යන දෙඅංශය ම ආවරණය කළ යුතු ය. මෙකී අර්ථ කථනයට පිළිතුර බුදු සමය යි. ” ආචාර්ය ශර්වපල්ලි රාධක්‍රිෂ්ණන් නමැති ඉන්දියාවේ හිටපු ජනපතිවරයා තම රටේ උපන් ශ්‍රේෂ්ඨම පුරුෂ රත්නය වූ සිද්ධාර්ථ ගෞතමයන් ගැන පැවසු වදනක් මෙසේය. “බුදුරජාණන් වහන්සේ කෙදිනකවත් කෝපයට පත්වුනු අවස්ථාවක් අප අසා නොමැත. එමෙන්ම උන් වහන්සේ ශ්‍රී මුඛයෙන් නුසුදුසු පහත් වචනයක් කෙදිනකවත් පිටවී නොමැත. සැමවිටම බුද්ධිමත්ව කතා කරන්න. තමා කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට පෙර තමා ප්‍රකාශ කරන කරුනු ගැන සිතා බලන්න. බුදුදහම ආගමක් පමණක් නොව, ඉතා සම්භාවනීය ජීවිත දර්ශනයකි. තමා විසින් දේශනා කරන ලද උතුම් ගුණාංග සියල්ල එක් කළ උතුම් රත්නයක් වශයෙන් අප තථාගත බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකි බව ජර්මන් මහා පඬිවරයෙකු වන මහාචාර්ය මැක්ස් මුලර් මහතා පවසා ඇත. “මා කිතු බැතිමතෙකු නොවන්නේ ඇයි ? ” කෘතිය රචනාකල බ්‍ර්ට්‍රන් රසල් නම් වූ දාර්ශනිකයා බුදුරජාණන් වහන්සේ ගැන මෙසේ පවසයි. “ ඓතිහාසික පුද්ගලයන් අතර ප්‍රඥාවෙන් හා ශීලයෙන් ඉහළම ස්ථානයේ සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේය යන්න මට පිළිගත නොහැකිය. ඒ දෙකරුණින්ම ක්‍රිස්තුස්වහන්සේට වඩා බුදුරජාණන් වහන්සේ ඉහළ මට්ටමක සිටින බව මම සිතමි.” එතුමා කළ තවත් ප්‍රකාශයක් වන්නේ “ ලොව සුප්‍රසිද්ධ මා බුදු දහමට, විශේෂයෙන් මුල් බුදුදහමට කැමතිවන්නේ එය කිසිවෙකු නොපෙළන බැවිනි.” “ බුදුදහමමේ ” සාරය නැමැති ග්‍රන්ථය රචනා කල ලක්ෂ්මී නරසු නම් මහාචාර්යවරිය පවසා සිටින්නේ “ බුදුරජාණන් වහන්නේ ලෞකික ආශා නැමැති ගිණිගත් නිවස තුල දැවෙන දරුවන් බේරා ගැනීමට උපාය මාර්ග යොදන්නවූත් බේරාගැනීමෙන් පසු නිර්වාණ නම් ආරක්ෂිත ස්ථානයට මග පෙන්වන්නාවූත් පියෙකු බදුය.” ලෙසය. බුද්ධ ධර්මය ගැඹුරින් හදාළ එච්. ජී. වේල්ස් නමැති ඉතිහාසඥයා පවසන්නේ, බුදු රදුන් සමීපයේ සිටි අනුගාමිකයන්ට පවා ගැඹුරු බුද්ධ ධර්මය වටහා ගැනීමට හැකියාවක් නොතිබුණු බවයි. වරක් ආනන්ද හිමියන් බුදුරදුන් වෙත ගොස් මෙසේ පැවැසූ බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. “ඔබ වහන්සේ දෙසූ පටිච්ඡසමුප්පාද ධර්මය ඉතා ගැඹුරු බව මම දනිමි. එහෙත් මට එය තේරුම් ගත හැකිය. එවිට බුදුරදුන් මෙසේ වදාළහ. ආනන්දය, එසේ සිතන්න එපා. මේ දහම හොඳීන් වටහා ගැනීම තරමක් අසීරුය” තවත්වරකදි වේල්ස් මෙසේ සදහන් කරයි. “ බුදුරජාණ් වහන්සේ යන සංකල්පය තුල මා දකින්නේ ඉතා චාම් ධාර්මික මනුෂ්‍යයෙකිත ආලෝකය සදහා සටන්කල ප්‍රාණවත් පවුර්ෂයකි. ආශ්චර්යවත් මිත්‍යා ප්‍රමබන්ධයන්ගෙන් ආවරණය වූ (වෙන්වූ ) සැබෑ මිනිසෙකි. එතුමො සමස්ථ මිනිස් වර්ගයාට සාර්ව භෞමික පණිවිඩය දුන්හ. අපේ බොහො නූතන අදහස් උන්වහන්සේගෙ අදහස් හා ගැලපේ. ජීවිතයේ සියලුම දුක් ගැහැට හා අතෘප්තිකර තත්වයන්ට හේතුව ආත්මාර්ථකාමී බව එතුමො ඉගැන්වූහ. ආත්මාර්ථකාමීත්වය ත්‍රිවිධාකාරයකින් පෙනී සිටී. ඉන්ද්‍රියන් තෘප්ත කිරීමේ ආශාව එකකිි. අමරණීයත්වයට ඇති ආශාව තව එකකි. ලෞකික සැප සම්පත් වලට ඇති ආශාව තුන්වැන්නයි. පවිතුත්වය හෙවත් නිවී සැනසීමට අවශ්‍යනම් පළමුවෙන් ඉන්ද්‍රියන් වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ජීවත් වීමෙන් වැලකිය යුතුය. තමන් පිලිබදඇල්ම අමතක කරන ලෙස බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාට ප්‍රකාශ කලේ ක්‍රිස්තු පූර්ව පන්සිය වසරකටත් පෙරය.” තවත් අවස්ථාවකදී “ මිනිස් වර්ගයාගේ වංශ කථාවෙහි ලෝක ශිෂ්ඨාචාරය හා සැබෑ සංස්කෘතියක් ගොඩ නැගීමට මෙහෙයක් කල බුද්ධ ධර්හය තරම් බලවේයක් තවත් නැත්තේය” ලෙස වේල්ස් මහතා සදහන් කර ඇත. සුෆී පණිවිඩය නම් ඉස්ලාම් ග්‍රන්ථය රචනා කල “ හස්රාත් ඉනායත් ඛාන් ” මෙසේ සදහන් කරයි. “ බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්යයේ ස්වභාවය අදිවිතීයයි. එබැවින් බුදු දහම ලොව අනික් සියලු ආගම් වලින් කැපී පෙනේ. උන්වහන්සේගේ දූත සේවාව අහසේ පියාඹන පරමාදර්ශයේ කුරුල්ලන් පොළව අසලට ගෙන්වා ගැනීමටය. මක්නිසාද යත් ඒ ශරීරයට අවශ්‍ය ආහාර ඇත්තේ පොළව මතුපිට බැවිනි.” “ආසියාවේ ආලෝකය ” නම් ග්‍රන්ථය රචනාකල එඩ්වින් ආර්නෝල්ඩ්නැමැති කවියා මෙසේ ප්‍රකාශ කරයි. “ බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්ෂයේ පිපුණ මලයි. ඒ මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත් ඇදහැලෙන දයාවනම් මරන්දයෙනුත් ලෝකය පිරෙයි.” පරෙදිග තරුණ ක්‍රිස්තියාණි සාහිත්‍ය ලේකම්වරයා වූ මහාචාර්ය සෝණ්ඩර්ස් “මිනිස් වර්ගයා වැඩිම සංඛ්‍යාවකින් පූජා ලද තැනැත්තාලෙස ඉතා පහසුවෙන් වෙන්කොට දැක්විය හැකි තැනැත්තා බුදුරජාණන්වහන්සේය ” ලෙස දක්වා ඇත. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු තුමා මෙසේ පවසයි. “ කැළඹිලි, කලහ, වෛරය හා භීෂණය ආදියෙන් පිරුණ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සූර්යයා මෙන් බබලයි. පරමානු හා ජලකර බෝම්බ නිපදවෙන වර්තමාන ලෝකයට තරම් අතීතයේ ඒ පණිවිඩය කවර කලකවත් වැදගත් වූයේ නැත. අවුරුදු දෙදහස් පන්සියයක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ පණිවිඩයේ සත්‍යය තාවයට තව තවත් ජීවය එකතු වී ඇත. එප අමරනීය පණිවිඩය සිහිකරමින් අපේ සිතිවිලි හා ක්‍රියාදාමයන් උන්වහන්සේගේ ඉගැන්වීම් අනුව හැඩගසාගැනීමට උත්සාහ කරමු.” තවත් අවස්ථාවක “ ඔබට යම්කිසි ප්‍රශ්නයක් දෙස බැලීමට ඇත්තේනම් බුදුරජාණන් වහන්සේ ඉගැන් වූ ලෙස ශාන්තව, ඉවසීමෙන්, ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලෙස ඒ දෙස බලන්න ”යි ප්‍රකාශ කලේය. මන්මථානාත් ශාස්ත්‍රි නැමැති ඉන්දියානු පණ්ඩිතවරයා මෙසේ පවසයි. “ බුදුරජාණන් වහන්සේ නව මානව වංශයක් පහළ කලහ. එය සදාචාර යොධයන්ගේ වංශයකි. විමුක්තිදායක වැඩකාරයන්ගේ වංශයකි.” ක්‍රිස්මස් හම්ප්‍රීස් නම් ඉංග්‍රීසි ලේඛකයා පවසන්නේ “බුදුරජාණන් වහන්සේ ජීවත් නොවීයයි කෙනෙකු ඔප්පුකලත් එම ඉගැන්වීම් කෙසේවත් වෙනස් නොවී පවතිනු ඇතැයි” ලෙසයි. ප්‍රංශ පඩිවරියක් වූ ඩේවි නිල් මැතිණිය ප්‍රකාශ කරන්නේ “ තම අනුගාමිකයන් අතර, තමා විසින් දේශනා කරන ධර්මය උවවත් අන්ධ භක්තියෙන් පිලිනොගන්නා ලෙස අවවාද කරන ලොව සිටි එකම ආගමික කතුවරයාණෙ‍ේ බුදුරජාණන් වහන්සේය. ” ලෙසයි. ජර්මන් පඩිවරයෙකු වූ පූජ්‍ය ඥානාතිලෝක හිමියන් පවසන්නේ “ බුදු දහම අදුරු හා දුකින් පිරුනු ආගමක් ලෙස සමහරු හදුන්වති. එය එසේ නොවේ. බුදු දහම එය අදහන්නන් ආලෝකවත් හා ප්‍රීතිමත් භාවයට පමුණුවයි. බොසත් කථා කියවන අපිට උන්වහන්සේ ඉවසීම ආදී පාරමිතා පිරූ ආකාරය අසන්නට ලැබෙයි. මහා දුක් කරදර මැද සතුටින් සිටීමටත් අන්‍යන්ගේ සැප සම්පත් හා දියුණුව ගැන ප්‍රීති වීමටත් එයින් අපිට පිහිට ලැබෙයි. ” ආචාර්ය එන්. ගැන්ගුලි මහතා පවසන්නේ “ ආසියාව බුද්ධ ත්ෂේත්‍රය හෙවත් බුද්ධ විජිතයයි. එහි දසලක්ෂ පන්සියයකටත් වඩා බාදු දහම අදහයි. ඉතිහාසයෙහි එක් කාලයකදී ආසියාතික විවිධ ජාතීන් හා සංස්කෘතීන් ආධ්‍යාත්මික වශයෙන් සම්බන්ධ කරන ලද්දේ බුදු දහම විසිනි. ආසියාව නැවතත් ඒකාබද්ධ කිරීමට හැක්කේ බුදු දහම නැමැති සාධකයට බව මම විශ්වාස කරමි.” ලෙසයි. ලන්ඩන් පාලිපොත් සමාගමේ දිගුකලක් සේවය කල මහ‍ාචාර්ය රීස් ඩේවිස් පඩිතුමා මෙසේ පවසයි. “ බුදු දහම මෙන්ම ලෝකයේ සියලු ආගම්ද පරීක්ෂා කර බැලුවෙමි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ආර්යාෂ්ඨාංගික මාර්ගයත් චතුරාර්ය සත්‍යයත් තරම් ශෝභන වූත් පැහැදිලි වූත් ධර්මයක් මම කිසිදු ආගමක නොදුටුවෙමි.” තවත් අවස්ථාවක “ බොදානුවන්විසින් අන්‍ය ආගම්කාරයන් පෙලූ අවස්ථාවක් වාර්ථාගත වී නැත්තේය”ය ප්‍රකාශ කලේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ නවයුගයක් උදාකල එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණායක අගමැතිතුමා ප්‍රකාශ කලේ “ ඉර හද පවතිනා තෙක් මෙන්ම, මිනිස්වර්ගයා මිහිමත ජීවත්වන තුරුම බුදුදහම පවතිනු ඇත. එසේ වන්නේ එය මිනිසාගේ ආගම වන බැවිනි.” ලෙස පවසයි. විදෙස් රටවල බුදුදහම පැතිරවීමට සිය දිවිය කැපකල අපේ නාරද හාමුදුරුවන් ප්‍රකාශ කලේ “ මිනිසාට දෙපයින් නැගී සිටීමටත්, ආත්ම විශ්විසය හා ජීව ශක්තිය ලබාදීමටත් ශක්තියදෙන්නේ බුදුදහමයි. ” ලෙසයි. “ බොදුනුවා කිසිම කලෙක පොතට හෝ පුද්ගලයෙකුට වහල් නොවේ. බොදුනුවෙකු වීමෙන් ඔහු ස්වකීය නිදහස කැප නොකරයි. ඔහුට අවශ්‍යනම් බුද්ධත්වය ලබා ගැනීමට පවා චිත්ත ශක්තිය හා දැනුම වර්ධනය කරගත හැක” ලෙසද උන්වහන්සේ ප්‍රකාශ කලහ. නිදහස් ඉන්දියාවේ ප්‍රථම අධිකරණ ඇති වරයා වූද, නූතන භාරතීය ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූද, 1956 බුද්ධ ජයන්ති වර්ෂයේදී දකුණු ඉන්දියානු හරි ජනයන් පන්ලක්ෂයක් බුදුදහමට නැඹුරු කරවූ ආචාර්ය හිම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් මහතා ප්‍රකාශ කරන්නේ “ බොදානුවෙකුගේ යුතුකම හොද බොදුනුවෙක් වීම පමණ් නොවේ. බුදුදහම පැතිරවීම ඔහුගේ යුතුකම විය යුතුය. බුදු දහම පැතිරවීම සමස්ථ මිනිස් වර්ගයාට සේවය කිරීම බව ඔහු පිලිගත යුතුය.” ලෙසයයි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා 2500 වන බුද්ධ ජයන්තිය වෙනුවෙන් ලියූ ලිපියක මෙසේ සඳහන් වෙයි. “බුදුරදුන් ඉගැන්වූ මූලික නියාම ධර්ම සරල සේ පෙනුන ද, ගාම්භීර ධර්ම සාක්‍ෂාත් කිරීමට ඒවා මාර්ගයක් විය. මේ ඉගැන්වීම් ක්‍ෂුද්‍ර බීජ වැන්න. චින්තන ශක්තියක් ඇති පුද්ගලයන් තුළ එබඳු බීජ වැපිරීමෙන් සිතන්නට බැරි තරම් අස්වැන්නක් ලැබෙන්නේ ය. ලොව සියලු ආගම්වලට ඉහළින් බුදු දහම මතු වන්නේ ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් 1900 මාර්තු 20 වැනිදා සැන්ෆ්රැන්සිස්කෝවේදී ස්වාමි විවේකානන්ද තුමා පැවැත්වූ දේශනයෙන් කොටසකි මේ. හින්දු සාධුවරයකු වූ එතුමා බුදු රජාණන් වහන්සේ මහ ඉහළින් අගය කළේ ය. දාර්ශනික වශයෙන් සැලකීමේදී නොව, හුදෙක් ඓතිහාසික වශයෙන් සලකා බැලීමේදී බුදුසමය ලොව මෙතෙක් පහළ වී ඇති අතිශයින් ම විස්මයාවහ ආගමික ව්‍යාපාරය බව කිව හැකි ය. මක් නිසා ද යත්, එදා මෙදා තුර ලෝකයා ඇසූ දුටු ප්‍රබලතම ආගමික සංවිධානය, මිනිස් සමාජය පුරා ඉතිරී පැතිරී ගිය යෝධතම ආධ්‍යාත්මික ප්‍රවාහය එය ම පමණක් බැවිනි. එහි බලපෑම යම් මැ කිසි ආකාරයකින් නොවිඳී, නොදැනුණු කවර ශිෂ්ටාචාරයක් වත් ලොව නොමැති ය. මෑත කාලයේ පහළ වූ මහා හින්දු ශාන්තුවරයකු වන මහත්මා ගාන්ධීතුමා පෙන්වා දෙන ආකාරයට, වර්තමාන හින්දු ආගමේ ප්‍රධාන ඉගැන්වීම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සකසා ගන්නා ලද ඒවාය. එනිසා හින්දු ආගම ඒ මනා ගුරුවරයා වන බුදුරජාණන් වහන්සේට සදා ණය ගැතිය. ඉන්දියාව, බුරුමය, හා ලංකාව සම්බන්ධ තරුණ ක්‍රිස්තියානි සංගමයක ලේකම් තනතුර හෙබ වූ මහාචාර්ය සෝන්ඩර්ස් පෙන්වා දී ඇත්තේ, මිනිස් වර්ගයාගේ අති බහුතරයේ පූජනීයත්වයට පත් වූ, මිනිසුන් දැන සිටි එකම උත්තමයා බුදුරජාණන් වහන්සේ ලෙස හැඳින්විය හැකි බවයි. ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා මීට දශක පහකට පමණ පෙර ලංකාවට පැමිණි අවස්ථාවේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ ශෛලමය සමාධි පිළිමය ඉදිරිපිට භාවනායෝගීව සිටිමින් පැවසුවේ, එම පරිසරයේදී තමාගේ ගතට සිතට ජීවිතයේ කිසිමදාක නොවූ විරූ ආකාරයේ ශාන්තියක්, සුවයක් සහනයක් සමාධි බුදු පිළිම වහන්සේ වෙතින් ලැබුණු බවය. බුදුදහම ජනිත වූ මහා භාරතයෙන් බුදු දහම නැත්තටම නැතිවෙමින් පවතින යුගයක ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයා ලංකාවේ බුදුදහම සුරක්ෂිතව පවතින අයුරු දැක අන්‍යාගාමිකයකු වුවත් එදා ඉමහත් සතුටට පත්විය. ලෝ සුපතල විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා කියූ දෙයකින් අද ලිපිය අවසන් කරමි. . අනාගත ලෝකයේ ඉතිරිවන එකම දහම බුදු දහම බවත් අනෙකුත් ආගම් විනාශ වී යන බවත් ශ්‍රේෂ්ඨ විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කළ කෙනෙක්‌ වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසා ඇත. ඔහුගේ "ගැඹුරු මුහුද" නමැති කෘතියෙහි 253, 254 පිටුවල මෙසේ සඳහන් වෙයි. "ඩාවින්ගෙන් ෆ්‍රොයිඩ්ගෙන් වැදුණු මරු පහරින් කවදාවත් නැඟී සිටීමට ඉඩ නොලැබෙන ලෙස බිඳවැටුණු කිතු සමය විසිවැනි සියවසේ අවසාන භාගයේ දී ඇති වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් නිසා බලාපොරොත්තු රහිතව අවසාන වරට බිඳවැටිණි. අරුම පුදුම දෙවි දේවතාවුන්ගෙන් සැදුණු හින්දු ආගම විද්‍යාත්මක බුද්ධිවාදය පිළිගත් යුගයක දී නොමැරී සිටීමට අපොහොසත් විය. ඉස්‌ලාම් ආගම ද එම බලවේගයෙන්ම දුබල විය. ඩාවින්ගේ උදාවන තරුව මහමුද්ගේ දුබල අඩ සඳ අභිබවා බැබළෙන්නට වූ හෙයින් ඉස්‌ලාම් ආගමට කලින් තිබුණු ගරුත්වය තවදුරටත් පිරිහී ගියේය." "අනෙක්‌ සියලුම බලසම්පන්න ආගම් විනාශ කළ හදිසි පහරවල් බුදු සමය කෙරෙහි බලනොපැවැත්වීය. අභ්‍යන්තර ශාසන ශෝධන වලින් පිරිසිදු කරන ලද බුදු සමයේ මූලික ධර්ම තවමත් නොනැසී පවතී." දහම් පාසැල් පොතින් හා අන්තර්ජාලය ඇසුරිනි. ●▬▬▬▬▬▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬▬▬▬▬▬●

භූමිචාල සූත්‍රය

0 comments

භූමිකම්පා ඇතිවන ආකාර සතක් පිලිබදව බුදු රජාණන් වහන්සේ දේශනා කරයි. මෙය වසර දෙදහස් පන්සියකට පෙර බුදු රජාණන් වහන්සේ චාපාල චේතිය අසල වැඩසිට ආයු සංස්කාරය අත්හල මොහොතේ මහා භූ චලනයක් ඇති විය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදු රජුන් සමීපයට පැමිණ භූ චලන ඇති වීමට හේතු විමසන ලදී .එවිට බුදු රජාණන් වහන්සේ "අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." යනාදී පොලොව කම්පා වීමට හේතු අටක් දේශනා කරන ලදී .
"අයං ආනන්ද මහා පඨවී උදකෙ පතිටඨිතා උදකං වාතෙ පතිටඨිතං. වා කො ආකාසටෙඨා හොති... යං මහාවාතං වායනති, මහාවාතා උදකං කමෙපන්ති, උදකං කම්පිතං පඨවිං කමෙපති"
1 ආනන්ද, මේ පොළොව ජලයෙහි පිහිටා තිබේ. ජලය වාතයෙහි පිහිටා තිබේ. මහා වාතය හමායන විට ජලය කම්පා කරවයි. ජලය කම්පා වූ විට පොළොව පොළොව කම්පා වෙයි.
සමනොවා හොති බ්‍රාහ්මණොවා ඉද්ධිමා චෙතොවසිප්පතේතා, දෙවො වා මහිද්ධිකො මහානුබාවො තස්‌ස පරිත්තා පඨවි සඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්, සො ඉමං පඨවිං කමෙපති සකමෙපති සම්පකමෙපති සමපවෙඨෙති, අයං දුතියො හෙතු"


2 චිත්තවංශීතාව ලත් ශ්‍රමණයෙක්‌ බ්‍රාහ්මණයෙක්‌ හෝ මහත් ද්ධි ඇති දෙවියෙක්‌ හෝ මේ පොළොව කම්පා කරවයි. වෙව්ලවයි. භූමි චලනයකට දෙවන හේතුව මෙයයි.
යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සමපජානො මාතු කුච්äං ඔක්‌කමති, තදායං පඨවි කම්පති, අයං තනියො හෙතු"
3 බෝසත් තෙමේ සිහිනුවණ ඇතිව තුසිත දෙව්ලොවින් චුතව මව්කුස පිළිසිඳගන්නා අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ තෙවන හේතුවයි.
"යදා බෝධිසත්තො සතො සම්පජානො මාතුකුච්äසමිං නික්‌ඛමති තදායං පඨවි කම්පති, අයං චතුත්ථො හේතු"
4 බෝසත් තෙමේ සිහිනුවණින් මවුකුසින් නික්‌මෙන කල්හි මේ පොළොව කම්පා වෙයි. මේ සිව්වන හේතුවයි.
"යදා තථාගතො අනුත්තරං සම්මා සම්බෝධිං අබිසම්බු-Cධති තදාZයං පඨවි කම්පති, අයං පඤ්චමො හෙතු"
5 තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කරන අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ පස්‌වන හේතුවයි.
"යදා තථාගතො අනුත්තරං ධම්මචක්‌කං පවත්තෙති තදායං පඨවි කම්පති"
6 තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්‍රය පවත්වන අවස්‌ථාවේ මේ පොළොව කම්පා වෙයි. මේ සවන හේතුවයි.
"යදා තථාගතො සතො සම්පජානො ආයුසංඛාරං ඔස්‌සජති, තදායං පඨවි කම්පති අයං සත්තමො හෙතු"
7 තථාගතයන් වහන්සේ ආයු සංස්‌කාරය අත්හරින අවස්‌ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ සත්වන හේතුවයි.
"යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදාZයං පඨවි කම්පති, අයං අට්‌ඨමො හෙතු"
8 තථාගතයන් වහන්සේ අනුපාදිසෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙන අවස්‌ථාවෙහි මේ පොළොව කම්පා වෙයි. මේ අටවන හේතුවයි.
ඉදිරියේදී ලංකාද්වීපය තුලද මෙවැනි මහා භූ චලන ඇති වීමට ඉඩ ඇත. එම නිසා ඔබද ස්වභාවික ව්‍යවසන වලින් වැලකීමට අද අදම පවෙන් වැලකි කුසල් දහම් වැඩිමට උත්සහ ගන්න .මෙය අනාවැකියකි

පාලි ඉගෙන ගන්න කැමතිද

1 comments

සරලව මුල සිට පාලි ඉගන ගත හැකි පාඩම් මාලාව PDF  ඩවුන්ලොඩ් කරගන්න

බාගත කරන්න පිටුවට යන්න

දහම් පාසල් පෙළ පොත්

9 comments

දහම් පාසල් පෙළ පොත් මෙම අඩවියෙන් ගන්න.

https://www.dba.gov.lk/si/downloads/text-books-sinhala

සොළොස්මස්ථාන

0 comments



සොළොස්මස්ථාන පිලිබඳ තොරතුරු මෙතනින් බාගත කරගන්න.

මෙම සොළොස්මස්ථාන පිළිබද තොරතුරු එක්රැස් කරගන්නා ලද්දේ බුදුසරණ පුවත්පතෙනි.


‘ මහියංගණං නාගදීපං කල්යාවණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’
මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ
1 මහියංගණය 
2 නාගදීපය 
3 කැලණිය 
4 ශ්‍රී පාදස්ථානය 
5 දිවාගුහාව 
6 දීඝවාපිය 
7 මුතියංගණය 
8 තිස්ස මහා විහාරය 
9 ශ්‍රී මහා බෝධිය 
10 මිරිසවැටිය 
11 රුවන්වැලි මහා සෑය 
12 ථූපාරාමය 
13 අභයගිරි වෙහෙර 
14 ජේතවනාරාමය 
15 සේල චෛත්‍ය 
16 කතරගම කිරිවෙහෙර

 ආදී වු පූජනීය ස්ථානයන් ය.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වසරේදී තෙවැනි ලංකාගමනය වශයෙන් අප මව් බිමට වැඩියේ කැලණි පුරවරයට ය. මෙම ගමනේදී සමන්තකූට පර්වතයටත්, දිවා විහරණය කළ දිවාගුහාවටත්, අනුරාධපුර ශුද්ධ භූමියේ මහමෙව්නාව පිහිටන භූමියටත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වන ස්ථානයටත්, ලෝවාමහාපාය පිහිටුවන තැනටත්, පිරිත්ලාගෙය, දන්තාදර නම් පොකුණ, ථූපාරාමය, රුවන් වැලි සෑය, මිහින්තලයේ සේල චෛත්‍ය, දිගා නකා වෙහෙර පිහිටන තැන ආදී ස්ථාන වලටත් වැඩි බව වංශ කතාවල කියැවෙයි. මහා වංශයට හෝ දීප වංශයට අනුව අද අප කතා කරන සොළොස්මස්ථානයන් සමහරකගේ නිශ්චිත ස්ථානයන් පිළිබඳව සටහන් වී නොමැත.
එහෙත් මහනුවර හෝ දඹදෙණි යුගවලදී ඉහත ගාථාව ලියැවී ඇති බව වියතුන් ඇතැමකුගේ මතය යි.
එහෙත් බුදුරජාණන් වහන්සේ අප මාතෘ භූමිය වෙත වැඩි ගමන් වලදී නිරෝධ සමාපත්ති සුවය විඳි ස්ථාන ලෙස මෙම සොළොස්මස්ථාන හඳුන්වනු ලබ යි.
කෙසේ වුවත් මේ සෑම ස්ථානයක්ම පූජනීය වූ පුදබිම් බවට පත්වී සද්ධා සම්පන්න බෞද්ධයාගේ ගෞරව බහුමානයට පාත්‍ර වී ආත්මය හා බැඳී නිධන්ගත වී ඇත.

1 මහියංගන චෙත්‍යය


ලංකාය යත්ථ පඨමං භගවා නිසජ්ජ
යක්ඛේ දමේසි කතමිද්ධි තස්මිං
ගීවට්ටිධාතූ නිහිතඤ්චථ කේසධාතුං
වන්දාමි සාධු මහියංගන ථූපරාජං
සොළොස්මස්ථානයන්ගේ මුල්ම පූජනීය ස්ථානය ලෙස හඳුන්වන්නේ මහියංගණය ය. බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී ලාංකේය බිමේ වාලුකා නදී තෙර පිහිටි මහානාග නම් වනෝද්‍යානයට වැඩි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබේ.
එසේ සපැමිණියේ එම භූමිය අරක්ගෙන සිටි යක්ෂය ගෝත්‍රිකයන් දමනය කිරීමට ය. මේ ගමනේ දී බොහෝ දෙනා ධර්මය අවබෝධ කර ගනිමින් සෝවාන් මඟ ඵල ලබාගත් බවත් එතැනදී සමන්තකූට වාසී මහා සුමන දෙව් රජ තෙම ද සෝවාන් ඵලයට පත්වූ බවත් කියැවෙයි. සුමන සමන් දෙව් රජිදාණන්ගේ ඉල්ලීම පරිදි සම්බුදු රජාණන් වහන්සේ හිස පිරි මැද කේශ ධාතු අත්ලක් පමණ දෙවියන් වෙත පිරිනැමූ බවත් එම කේශ ධාතූන් ස්වර්ණමය කරඬුවකට රැගෙන එම ස්ථානයේ සත් රියනක් උස්වූ ඉන්ද්‍ර නීලමය ස්තූපයක් මහා සුමන දෙවිඳුන් විසින් කරවූ බව මහා වංශයේ සඳහන් වෙයි. මෙම සිදුවීමත් සමඟ ලාංකේය බිමේ ඉදිවූ  ප්‍රථම ස්තූපය මහියංගණ ස්තූපය ලෙස ඉතිහාසගත විය. සම්බුද්ධ පරිනිර්වාණයේදී සුරභූ නම් මහ රහතන් වහන්සේ විසින් දැවෙන සෑයෙන් ගත් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුව නිධන් කර ඉහත සෑ රදුන් දොළොස් රියනක් උසට කිරි ගරුඬින් තැනූ බව ද සඳහන් වෙයි. පසු කලෙකදී දේවානම්පියතිස්ස නිරිඳාණන්ගේ සොහොයුරාණන් වූ උද්ධ චූලාභය කුමරු එම ස්තූපය තිස් රියනක් උසට කරවූ බවත් ඉන්පසු දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්තූපයම අසූ රියනක් උසට වර්ධනය කළ බව ද ඉතිහාස කතා පුවතේ සඳහන් වෙයි.
වෝහාරික තිස්ස රජු ( ක්‍රි. ව. 210 – 232 ) මෙම මහා සෑයට ඡත්රහයක් සවි කළේය. පළමුවන පරාක්‍රමබාහු නිශ්ශංකමල්ල ඇතුළු රජවරු බොහොමයක් මෙම ස්තූපයේ පිළිසකර ආදී කටයුතු සිදු කළහ.
ක්රිශ. ව. 1850 වනවිට ස්තූපය ගරා වැටී තිබුණි. 1890 වසරේදී මෙය ප්‍රතිසංස්කරණය කර කොත පළඳවන ලදී. 1907 දී නැවතත් දා ගැබෙහි උඩ කොටස කඩා වැටුණු අතර අඹගස්වැව රතනජෝති හිමියන්ගේ උත්සාහයෙන් එය අලුත්වැඩියා කළ ද 1922 වසරේදී නැවතත් මහ සෑය කඩා වැටුණි. 1949 දී නැවත ප්‍රතිසංස්කරණය කිරීම අරඹා 1961 දී ස්තූපයේ කොත පළඳවන ලදී. අද අප දකින්නේ එය යි.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අධීක්ෂණයෙන් 1951 වසරේදී මෙහි ධාතු ගර්භය විවර කිරීමේදී ඉතා ඓතිහාසික වටිනාකමකින් යුතු පළමුවන විජයබාහු රාජ්‍ය1 සමයට අයත් ( 1055 – 1110 ) සිතුවම් කීපයක් හමු විය. මෙම සිතුවම් අනුරාධපුර යුගයටත් පෙර විය හැකි බවත් මෙම චිත්‍රය ඉතා උසස් සෞන්දර්යාත්මක ලක්ෂණ පල කෙරෙන බවත් රේඛා සටහන් පවා ඉතා අර්ථවත් බවත් මහාචාර්යවරයා පවසයි. ඉතා පැරැණි මෙම චිත්‍ර පැරැණි ලාංකේය කලා කරුවාගේ විශිෂ්ට ගුණ ප්‍රකට කරනා කලාත්මක නිර්මාණයන් බව වියතුන්ගේ මතයයි.
බින්තැන්න මහියංගණය ලෙස පාලියට පෙරලී එය නැවත මියුගුණු යනුවෙන් හෙළ බසට පරිවර්ථනය වී ඇත. එමනිසා මෙම ස්තූපය මියුගුණු මහා සෑය වශයෙන් ද හඳුන්වනු ලබයි.
රහතන් වහන්සේ හා දෙව් රජාණන්ගේ මෙන්ම මහා නරපතියන්ගේ අතින් යුගයෙන් යුගය උස් වෙමින් අහස් කුසට නැංවුණු මේ සුවිසේසී මියුගුණු මහා සෑ රදුන් අප මාතෘ භූමියේ දෙවියන් විසින් සෑදු ප්‍රථම ස්තූපය ලෙස සම්මානයට බඳුන් වෙමින් සදා නොමැකෙන සම්බුදු සුසුවඳ විහිදුවාලන අති පූජනීය වස්තුවක් බවට පත්වී තිබේ.
එසේම එය 2600 වසරක මහා සම්බුද්ධත්ව උප්පත්ති කතාවේ ආරම්භය හා සබැඳි සුවිශේෂී ස්මාරකයකි. මහියංගණය නම් මිහි මඬලේ අංගණය නොහොත් මිදුලයි. අප ධර්මද්වීපය තවමත් නොසොල්වා දරාගෙන සිටින මේ මිහිමඬලේ මිදුල සරසන්නේ මහියංගණ නම් මහා සෑ රදුන් විසින් වීම මොනතරම් නම් අපිට අභිමානයක් ද?

   2 නාගදීපය



බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩියේ නාගදීපයට ය. එය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 5 කට පසුව එළඹුන එක් බක් මස අමාවක පොහොය දිනකදී ය. මේ වනවිට අප මහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තුංග සම්බුද්ධත්ව මහා මංගල්‍ය සිදුවී වසර 2600 ක් ගතවී ඇත. එසේ නම් වර්තමානය වනවිට දෙවන ලංකාගමනය සිදුවී වසර 2595 ක් ගතවී තිබේ. ඉතින් ඉතා දීර්ඝ ඉතිහාසයක් මහා කාල පාශයකින් වැසී යාමේදී යම් සිදුවීමක් ඉතා නිවැරැදි ලෙස නිරවුල් කර ගැනීම ඉමහත් වූ අපහසු කාර්යයකි. ඒනිසා වංශ කතාවන්හි සටහන්, ඉතිහාසය විසින් රැගෙන ආ තොරතුරු, ජනශ්‍රැති ඔස්සේ යම් නිරවුල් තැනකට එළඹීමට අපි උත්සාහ කරමු.
සම්බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් නොවෙතත් ඉතා පැරැණි වංශ කතා වූ දීප වංශය, මහා වංශය සහ සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථයන්හි ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබේ.
ඒවාට අනුව බුදුන් වහන්සේ වැඩිය බව සඳහන් වන නාගදීපය නිශ්චිත එක් ස්ථානයක් නොවන බවත් එ දවස නාගදීපය යනු උතුරු ප්රසදේශයට අයත් වන වපසරියක් බවත් වියතුන් බහුතරයකගේ මතය වී තිබේ.
1936 වසරේදී හමුවූ වල්ලිපුරම් රන් තහඩු ලිපිය මෙය සනාථ කළ හැකි සාක්ෂිවයක් ඉතිරි කර තබා තිබේ. බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවී ඇති එහි සිංහල අරුත වන්නේ  "යහපතක් වේවා, වසභ මහ රජුගේ රාජ්‍ය  කාලයෙහි ඉසගිරි නම් ඇමැති නාගදීපය පාලනය කරමින් බඳකරඅතන නම් ගමෙහි පියංගුක තිස්ස විහාරය කරවන ලදී" යන්නය. මෙය ලියා ඇත්තේ වසභ රජුගේ කාලයේ ය. (ක්‍රි. ව. 67 – 111) මේ පිළිබඳව නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය නමැති ග්‍රන්ථයේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ පවසති.
“යාපනය එදා හඳුන්වා ඇත්තේ නකදිවං හෙවත් නාගදීපය යනුවෙනි. මෙය අඩු තරමේ අලිමංකඩත් උතුරට ඇති මුළු මහත් ප්රතදේශයම හැඳීන්වූ පොදු නාමය විය යුතුය. මුලින් දක්වා ඇති පරිදි අද නාගදීප යනුවෙන් හඳුනා ගන්නේ දිගටි කුඩා බිම් තීරයකි. මෙය මුහුදෙන් වටවූ කුඩා දූපතකි. මේ දූපත  නයිනතිව් යනුවෙන් හැඳින්වේ. එහෙත් පුරාතන නාගදීපය එය පමණක් නොවන බව පැවසෙයි.
වංශකතාවල සඳහන් වන පරිදි නාගදීපයට බුදුන් වහන්සේ පැමිණියේ නාග ගෝත්‍රිකයන් වූ මහෝදර මාමත් චූලෝදර බෑණාත් යන ඥාති නා රජුන් අතර, මිණි පළඟක් නිසා හටගන්නට ගිය සංග්‍රාමයය නවතාලීමේ අරමුණෙනි. යුද්ධයට සැරැසී සිටි තැන අහසෙහි වැඩ සිටි බුදුන් වහන්සේ ධර්මය දේශනා කළහ. සමඟි වූ නාග ගෝත්‍රිකයෝ යුද්ධයට නිමිත්ත වූ මිණි පළඟ බුදුන් වහන්සේ වෙතට පූජා කළහ. බුදුන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපලු රුකට අරක් ගත් සමිද්ධි සුමන නම් වෘක්ෂ දේවතාවා ද මේ සාම සංචාරයට එකතුවී බුදුන් වහන්සේ වඩින විට ජේතවනාරාම පොළොවෙන් උදුරාගත් එම වෘක්ෂය සේසතක් මෙන් ඉහළා ගෙන පැමිණියේ ය.
බුදුන් වහන්සේ වෙත පූජා කළ මිණි පළඟ ද කිරිපලු රුක ද උන්වහන්සේ නැවත නා රජවරුන් වෙතටම තිළිණ කරමින් මෙසේ වදාළ සේක. “නාග රාජයෙණි! මාගේ පාරිභෝගික චෛත්‍ය වඳිවු. නාගයනි ! එය තොපට වැඩ පිණිස ද සැප පිණිස ද වන්නේය.” සංග්‍රාමයට සූදානම් වූ එම භූමියෙහිම කිරිපලු රුක පිහිටුවා මිණි පළඟ ද තබා නා රජවරුන් විසින් සෑයක් කළ බවත් එය කිරිපලු සෑය නොහොත් රාජායතන චෛත්ය ය ලෙසින් ප්රවකට වූ බව ද කියවෙයි. මේ රාජායතන චෛත්යඑයරැ ස්ථීර වශයෙන්ම පිහිටියා වූ තැන කොතැනදැයි යන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුර තවමත් සොයාගෙන නොමැත.
පලාලී සිට කන්කසන්තුරේ මාර්ගයේ ගමන් කර යාපනයේ කදුරුගොඩ විහාරයට පැමිණිය හැක. මෙහි පාදාගෙන ඇති ස්තූප විස්සක් පමණ වේ. මෙහිදී හමුවූ පාත්‍රා කැබැල්ලක ක්‍රි. පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර සටහන් තිබෙන බව කියැවේ. දෙවැනි අග්බෝ රජතුමා (ක්‍රි. ව. 64 – 614) නාග දිවයිනෙහි රාජායතන ධාතු ගෘහය කරවූ බව වංශ කතාවල දැක්වේ. මෙතැනදී පුරාවස්තු රාශියක් ද හමුවී ඇති නිසා එම භූමිය රාජායතන චෛත්‍ය   තිබූ ස්ථානය වියැ හැකි බව ඇතැමෙක් අනුමාන කරයි.
ඒ කෙසේ වෙතත් අද අප වැඳුම් පිදුම් කරන නාගදීපය නමින් හඳුන්වන්නේ නයිනතිව් නැමැති දූපතින් වටවූ පුද බිමට ය. අද ලක්ෂ සංඛ්‍යාත වූ බහුතර බෞද්ධ ජනතාව බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන්නේ මේ පුද බිමේ සිටය.
1505 පෘතුගීසි ආක්‍රමණයන්හිදී මෙහි තිබූ විහාරස්ථානය විනාශ වූ බවත් ඉන්පසු නශ්ටාවශේෂව තිබූ මෙතැන 1930 වසරේදී චෙත්‍යයක් ගොඩ නැගූ බවත් සඳහන් වේ. කාලාන්තරයක් මිනිස් සන්තානයේ කා වැදුණු විශ්වාසයන් ද මුලින් උපුටා උදුරා දැමිය නොහැක. ධාතු ගර්භයක පූජා වස්තූන් සේ එය හද ගැබෙහි නිධන්ගතවීම නොවැළැක්විය හැකිය.
නා රජුන්ගේ යුද උණුසුම තුරන් කිරීමට බුදුන් වහන්සේ අහසේ ඵලක් බැඳ වැඩ හිඳිමින් ප්‍රථමයෙන් මහා අන්ධකාරයක් මැවූ බවත් ඉන් සටන්කාමීන් බියට පත්වූ බවත් කියැවෙයි. දෙවැනුව එම බිය තුරන් කිරීමට මහා ආලෝක කදම්භයක් විහිදුවාලීය. කෝපාවිෂ්ඨ අඳුරු පටලය ඉරා දැමූ ඒ අරුණාලෝකයට මුළු උතුරුකරයම ආලෝකවත් වූවා නොඅනුමානය.
එසේ නම් අප සැමට, ඒ අසමසම බුද්ධ රශ්මියේ උණුසුමෙන් ප්‍රභාශ්වර වූ බිමෙක කොතැන සිට හෝ නමස්කාර කළත් අප මහා බුදු පියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිහිපත් කර සිත් සතන් පිවිතුරු කර ගත හැකිය.



3 කැලණිය රජ මහා විහාරය


ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්සයස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි

මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි.
බුදුරජාණන් වහන්සේගේ මෙම සදහම් විදේශ සංචාරයට පන්සියයක් මහ රහතන් වහන්සේ ද එකතු වූහ. ඝෘද්ධි බලයෙන් වඩින ගුවන් ගමන මොනතරම් නම් අසිරිමත් වන්නට ඇති ද? නීල ආකාශ ගංගාව හරහා පාවී යන කාශාය වස්ත්‍රයේ චමත්කාරයෙන් දෙව්ලොව සිටින දෙවිවරු පී‍්‍රති ප්‍රමෝදයට පත් වූහ. මේ දෙවිදේවතාවෝ අතරමඟදී සංචාරයට එක්වෙමින් දූත ගමනට තවත් සම්භාව්‍ය පිරිසකගේ දායකත්වය සැපයූහ. කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට පැමිණි බුදුන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණිඅක්‍ඛිත මහ නා රජාණන් සැදී පැහැදී මඟ බලා සිටියේ පුරවරය මහත් සේ අලංකාරවත් කරමිනි.
අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුපියාණන් වහන්සේ නා විමනේ අලංකාරවත් මාණික්‍ය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ සේක.
සම්බුදුරජාණන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මාණික්‍ය ආසනය නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් සෑදුවේ මණිඅක්‍ඛිත නා රජතුමා විසින් බව කියැවෙයි.
ක්‍රි.පූර්ව. 207 වසරේ දී උත්තිය කුමාරයා කැලණි විහාරයේ ප්‍රවර්ධනයට දායක වූ අතර යඨාලතිස්සරජතුමා කැලණි චෛත්‍ය සැට රියනක් උසට බන්දවා පස් මහල් පහයක්ද ඉදිකර කැලණි විහාරය ඉතා දියුණු තත්ත්වයට පත් කළ බව සඳහන් වෙයි.
කැලණිය එදවස මාගම රාජ්‍යයට අවනත උප රාජ්‍යයක්ව පැවැති සමයේ එහි උප රජවරයකු වශයෙන් අභිෂේක ලද්දේ කැලණිතිස්ස නම් රජතුමාය. (ක්‍රි.පූ. 02 වන සියවස) රජතුමාගේ බිසව සමඟ තම සොයුරා වූ උත්තිය කුමරු ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයට වගකිවයුතු යැයි අස්ථානයේ සැකකළ කැලණිතිස්ස නම් මහ රහතන් වහන්සේ තෙල් කටාරමක බහා ගිනි ලා ඝාතනය කිරීමේ මහා පාපයට මහ මුහුද ගොඩ ගලා වටිනා මිනිස් ජීවිත මෙන්ම හත්ගව්වක වූ ගම් නියම්ගම් කෙත්වතු ආදී දෑ සුනු විසුණු වී ගියේ ය. නිමිතිකරුවන්ගේ උපදෙස් මත ‘දේවී නම්’ තම එකම දියණිය වියරු වැටුණු මහා සමුද්‍රයට බිලිදීමට සියල්ල සූදානම් විය. 16 වැනි වියේ පසුව ‘දේවී’ කුමාරිය තම මාතෘ භූමිය මේ මහා දිය රකුසාගෙන් ගලවා ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් තම ජීවිතය පරිත්‍යාග කිරීමට මොහොතකට හෝ නොපැකිලිව ඉදිරිපත් වූවා ය. ලාංකේය බිම එක්සේසත් කරමින් සම්බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් අනූපමේය සේවයක් කළ විශිෂ්ට රාජෝත්තමයකු වූ දුටුගැමුණු මහා නිරිඳානන්ගේ උදාරතර මව වීමට තරම් භාග්‍ය ලද්දේ මේ වීර දියණිය ය. පසුව විහාර මහා දේවිය නමින් ප්‍රසිද්ධ වූයේ ඇයයි. එදා මේ දේවියගේ මහා පරිත්‍යාගය නිසා මේ බිම සාගර මහා සෝදා පාළුවෙන් වැලකිණි. අද අපට ඉතා ශෝචනීය අමිහිරි අත්දැකීමක් එක්කළ ‘සුනාමි’ ව්‍යසනය මෙන් වූ සාගරය ගොඩගැලීමේ පළමු අමිහිරි අත්දැකීම මේ කැලණි මහා සුනාමිය යි. කැලණිතිස්ස රජුගෙන් පසු කැලණි රාජ්‍යය අභාවයට පත් විය. පසුව දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පු. 161 – 137 ) කැලණි විහාරයේ රහතන් වහන්සේ 500 ක් පමණ වැඩ සිටි බව මහා වංශයේ කියවෙයි. ක්‍රි.ව. 227 කණිෂ්ටතිස්ස රජතුමා කැලණි විහාරයට උපෝසථාගාරයක් කරවීය. මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 – 1186) නිශ්ශංකමල්ල රජතුමා කැලණියේ වර්ධනයට කටයුතු කළහ.
පසුව කාලිංග මාඝ ආක්‍රමණයේ දී කැලණි විහාරය විනාශ විය. පෘතුගීසි, ලන්දේසි යුගවලදී මෙම කැලණි විහාරය සහමුලින් විනාශ කර දමන ලදී.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මාපිටිගම බුද්ධරක්‍ඛිත හිමියන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී කැලණි විහාරය නැවත ගොඩ නංවන ලදී. ඉතා සාර්ථකව ප්‍රතිසංස්කරණයන් නිම කළ සතුටට රජතුමා බුද්ධ රක්‍ඛිත හිමියන්ට තඹ සන්නසකින් කැලණි විහාරය පවරා දුන්නේ ය.
1779 වසරේ කැලණි වෙහෙර සෙල්ලිපියෙන් ඒ බව සනාථ වේ. කෝට්ටේ රාජ්‍ය සමයේ දී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් ක්‍රි.ව. 1509 දී පිහිටුවන ලද කල්‍යාණී ශිලා ලිපිය පසු කලෙක පෘතුගීසීන් විසින් කැබැලි අටකට කඩා බිඳ දැමූවද දැනට එය සකස් කර කැලණි විහාර භූමියේ සුරක්‍ෂිතව තබා ඇත.
කැලණි විහාරයේ පැරැණි බුද්ධ මන්දිරය මහනුවර යුගයේ කරවන ලද බව විශ්වාස කෙරෙයි. මෙහි ඇති සිතුවම් බු.ව. 2394 පමණ වූ මහනුවර යුගයට අයත් ය. අද අප දකින කැලණියේ අලුත් විහාරය ඉදිකිරීම ආරම්භ වන්නේ 1927 වර්ෂයේ ය. සෝලියස් මැන්දිස් නම් මහා කලා ශිල්පියා අඳින ලද විශිෂ්ට සිතුවම් පෙළ නිර්මාණය වන්නේ 1930 වසරේදීය.
කැලණි රජ මහා විහාරයට ආලෝකයක් එක්කළ ඇති විහාර මන්දිරය ඉතිහාසය විසින් අප වෙත රැගෙන ආ මහා බෞද්ධ විහාර මන්දිරයන්ට නොදෙවෙනි සුවිශේෂී නිර්මාණයකි. අනාගතයේදි බෞද්ධ විහාර වංශ කතාවේ නොමැකෙන සිහිවටනයක් වනු නියත ය. බුද්ධ මන්දිරය ඉදිකිරීමට මූලික වන්නේ හෙලේනා විජයවර්ධන මැතිණියයි. වසර 19 ක් පමණ කාලයක් තිස්සේ ගොඩනැඟෙන මෙම විහාර මන්දිරය ඉදිවී අවසන් වන්නේ 1946 වසරේ දී ය.
විනාශයට බඳුන් වෙමින්, නැවත පණ ලබමින් අද ද සැදැහැති බොදු ජන පහන් සංවේගය පිණිස අහස්කුස සිසාරා නැඟී වැජඹෙන කැලණියේ මහ සෑ රදුන් අවසන් වරට ප්‍රතිසංස්කරණ කෙරෙන්නේ තුන්වැනි විජයබාහු රාජ්‍ය සමයේය. ධ්‍යානාගාර හැඩැති ස්තූපයේ උස අඩි 90 කි. වට ප්‍රමාණය අඩි 180 කි. තම දිවියේ දී එක්වරක් හෝ කැලණිය වන්දනාමාන කරගත යුතු බවට බෞද්ධ ජනහද කිඳා බැසගත් කියමනක් තිබේ. මෙම වදන කවියට ගීතයට කලාවට ද සම්බන්ධ වීමට තරම් ප්‍රබල වී ඇත. මහනුවර යුගයේ ලෝකුරු නයිදේ නමැති ජන කවියකු විසින් මෙම ප්‍රසිද්ධ වදන සහිත මෙම කවිය ලියා ඇත.

පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව     පැවැතියේ
එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින්       උරුදියේ
වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ     පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත්  කැලණියේ

සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ පූජනීය කැලණිය, මාතෘ භූමියට සාඩම්බරයක් වන වීර වෙහෙර මහා දේවී මාතාවගේ ජන්මභූමියයි. සෝලියස් මෙන්දිස් වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියකු ලොවට දායාද කළ කැලණිය හෙලේනා විජේවර්ධන වටිනා නාමය ද අනාගත වංශ කතාවේ ලියා තබනු ඇත. එවන් වූ උතුම් කැලණි පුද බිම වෙත පැමිණ, කළ වරදකට පව් සමාකර, සිත් සතන් සැහැල්ලු කර ගැනීමට හැකි වෙතයි සිතා හෝ ජීවිතයේ එක්වරක් වත් කැලණි වන්දනාවට බෞද්ධ සිත පෙළඹ වූ ලෝකුරු නයිදේටත් අනේ! නිවන් දකින්නට ඒ පිනම හොඳටෝම ඇති නේදැයි සිතේ.




4 ශ්‍රී පාදස්ථානය


කල්‍යාණීතෝ ගගනතෝ මුණියත්ථ ගන්ත්වා
දස්සේයී චක්කවරලක්ඛණ පාදලඤ්ඡං
ලංකාමහීවරවධු මකුටෝපමානං
වන්දාමහං සුමණකූට සිලුච්චයන්තං
සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදු වූයේ සම්බුද්ධත්වය සාක්‍ෂාත් කරගැනීමෙන් වසර 8 කට පසු එළඹුණු වෙසක් පුරපසළොස්වක පුන් පෝදා ය.

මණිඅක්ඛිත නාග ගෝත්‍රික මහා නිරිඳාණන්ගේ ආරාධනයෙන් කැලණි පුරවරයට වඩමවා වදාළ බුදුපියාණන් වහන්සේ උතුම් සම්බුදු පහසින් මේ ලක් දෙරණත තව තවත් පූජනීයත්වයට පත් කරලීමේ අදිටනින් වෙනත් විශේෂිත ස්ථානයන් කීපයකටම වැඩි සේක.
මේ තෙවැනි සදහම් චාරිකාවේ සතර වැනි මහා ස්ථානය වශයෙන් තෝරා ගත්තේ ‘සමන්තකූට’ නම් වූ උස් වූ කඳු ශිඛරය මතට සපැමිණීමට ය.
මහා කඳු මාලාවක් අතර පිහිටියා වූ ද එම කඳු සමූහය අභිබවමින් ලක් සිරසෙහි මිනි කිරුළ සේ ඉතාමත් රමණීය වූ දසුනක් මවන සමන්ත කූ®ටය මේ ලක් දෙරණත සොබා සෞන්දර්යයේ අග්‍රගණ්‍ය ඵලය යැයි හඳුන්වා දීම අසාධාරණ නොවේ.
බුදු පියාණන් වැඩි සමයේ මෙහි එක්තරා දේව කොට්ඨාසයක් විසූ බවත් එතුමන්ලාගේ නායකයා සුමන නම් වූ බවත් පැවැසෙයි. හාත්පස පිහිටියා වූ පර්වත කූට අතරින් අතිශයෙන් අභිමානවත් වූ කූ®ටය නිසා එය ‘සමන්ත කූටය’ වී යැයි ද කියැවෙයි. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘ සුමනකූ®ට’ වූවා යැයි ද තවත් මතයෙකි.
සුමන සුරිඳාණන්ගේ ආයාචනය පිළිගනිමින් මේ සුරම්‍ය වූ පර්වතය මුදුන් තලයෙහි ඉන්ද්‍රනීල නම් මාණික්‍ය මතුයෙහි බුදුන් වහන්සේ තම ශ්‍රී පාදය තැබූ විට මැටි පිඬක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ ශක්තියේ අධිෂ්ඨාන බලයට ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරුවූ සිරිපා කමල සළකුණු වූ බව සඳහන් වෙයි. ඉන් ඉක්බිති සමන්ත කුටය ශ්‍රී පාදස්ථානය නමින්ද ප්‍රසිද්ධියට පත් විය.
අනුරාධපුර යුගයටත් පෙර මුටසීව රජ දවස ක්‍රි.පූර්ව සිව්වැනි ශත වර්ෂයේ ඇලෙක්සැන්ඩර් නම් ගී‍්‍රක අධිරාජ්‍යයා අතිශය දුෂ්කර මේ මහා ගිරි ශිඛරය නැඟීමට පහසුවක් ලෙස යකඩ දම්වැල් සවිකර ශ්‍රී පාද කන්ද තරණය කළ බවත් ගී‍්‍රක ඉතිහාසයේ ලියැවී තිබෙන අතර කාශ්මීරයේ මේඝ වර්ණ නම් රජු බු.ව. 563 දී සමන්ත කූටය වන්දනාමාන කර ගත් බව කාශ්මීර ඉතිහාසයේ සඳහන්ව ඇත. අනුරාධපුර යුගයේ රජවරුන් මෙම ස්ථානය ගැන අවධානය යොමු කර ඇති බවක් මහාවංශ පූර්ව භාගයේ සඳහන් නොවේ.
කීර්ති නිශ්ශංක රාජ්‍ය සමයේ කොටෙකුගේ උපකාරයෙන් ශ්‍රී පාදස්ථානය සොයා ගත් බවට ජනප්‍රවාදයේ පැවැසෙතත් එය සාවද්‍ය බව සනාථ වන්නේ ඊට ප්‍රථම විජයබාහු රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ ශ්‍රී පාදස්ථානයට පිදූ ගම් පිළබඳව සාක්ෂි සහිතව ‘අඹගමුව ශිලා ලිපිය’ මගින් තහවුරු වන බැවිනි. දුටුගැමුණු රාජ්‍ය සමයේ සමන්තකූටයෙහි නවසියයක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බැව් මහාවංශයේ සටහන්ව තිබේ.
ක්‍රි.ව. 961 දී සොලීන් විසින් මෙහි තිබූ දා ගෙයක් විනාශ කළ බවත් ධ්ඍ මිහිඳු රජතුමා විසින් එය නැවත කරවන ලද බවත් කියැවෙයි. මහා පරාක්‍රමබාහු රජතුමා මෙහි සමන් දේවාලය කළ බව රාජාවලියේ සටහන්ව ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1752) හැට අමුණක කෙත් වතු, ගෙවතු ගහකොළ ඇතුළු කුට්ටම්පිටිය නම් වූ ග්‍රාමය සහිතව ශ්‍රී පාදස්ථානය වැලිවිට සරණංකර සංඝරාජ මහා නා හිමි ප්‍රමුඛ ශිෂ්‍යයානු ශිෂ්‍ය පරම්පරාව වෙත පිදූ බව ‘වැලිවිට තඹ සන්නසෙහි’ සඳහන් කර තිබේ. රජතුමාගේ නියමයෙන් ප්‍රතිරාජදේව අමැතිතුමා සමන්දෙව් රුවක් සාදවා රන්රුවන් ආභරණයන්ගෙන් සරසා එය සමන්ත කූට ඉස්මත්තෙහි වාඩා හිඳුවා ශ්‍රී පාද මණ්ඩපය කළ බව කියැවෙයි. වීර වික්‍රමබාහු රජතුමා එක් දවසින් සිරිපා කරුණාකර පස් රියනක් උස, පසළොස් රියනක් වට ඇති දොළොස් මහේ පහනක් පූජා කර, ගෙත්තම් පහනේ සිට පියගැට පෙළ 780 ක් ගලින් කළ බව ද පැරැණි තඹ සන්නසක සටහන්ව තිබේ.
ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීම සඳහා යෑමට ප්‍රධාන මාර්ග තුනක් ඇත. ඉන් රජ කාලයේ සිට පැවැත එන්නේ රත්නපුර පළාබද්දල සිට ඇති මාර්ගයයි. මෙය කි. මි. 10ක් පමණ දුරකින් යුක්තය. දෙවැනි ගමන්මාර්ගය වැටී ඇත්තේ කුරුවිට එරත්න හරහාය. තෙවැනි මාර්ගය නම් හැටන් නල්ලතන්නියේ සිට සැකැසී ඇති මාර්ගයයි. එය කි. මි. 6.5 ක් පමණ වූ මඟකි. බහුතරයක් වන්දනාකරුවන් පහසුව තකා අද සිරිපා වන්දනාවේ යෙදෙන්නේ නල්ලතන්නි මාර්ගයෙන් ය.
මෙසේ පාදමේ සිට ආරම්භ වන මාර්ග තුනක් තිබුණ ද පලාබද්දල සහ එරත්න මාර්ගය හැරමිටිපාන නම් ස්ථානයේ සිට එක් ගමන් මඟක් බවට පත්වෙයි. මේ ගමන් මාර්ග ත්‍රිත්වයේදීම වෙන් වෙන් වශයෙන් අපට ශීත ගඟුල යැයි නම් කළ තැනක් ගෙත්තම්පාන (ඉඳිකටුපාන), මහගිරිදඹ, අහස්ගව්ව වැනි ස්ථානයන් හමුවෙයි. පලාබද්දල මාර්ගයේදී හමුවන ධර්මරාජ ගල යන ස්ථානයේ පඩි පෙළ සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ, ධර්මාලංකාර සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ පරපුරේ කෙනෙක් විසින් බව ‘ධර්මරාජ ගල් සන්නස’ අනුව අනුමාන කෙරෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243 ක් (අඩි 7360) උස් වූ සමනොලකන්ද ආශි‍්‍රත සිරිපා අඩවිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයක් යා කරන පුළුල් පරාසයක පිහිටි පාරිසරික වශයෙන් මිල කළ නොහැකි ජල පෝෂිත කලාපයකි. මෙම සිරිපා අඩවිය මුළු ලක් දරණී තලයටම ජීවය ප්‍රදානය කිරීමට සමත් සතර මහා ගංගාවන්ට තිඹිරගෙය සාදන සොබාදම් මාතාව බඳුය.මේ ස්වභාව ධර්මයේ අසිරිමත් වූ අපූරු නිර්මාණය උතුම් බුදුපියාණන් ගේ පා කමල ස්පර්ශයෙන් වන්දනාමානයට පාත්‍ර වු පූජනීය ශුද්ධ භූමියක් බවට පත් විය. එතැන් සිට කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා වූ බැතිබර ජනතාව මේ මහා ගිරි ශිඛරය තරණය කරමින් සිරිපා කරුණා කිරීමේ අභියෝගයට එඩිතරව මුහුණ දෙන්නේ කාය ශක්තිය අභිභවමින් නැගී සිටින චිත්ත ශක්තිය වඩවාලීමට තරම් සිරිපා කමල සලකුණ සමත් වන නිසාය.


5 දිවාගුහාව


ලංකා මහිවරවධු මකුටායමානේ
අස්මිං සමන්තගිරිමුද්ධනි යත්ථ ලේණේ
සත්ථා දිවාවිහරනණං හි විහාසි තස්මා
වන්දාමි දේවමහිතං හි දිවාගුහංතං
බුදුන් වහන්සේ සමන්තකූටයට වැඩ ගිරග මත සිරිපා ලකුණ සටහන් කර දිවා විහාරණය (දිවා විහාරය) සඳහා කඳු සිඛර පා මුල වූ ගුහාවකට වැඩිය බව වංශ කතා වල සඳහන් වෙයි. බුදුන් වහන්සේ දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානය නිසා මෙය දිවා ගුහාව වශයෙන් ප්‍රකට විය. භගවා ගුහාව, භගවාලෙන යන වෙනත් නම් වලින් ද කියැවෙන්නේත් මෙයම ය.
දිවා ගුහාව පිහිටා ඇත්තේ ශ්‍රී පාද කන්ද පාමුල බව සිතීමට හැකි සාක්‍ෂී බොහෝමයක් තිබේ. මහාවංශය පවසන්නේ සංඝයා සහිත වු සේක් ඒ පර්වත පාදයෙහි සැපසේ දිවා විහරණය කොට.... ආදි වශයෙනි. පූජාවලියට අනුව සමනොල ශ්‍රී පාදය ඔබා එගල් පා විට භගවත් නම් ලෙන වැඩ හිඳ සමවත් සුවයෙන් දිවා විහාර කොට..ලෙස සඳහන් වෙයි. වෙදෙහ සාමින් විසින් රචිත සමන්තකූට වර්ණ ගාථා වලින් ද සමන්කුළ පාමුල දිවා ගුහාව පිහිටා ඇති බව පැවසේ.
සිරිපා මළුව සිට හැටන් පාර දිගේ අඩි 300 ක් පමණ බසින විට මාවත වම් පස අඩි 8 1/2 ක් උස අඩි 25 ක් පමණ දිගැති කොටසක් හාරා පළල් කළ ක්‍රමයෙන් නැමී ගිය රමණීය, පිහිටි ගල් ගුහාවකි. සුමන සුරිඳුන්ගේ ආරාධනාවෙන් සමන්කුළු මත සිරිපා ලකුණූ තැබු තථාගතයාණන් වහන්සේ දිවා විහරණය කළ සේක් පර්වත පාදයෙහි නුදුරින් පිහිටි තෙල ගල් ගුහාවේ යැයි සිතිය හැක. (සබරගමු පැරැණි ලියවිලි - පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල)
නිශ්චිත වශයෙන් මෙහි සඳහන් වන ගල්ලෙන කිසිසේත් අපට අමතක කර හෝ මග හැර යා නොහැකි ය. එතැනට පිවිසෙන ගවේෂකයාට මෙම ලෙන ඉදිරියේ වන ගල්බිත්තියේ ඇති සෙල් ලිපිය ඇස ගැසෙණු ඇත. කීර්ති ශ්‍රී නිශ්ශංක රජතුමා (ක්‍රි.ව. 1187) සිරිපා වැඳි ආකාරය දක්වන රේඛාමය රූ සටහනත් පේලි 7 කින් යුතු අඟල් 10 ක් දිග අඟල් 9 ක් පළල සෙල් ලිපියත්, ඊට දකුණු පසින් ඇති අඩි 5 අගල් 6 ක් දිග සහ අඩි 1 යි අඟල් 10 ක් පළල පේලි 14 කින් යුතු සෙල් ලිපියත් මේ ගුහාවේ ඉදිරියේ වන ගල් බිත්තියේ සටහන්ව තිබේ. පොළොන්නරු සමයේ සිංහල අක්‍ෂරයෙන් ලියන ලද මෙම සෙල් ලිපි දෙකෙන් මුල් සෙල් ලිපියේ කොටා ඇති රේඛා සිතුවමෙහි උස් හිස් වැස්මකින් සහ ශරීරය අලංකාර කරන ලද ආභරණ ද පැළැඳ වන්දනීය ඉරියව්වෙන් පිළිබිඹු වන මානව රූපය කීර්ති ශි‍්‍ර නිශ්ශංක රජතුමාගේ බව සනාථ කර ගත හැක.
රජතුමා ඇද සිටින්නේ පොළොන්නරු යුගයට අයත් ඇඳුම් බව වියත් මතය යි. එහි ඇති අක්‍ෂරයන් මෙසේ ය. නිශ්ශං-ක පරාක්‍රමබාහු-හු චක්‍රවර්ති ස්වාමින්වහන්සේ-පදලස දා -බැඳ බැස සිටි-නියායි. මෙහි වචන වෙන් කර තිබෙන්නේ එම පේලි හතේ තිබෙන ආකාරයට ය. දෙවැනි සෙල් ලිපියේ සඳහන් වන්නේ නිශ්ශංකමල්ල රජතුමා සිරිලක එක්සේසත් කළ බවත් සිරිපාමළුව රජත මාලයන්ගෙන් සහ නව රත්නයන්ගෙන් සැරැසූ බවත්....ආදි වශයෙනි. මෙහි සමහර අක්‍ෂර මැකී ගොස් ය.
ගල් පස් රොඩු ආදියෙන් මුහුණත වැසි ඇති කටු කොහොළු වන ලැහැබ ආක්‍රමණයෙන් මෙම ඓතිහාසික ස්ථානය ගන වනයට වහන් වී තිබෙයි. ඒවා ශුද්ධ පවිත්‍ර කර ඇතුළත පාදා ගතහොත් සමහරවිට තවත් ඵෙතිහාසික සාධක මතුකර ගැනීමට පුළුවන් විය හැකි ය. දහස් ගණන් වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට යන මඟ ආසන්නයේ පිහිටා තිබුණ ද එය වනගහනය විසින් සඟවා තබාගෙන සිටියි. එහෙත් රජතුමා සෙල් ලිපියක් කෙටීමට මෙවැනි ස්ථානයක් තෝරා ගැනීමම විශේෂයක් නොවන්නේද?
ගවේෂකයකුට මෙය කදිම සාක්‍ෂියකි. ඒ ඔස්සේ ගමන ඇරැඹිය හැක. දිවා ගුහාව සොයා නොගන්නා තාක්කල් දිවාගුහා තැන තැන බිහිවේ..මිනිසා ද මංමුලා වෙයි. ඒ උතුම් පූජනීය ස්ථානයේ වටිනාකමද හෑල්ලු වෙයි. ඉතින් දැනට ඇති සාක්‍ෂි මත පිහිටා හෝ දිවාගුහාව සොයායන වන්දනා චාරිකාව ඇරැඹිය යුතුය. ඒ ගුහා විහාරයට හෙට මලක් පහනක් පුදන්නට අපට පින ලැබේවායි ප්‍රාර්ථනා කරමු.



6 දීඝවාපිය


 නිසඡ්ඡ යස්මිං භගවා සසාවකෝඛණං සමාපත්තිසුඛං සමප්පයී
සරීරධාතුං හි නිධාන කාරිතං
නමාමි චේතිං සිරි දීඝවාපිකං
බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේදී දිවා ගුහාවෙහි දිවා විහරණය කිරීමෙන් අනතුරුව දීඝවාපියට සපැමිණ දීඝවාපී චෛත්‍ය රාජයාණන් පිහිටා ඇති ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බව වංශ කතා මගින් සනාථ වෙයි.
සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපි ග්‍රාමසේවා වසම තුළ සමන්තුරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ. මෙය අයත් වන්නේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයටය.
බුදුන් වහන්සේගේ පහසින් අති පූජනීයත්වයට පත් වූ නිසාම මෙය සුවිශේෂී වූ පුද බිමක් වශයෙන් සැළකිය හැකි ය.
දීඝවාපිය ඉපැරණි ශාක්‍ය ආර්ය ජනපදයකි. දීඝායු කුමරා විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ ජනපදය මේ යැයි කියැවෙයි. ධාතු වංශයට අනුව මෙය දිඝා වැව ලෙස සඳහන් වීමෙන් හැඟී යන්නේ මෙහි දීර්ඝ වූ වැවක් නිසා දීඝවාපිය වශයෙන් වැහැරූ බවකි. දීඝවාපිය පසු කලෙක දිගාමඩුල්ල වශයෙන්ද ප්‍රකටව තිබේ.
මෙම දිගාමඩුල්ලෙහි මහා වැවක් කරවන ලද්දේ කාවන්තිස්ස රජතුමා විසිනි. එදා මෙම ජනපදය කෙත් වතු වලින් සපිරි සශ්‍රීක ගොවි බිමක් වශයෙන් පැවතුනි. කාවන්තිස්ස රජතුමා සේරුවිලයාදි දීඝනඛය පිහිටන ස්ථානයේ දිගාමඩුල්ලෙහි සද්ධාතිස්ස කුමාරයා නැවැත් වූ බව ධාතුවංසය පවසයි.
දීඝවාපි චෛත්‍යය කරවන ලද්දේ සද්ධාතිස්ස කුමාරයා (ක්‍රි.පූ. 137 119 ) විසිනි. මෙම ස්තූපයට සත් රුවන් සැට්ටයක් කරවා පළඳවා රියසක පමණට (කරත්ත රෝද) මලින් අලංකාර කර පූජා කළ බව මහා වංශයේ සඳහන් වෙයි.
ජනප්‍රවාදයේ පැවැත එන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව නිධන් කර මෙම ස්තූපය සාදා ඇති බවයි.
පූජාවලියට අනුව මෙය දීඝානඛා වෙහෙර ලෙස හඳුන්වයි. මහනුවර යුගයේ නම් පොතෙහි මෙය හඳුන්වන්නේ නඛ වෙහෙර නමිනි. මලියදේව නම් මහ රහතන් වහන්සේ මෙහි සිට ධජග්ග සූත්‍රය දේශනා කළ අතර එය ශ්‍රවණය කළ භික්‍ෂූන් වහන්සේ හැට නමක් රහත් වූ බව පපංචසුදනියෙහි සඳහන් වෙයි.
සද්ධාතිස්ස කුමරු අනුරාධපුරයේ රජවීමෙන් පසුව තම පුත් ලජ්ජතිස්ස කුමරුට දිගාමඩුල්ල පාලනය පැවැරූ බවත් ඔහුගෙන් පසුව මෙම ප්‍රදේශය අභාවට පත්වූ බවත් කියැවෙයි.
ඉන්පසුව මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නඛ වෙහෙරට ගිය විස්තරයක් මහාවංශයේ සඳහන් වෙයි.
දීඝවාපිය පුරාවිද්‍යා කැණීම් වලදී වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඒ අනුව ස්තූපය වටා ප්‍රාකාර බැමි දෙකක්තිබුණු බවත් ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී හමුවූ රන් කරඬු තුනක් සහ රන්පත් ඉරු සන්නසක් වැදගත් ඓතිහාසික පසුබිමක් නියෝජනය කරයි.
මෙම සන්නස ක්‍රි.ව.දෙවන සියවසෙහි ලියන ලද්දකි. මහල්ලක නාග රජ කණිට්ඨතිස්ස රජ මෙම සන්දේශයෙන් හඳුනා ගැනීමට ලැබෙයි.
එසේම අඩි 4 1/2 ක් පමණ උසැති කවන්ධ (හිස නැති) හිටි පිළිම වහන්සේකුඩා ඔත් පිළිමය සහ ධ්‍යාන මුද්‍රාව නිරූපණය කරනා හිඳි පිළිම වහන්සේ අනුව සිතාගත හැක්කේ මෙහි පිළිම ගෙයක් තිබූ බවය.
මෙම කැණීම් වලදි පැරැණි බෝධිඝරයකආවාසගෘහයක සහ ආරෝග්‍ය ශාලාවක ශේෂයන්ද තහවුරු කරගෙන ඇත. මෙහි අක්කර 500 කට අයත් ප්‍රදේශවල ආරාමික ශේෂයන් මතු විය. අක්කර 12,000 ක් පමණ වූ දීඝවාපියට අයත් ව තිබූ පුළුල් වපසරියක් තුළ තවත් බොහෝ නටබුන් රැසක් සොයා ගෙන තිබේ.
මේ සියලු පුරාවිද්‍යා සාධකයන්ගෙන් පෙනී යන්නේ පැරැණි දීඝවාපි පුදබිම ඉතා පුළුල් බෞද්ධාගමික මධ්‍යස්ථානයක්වශයෙන් පැවැති බවයි.
කාලයද කෙමෙන් ගෙවී යද්දී මේ වටිනා බෞද්ධ උරුමයට අයත්ව තිබූ භූමි ප්‍රදේශයද ඇකී මැකී යමින් අද දීඝවාපියට ඉතිරිව ඇත්තේ කුඩා භූමි ප්‍රදේශයකි. නටබුන් වූ චෛත්‍ය තවමත් මනාසේ ගොඩනැඟී නොමැත.
අප මාතෘ භූමියට ධර්මදීපය යැයි විරුදාවලිය ලැබීමට එක් ප්‍රබල හේතුවක් වූයේ කුදුමහත් කඳු සිඛරයන් මතනිල්වන් කෙත්වතු ඉහැත්තෑවේ මහා සාගර බඳු වැව් තාවුළු සමීපයේසොඳුරු තෝ තැන්නේ ඉදිවූ චෛත්‍ය මණ්ඩලයක ආනන්දනීය වූ දර්ශනය නිසාය. සතර දිසා ඇද බැඳ තබා ගත් මෙවන් මහා සෑ රඳුන් හඬගා කීවේ මේ අපේ මව් බිම ධර්මදීපයක්ම කියාය.
ඒ නිසාම ලාංකේය බෞද්ධ ජනතාව විශේෂයෙන් මේ දීඝවාපිය වැනි පුදබිම් වඩාත් හොඳින් බලා හදාගෙන දියුණු තියුණු කළ යුතු වන්නේ මෙය නැගෙනහිර ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධයබෞද්ධ උරුමය නඟා සිටුවීමසුරැකීම වෙනුවෙන් මහාමේරුවක් සේ පෙනී සිටින අභිමානවත් ප්‍රභල සංකේතයක් වන බැවිනි.


මුතියංගන සෑ රදුන්



විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා
සුරක්ඛිතං ඉන්දක දේව තේජසා
ජයංගණං සීහල දීප වාසිනං
මුතිංගණං ථූප වරං නමාමි
සොළොස්මස්ථානයන් අතරින් සත් වැනි ස්ථානය ලෙස නම් කර ඇත්තේ මුතියංගනය මහා සෑ රදුන් ය. එහෙත් එය පිළිබඳ වැඩි විස්තර වංශ කතාවල ඵල නොවී තිබීම ප්‍රශ්නකාරී වෙයි.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මධ්‍යයේ ය. මහාවංශය මෙය පිළිබඳ කතා නොකර යි. බෝධි වංශයේ ද එය එසේමය. ධාතු වංශයේ දී ද මුතියංගනය පිළිබඳව නො කියැ වෙයි. එහෙත් මෙම ඉතිහාස ග්‍රන්ථයන්ට වඩා පැරැණි වූ සමන්තපාසාදිකා වෙහි සදහන් වන්නේ මෙසේය. සම්බුදුහු මෙදුවට ධරමාන කාලයෙ මැ තෙවරක් වැඩියහ. තෙවන වර පන්සියයක් මහණ පිරිවර ඇති වැ අවුත් මහා චෛත්‍යස්ථානයේ ද ථූපාරාම චෛත්‍ය ස්ථානයේ ද මහා බෝධි ප්‍රතිෂ්ඨිතස්ථානයේ ද මුතියංගන චෛත්‍යස්ථානයේ ද දීඝාවාපි චෛත්‍යස්ථානයේ ද කල්‍යාණී චෛත්‍යස්ථානයේ ද නිරෝධ සමාපත්තියට සමවැදී හුන් සේක.
මේ අනුව මුතියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ ද සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්ති සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස හඳුනා ගත හැකි වෙයි. සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දී මෙම ස්ථානයට වඩින විට මෙම ප්‍රදේශය ජනාවාසයක්ව පැවැති බව කියැ වෙයි. පෙර යක්‍ෂ ගෝත්‍රය විසූ බිම්තැනි ප්‍රදේශයටම අයත්ව තිබූ මුතියංගනය සම්බුදු දහමේ පහසින් ආලෝකය ලද පූජනීය වූ පුද බිමකි.
එසේම ලාංකේය බෞද්ධ ඉතිහාස කතාව පිරික්සීමේදී මව්බිමේ සද්ධාවන්ත බෞද්ධයින්ට විශේෂිත වූ පුදබිම් නිර්ණය කිරීමේ දී විහාරස්ථානයක වටිනාකම් තක්සේරු කිරීමටඑහි ඇති චෛත්‍යයබෝධීන් වහන්සේවිහාර මන්දිර ආදී අංගයන්ගේ ඉපැරණි බව ඒවායේ විශේෂතාආදිය ද සැළකිල්ලට භාජනය වෙයි. විහාරස්ථානයකපුද බිමකඅෂ්ටඵල දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා රෝපණය වී ඇතිනම් එම පුදබිමෙහි පූජනීයත්වය තව තවත් වර්ධනය වේ. ඓතිහාසික වටිනාකම ද වැඩිවේ.
මෙම මුතියංගන පුද බිමෙහි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේදෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති බව කියැ වෙයි. ලංකාව පුරා ඇති විහාරස්ථාන අති බහුතරයක් අතර එවන් වූ ස්ථානයන් ඇත්තේ තිස් දෙකක් පමණක් වීම එහි ඇති විශේෂයයි.
බෞද්ධාගමබෞද්ධ ආකල්පමෙම දිවයිනේ සතර දිග් භාගය පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි මෙසේ දෙතිස්ඵල රුහ බෝධීන් රෝපණය කර ඇත. ඉන් අපේක්‍ෂා කළේ බුද්ධාගම දීප ව්‍යාප්ත කිරීම ය. ඒ සඳහා සුවිශේෂී වූ පිවිතුරු බිම් තෝරාගෙන එයට රාජ්‍ය අනුග්‍රහය දැක්වීය.
මේ අනුව ක්‍රි.පූර්ව තුන්වන සියවසේ දී මෙහි සර්වඥ ධාතූන් නිධන්කර දේවානම්පියතිස්ස රජතුමා විසින් මුතියංගන මහා සෑය කළ බව ථූපවංශය ආදී වංශ කතා වලට අනුව සනාථ කරගත හැකි වෙයි. පසුව ජෙට්ඨතිස්ස රජතුමා එම ස්තූපය තවත් විශාල කර බන්ධවා ඇත. පසු කලෙක සතුරු ආක්‍රමණයන්ගෙන් විනාශ වීම් වලට විහාරස්ථානය බඳුන් වී තිබේ. එය දෙවන රාජසිංහ වැනි රජවරුන්ගේ අනුග්‍රහයෙන් අලුත්වැඩියා කළ බවද සඳහන් වෙයි.
ජනප්‍රවාදයට අනුව මුතියංගන පුදබිම එ දවස රහතන් වහන්සේ වැඩ සිටි ස්ථානයක් බව විශ්වාස කෙරෙයි. බෞද්ධ ඉතිහාස කතාව හා දක්වන සම්බන්ධතාවය නිසා මුතියංගනය රජමහා විහාරය ලංකාවේ සිද්ධස්ථාන අතර ප්‍රධාන සිද්ධස්ථානයකි. ඌව පළාතේ විහාරස්ථානයන් අතර මෙය දෙවැනි වන්නේ මහියංගනයට පමණි. ගිරි මේඛලාවකින් වටවූ සොභාව සෞන්දර්යයෙන් සපිරි බදුලු පුරවරයේ සොඳුරු පරිසරය සැදැහැති ලකුණෙන් පහන් කරවීමට මේ ඓතිහාසික මුතියංගන මහා සෑ රදුන් සමන් වී සිටියි.

8. තිස්සමහාරාම සෑ රදුන්


නිධාය සෝවණ්ණ මුනින්ද බිම්බේ
පුණ්ණින්දු සංකාස ලළාටධාතුං
අකාරයී තිස්ස නරිස්සරෝතං
ථූපං ‍නමේ තිස්සමහාවිහාරේ
තිස්සමහාරාම චෛත්‍ය වන්දනා ගාථාවේ කියැවෙන්නේ සම්පූර්ණයෙන් සඳ මඬලක් වැනි වූ ලළාට ධාතූන් වහන්සේ නිධන්කොට කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද තිස්සමහාරාම චෛත්‍යයට මම නමස්කාර කරමි යන්නය.
බුදුරජාණන් වහන්සේ තුන් වැනි වරට ලංකාවට සපැමිණි අවස්ථාවේ දී සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙස මෙම තිස්සමහාරාමය හඳුන්වයි.
2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සම්පාදනය කරන ලද 2500 ජයන්ති ඉතිහාසය නම් ග්‍රන්ථයට අනුව සටහන්ව ඇත්තේ තිස්ස මහා විහාර කීපයක් ඇතත් මහා ස්ථානය වූයේ එයින් කුමක්දැයි හරි හැටි තේරුම් ගැනීම දුෂ්කර බවයි.
මහාවංශාදී සැලකිය යුතු ග්‍රන්ථයක නැති මෙම ස්ථානය පිළිබඳව ධාතු වංශය සඳහන් කරයි. එහි දැක්වෙන්නේ කාවන්තිස්ස රජ විසින් සිය නම තබා මාගම එකක් ද සේරුවිල තවෙකක් ද වශයෙන් තිස්ස විහාර දෙකක් කළ බවයි. ඒ දෙතැනටම බුදුන් වහන්සේ වැඩි බව එහි දැක්වෙයි. ජයන්ති ඉතිහාසය තව දුරටත් සඳහන් කරන්නේ මෙසේ ය.
සේරුවිල මංගල චෛත්‍යයේ ලළාට ධාතු පිහිටීමේ පුවත ඇතුළත් තිස්සමහා වෙහෙර ධාතු පිළිවෙළ කතාව වශයෙන් හැඳින්වෙන ධාතු වංශය අනුවැ සැලැකිය හැක්කේ බුදුරදුන් සේරුවිලට වැඩි බව මැයැ.
එහි එකල විසුවෝ නාග ග්‍රෝත්‍රිකයෝ යැ. ඔවුන්ගේ පාලකයා සුමන නම් නා රජෙකි. සේරුවිල සමීපයේ පිහිටි නයින්ගේ විල්ගම් වෙහෙරේ ද ඵල රුහ බෝධීන් පිහිටි බව බෝධිවංශය කියයි. එයින් ද එහි නාගයින් විසූ බව තහවුරු වෙයි. බුදුන් පාරිබෝග කළ ස්ථානයේ නයින් කළ චෛත්‍යය ලළාට ධාතු පිහිටුවා කාවන්තිස්ස රජු දියුණූ කළ බවත් තිස්ස මහා විහාර නම් මහා ස්ථානය එය බවත් මාගම වූයේ භික්‍ෂූන් විසූ තිස්සමහාරාමය බවත් සිතිය හැක.
නමුත් අද අපි සම්ප්‍රදායිකව සොළොස්මස්ථානයේ තිස්සමහාරාමය වශයෙන් හඳුනා ගන්නේ රුහුණු පුරවරයේ තිස්සමහාරාමයය.
ක්‍රි.පූර්ව දෙවන ශත වර්ෂයේ දී රුහුණු මාගම්පුර පාලනය කළ කාවන්තිස්ස රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදී. මහානාගයටාලතිස්සගෝඨාභය යන රුහුණේ රජ කළ රජවරු විසින් බුදුන්ගේ ලලාට ධාතූන් වහන්සේ වැඩ හිඳුවා ගොඩ නංවන ලද ධාතු ඝරයට පුද සත්කාර කරන ලද බවත් පසු කලෙක එම ධාතුඝරය වට කොට කාවන්තිස්ස රජු තමාගේ නම යොදා එදා තිස්ස මහ විහාරය කර වූ බවත් කියැවෙයි. ජෙට්ටතිස්ස රජු විහාරයට ඉඩකඩම් කෙත්වතු පූජා කළේ ය. එසේම වසභ රජු ද ළමැනි මිහිඳු රජු ද තිස්සමහාරාමයේ නඩත්තුව සඳහා කෙත්වතු පූජා කර තිබෙයි.
අටවන සිය වසෙන් පසුව වල් බිහිවී ගිය මෙය 17 සහ 18 සියවස් හි දී අලුත් වැඩියා කර ඇත.
මහනුවර යුගයේ දී ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තිස්ස විහාරයේ සංරක්‍ෂණය කළ බව ද කියැවෙයි.
වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ බැමිණිටියාසායේ දී වසර සියයකට පමණ සෑහෙන ධාන්‍ය තොග මීයන් විසින් කා දමන ලද බවත් විභංග අටුවාවෙහි සඳහන් වෙයි. තිස්ස මහා විහාරයට අයත් ව තිබූ සිලාපස්ස පිරිවෙණ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සැදි මහා පිරිවෙනක් බව සිතිය හැකි වේ. බැමිණිටියා මහා දුර්භික්‍ෂය වන විට මෙහි දොළොස් දහසක් මහරහතන් වහන්සේ වැඩි සිටි බව වංශ කතා අනුව කියැවෙයි.
තිස්සමහාරාම චෛත්‍ය රුහුණු පුරවරයෙහි මහා සෑය නොහොත් රුවන්වැලි මහ සෑයට සමාන කරමින් හැඳින්වීමෙන් පෙනී යන්නේ මෙය ද අප මාතෘ භූමියේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පූජනීයත්වයට පත්ව ඇති බවයි. තිස්ස මහා වැවත් නිල්ලෙන් පිරි කෙත්වතු මධ්‍යයේ කිරුළක් සේ දිදුලන තිස්ස මහා ස්තූපය. එම පරිසරයට චමත්කාරය එක් කරළමින් සොඳුරු දර්ශනයක් මවයි.
සොළොස්මස්ථානය පිළිබඳව කතා කිරීමේ දී ඇතැම් ස්ථානයන් පිළිබඳව නිශ්චිත නිගමනයට එළැඹිය නොහැක. ඉතිහාසඥයන්පුරා විද්‍යාඥයන් පුරා විද්‍යා සාධක මත ගැඹුරට ගවේෂණයන් කළහොත් බොහෝ ස්ථානයන් එම පරීක්‍ෂණ වලදී අසමත් වීමට ඉඩ ඇත. එහෙත් පාරම්පරිකව පැවැතඑන සම්ප්‍රදායන් සහ ජනශ්‍රැති මත චිරාත් කාලයක් තිස්සේ අපගේ වන්දනාමානයට බඳුන් වෙමින් මෙම ස්ථාන අද වන විට පූජනීයත්වයෙන් අනූන සුවිශේෂී පුද බිම් බවට පත් වී තිබේ.
මෙවන් මහා දැවැන්ත ස්තූපයන් ආවාට ගියාට ගොඩ නැඟෙන්නේ ද නැත. එවන් මහා සෑ රඳුන් අභියසදී බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩෙන සිත් සතන් මොහොතකට හෝ සැනසෙන බව නම් සත්‍යයකි. සේරු නුවරදී වුවත් තිස්සමහාරාමයේ දී වුවත් මෙවන් මහා ස්තූප රාජයන් අභියසදී අපගේ සිත් සතන් නිවී පහන් වී සමාධි ගත වේ නම් ඒ මහා පිවිතුරු ආලෝකය පැතිරෙන්නේ අවර ගිරෙන් දැයි පෑල දොරින් දැයි ගැටලුවක් ඇති කර ගත නොහේ. ඒවා අපගේ ළය මඬලේ පිවිතුරුධවල පැහැයෙන් ගොඩනැඟී ඇත්තේ කිසිදා අක්මුල් සිඳ ගලවා ඉවත් කළ නොහැකි අපගේ සංස්කෘතිය හා බැඳි බොදු උරුමයේ මහා ස්මාරකයන් ලෙසය. විලම්භීත දැක දුවන සිතනිවන මේ මහා සැදැහැති බොදු උරුමයන් දිවි හිමියෙන් සුරැකිය යුතු වන්නේ ද ඒ නිසාම ය.


9. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සාමී
ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපගේ සංස්කෘතික නව ප්‍රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය. එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.
දේවානම්පියතිස්ස මහරජතුමා මහමෙව්නා උයන මහා සංඝරත්නයට පූජා කළ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත දෑ සමන් මල් පැසක් පූජා කළේ ය. උන්වහන්සේ ඒ දෑසමන් මල් අට මිට බැගින් ඉසින ලද ස්ථානයන් අට පූජනීය වූ අටමස්ථානය බවට පත් විය.
එම අටමස්ථානය නම් මේ කල්පයේ බුද්ධත්වයට පත් කකුසඳකෝණාගමකාශ්‍යප සහ ගෞතම යන සිව් මහා සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදී සිටි පූජනීය වූද පාරිශුද්ධ වූ ද ස්ථානයන් ය. එහි එක් ස්ථානයක මේ කල්පය තුළ ලොව්තුරා බුද්ධත්වයට පත් කකුසඳ කෝණාගමසහ කාශ්‍යප යන තුන් බුදුවරුන් පිට දුන් බෝධීන් වහන්සේලාගේ දක්‍ෂිණ ශාඛාවෝ රෝපණය කළ පිවිතුරු බිම පිහිටියේ ය. එම පාරිශුද්ධ වූ බිම් කඩෙහිම ගෞතම බුදුරජාණන් වහන්සේ පිටදුන් ශ්‍රී මහා බෝධී දක්‍ෂිණ ශාඛාව රෝපිත බව වංශ කතාවල සඳහන්ව තිබේ.
එය අද දක්වා විරාජමානව වැඩ වසන්නේ අනුරාධපුරයේමිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළ මහා විහාර භූමියේ මහමෙව්නාව නම් රමණීය වූ උද්‍යානය තුළය. විෂම වූද අතිශය සංකීර්ණ වූද අනන්තාපරිමාන සංසාර චක්‍රයේ යථා ස්වරූපය මනාසේ දැක පරම සත්‍යාවබෝධයමාර්ග ඥානය අවබෝධ කර ගැනීම බුද්ධ යන වචනයේ අර්ථයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ එම ලොව්තුරා අග්‍ර ඵලය වූ සම්බුද්ධත්වයට සපැමිණීම උදෙසා වැඩහිඳිමින් සෙවනසිසිලස සලසා ගත්තේ ගයා ශීර්ෂයේ නේරංජනානම් සුන්දර නදිය තීර්තයේ පිහිටියා වූ ඇසතු නම් මහා වනස්පතිය සමීපයේ දී ය. ඒ සමඟම ඇසතු වෘක්ෂය බුද්ධියේ වෘක්‍ෂය බවට පරිවර්තනය විය. බුද්ධියේ වෘක්‍ෂය නොහොත් බෝ වෘක්‍ෂය එළෙස ශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ තුඩ තුඩ රැඳුණු වන්දනීය වූද පූජනීය වූද මහා වෘක්‍ෂය බවට පත් විය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට බුදුසසුන හඳුන්වා දීමෙන් පසුව දෙවනපෑතිස් රාජෝත්තමයාගේ ඉල්ලීම පරිදි බුද්ධ වර්ෂ 237 උඳුවප් පුර පොහෝ දින දඹදිව තාම්‍රලිප්තයෙන් නැව් නැඟී සංඝමිත්තා මහරහත් මෙහෙණීන් වහන්සේගේ සුරතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව අප මාතෘභූමියේ දඹකොළ පටුන නැව්තොට වෙතට වඩමවාගෙන සපැමිණි බව වංශකතාවලින් සනාථ වෙයි. ශ්‍රී ලංකාව නම් ධර්මද්වීපයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙම පිවිතුරු බිමෙහි රෝපණය වී දැනට බුද්ධ වර්ෂ 2319 ක් වූ ආයු කාලයක් ගෙවමින් දැනටද විරාජමානව වැඩ හිඳියි.උප්පත්ති කතාවේ සිට සාක්‍ෂි සහිත පැටිකිරියක් සහිත ලෝකයේ ඉපැරණිම වෘක්ෂය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වීම සමස්ත ලෝක ඉතිහාසයටම සුවිශේෂී වූ කාරණයකි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පිවිතුරු භූමියේ වඩා හිඳුවාලු මොහොතේ සවනක් රැස් විහිදුවමින් පෙළහර පාමින් මුළු මිහිතලයම ප්‍රකම්පිත වූ බවත් මහා වංශයේ මෙන්ම වංශ කතාවන්හි සඳහන්ව තිබේ. කම්පාවීම යනු මේ මහී මණ්ඩලය ඒ උත්තරීතර වස්තුව සාතිශය සතුටින් පිළිගත් බව ලෝ ධාතුවට හැඟවීමට කළ සංඥාවය. එම ඓශ්චර්යවත් දර්ශනය දුටු දේවානම්පියතිස්ස නිරිඳාණෝ එයට උපහාර පිණිස දොහොත් මුදුන් දී වැඳ මේ ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයට පූජා කළ සේක.

 

 

 10. මිරිසවැටි මහා සෑ රදුන්



අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං


ලංකා රාජ්‍ය එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා රාජවංශ කතාවේ ඔටුණු පලන් රජ වරු අතර විශිෂ්ටයෙකි. පූජාවලිය පවසන්නේ මේ මහා නරපතිඳුන් ලෝක ශාසනයට මවක බවයි. මහා වංශයට සහ පූජාවලියට අනුව දුටු ගැමුණු රජතුමා (ක්‍රි.පූ. 161137) තම වසර 24 ක රාජ්‍ය කාලය තුළ විහාර අනූනවයක් කළ බව කියැවෙයි.
එවන් වූ මහී පාලකයාණන් විසින් කළ ප්‍රථම ස්තූපය මිරිසවැටිය චෛත්‍ය නිසා මෙය සුවිශේෂී ස්මාරකයකි. අටමස්ථානයෙන් එකක් වූ මිරිසවැටි චෛත්‍ය අනුරාධපුර ශුද්ධ භූමියේ තිසා වැවටත් අභය වැවටත් අතර ශ්‍රී මහා බෝධීන් වහන්සේට නුදුරින් පිහිටා තිබේ.
සොලීන්ට යටත්ව තිබූ අප මාතෘ භූමිය එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාගේ රාජභිෂේකයෙන් සත් දිනකට පසුව ඇරැඹුණු විහාර කර්මාන්තය නිමා කිරීමට වසර තුනක පමණ කාලයක් ගත වී තිබේ. එය සිදු වී ඇත්තේ බුද්ධ වර්ෂ 385 දී පමණ ය.
කුඩා කල තම දෙමාපියන්ට වූ පොරොන්දුවක් පරිදි සංඝයා වහන්සේට නොදී රජතුමා කිසිවක් අනුභව නොකළේ ය. එහෙත් පෙර දිනක අමතක වීමකින් භික්‍ෂූන්ට නොදී මිරිස් වැටියක් (මෙය මිරිස් ව්‍යාංජනයක් විය හැක) අනුභව කළ නිසා තම හෘද සාක්‍ෂිය විසින් ම පමුණුවා ගත් දඬුවමට වන්දි ගෙවීමට රජතුමා මිරිසවැටිය චෛත්‍ය කළ බව ඉතිහාස ග්‍රන්ථයන්ට අනුව සනාථ කර ගත හැක.
දුටුගැමුණු රාජාභිsකය සිදු වී සත් දිනක් ඇවෑමෙන් රජතුමා සර්වඥ ධාතූන් සහිත තම කුන්තායුධය නොහොත් ජයකුන්තය පෙරටු කර ගනිමින් මහ පෙරහරින් අනුරපුර තිසා වැවට සම්ප්‍රාප්ත වූයේ ජල ක්‍රීඩාව පිණිස ය. ඒ අසළ එම ජයකුන්තය සෘජුව තබන ලද බවත් ජලස්නානයෙන් පසුව පසු ගමන් ඇරැඹීමේදී රාජ පුරු- ෂයිනි ජය කුන්තය වඩම්මවව් යැයි අණ කළ කල්හි එය එසවීමට හෝ සෙලවීමටවත් රාජපුරුෂයන්ට නොහැකි වූ බවත් පැවැසෙයි. මෙය ආශ්චර්යයකි. රැස් වූ සේනාවන් නෙක නෙක වූ සුවඳ මලින් ජයකුන්තයට පූජෝපහාර දැක් වූ පසුව කුන්තායුධය එසේම තිබෙන්නට හැර එය වටා චෛත්‍යයක් ගොඩනැඟුවේ පෙර කළ වරදට ද වන්දි ගෙවීමක් වශයෙනි. එම වන්දිය නම්මිරිසවැටි මහා දා ගැබයි.
දඹදිව් පුරයෙන් ද අප මව්බිමෙන් ද වැඩම වූ ලක්‍ෂයක් භික්‍ෂූන් වහන්සේ සහ අනූ දහසක් භික්‍ෂුණීන් වහන්සේ ද පෙරටු කර අරහත් අජයෙන් බැබලුවා වූ පුණ්‍ය භූමියේ දී සත් දිනක් කළ මහා පුද සත්කාර මධ්‍යයේ මිරිසවැටිය නම් මහ දා ගැබ සඟ සතු කොට පූජා කළ බව වංශ කතාවල සඳහන් කර තිබේ.
මෙම දානමය පුණ්‍ය කර්මයට කළ පරිත්‍යාග සහ අනර්ඝ වස්තූන් හැර දහනව කෝටියක් කහවණු වැය කළ බව සඳහන් වෙයි. මෙහි මුල් ස්වරූපය අර්ධ කවාකාරය. එහි හතරැස් කොටුව හා ඡත්‍රය තිබුණ ද දේවතාකොටුව සහ කොත් කැරැල්ල චෛත්‍යයට එක් වී ඇත්තේ පසු කාලයකැදී ය.වොහාරතිස්ස (වර්ෂ 757 ) මෙහි නවකම් කළ බවත් පළමුවෙනි ගජබාහු (කි.ව. 112  134 ) සිට බොහෝ රජවරු චෛත්‍යයේ වර්ධනයට සහ පිළිසකර කිරීම් වලට තම අනුග්‍රහය දැක්වූ බවත් කියැවෙයි. පසු කලෙක සොලී ආක්‍රමණිකයන් කඩාබිඳ දැමූ චෛත්‍ය මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1153-1186) රියන් 80 ක් (අඩි 120) උසට බැන්ද වූ බවත් පැවසෙ යි.
ඉතාම කලාත්මක කැටයම් වාහල්කඩ ආදියෙන් අලංකෘත වූ ස්තූපයේ මුල් ස්වරූපය පසුව එලැඹි නෙක විපත් සහ පිළිසකර කිරීම් ආදියේ දී විනාශ වී ඇති බවට සාධක හමු වී තිබේ. හෙන්රි පාකර්ගේ විස්තරයක සඳහන් වන්නේ ක්‍රි.ව.1873 වන විට මෙය වල් බිහි වී තිබූ බව ය.
1885 වසරේ දී එස්.එම්. බරෝස් යටතේ මිරිසවැටි චෛත්‍ය කැනීම් සිදු කෙරිණි.1888 වසරේ සියම් කමරකු පරිත්‍යාග කළ පවුම් 1000 ක මුදලින් ගොඩන් (1883  1890 ) ආණ්ඩුකාරයාගේ කාලයේ ස්තූපය පිළිසකර කරන ලදී. යුරෝපීය කර්මාන්තකාරයන්ගේ අදහස් පරිදි කළ ප්‍රතිසංස්කරණයන් සතුටුදායක ලෙස නිම කිරීමට නුපුළුවන් වීම බෞද්ධයන්ට මහත් පාඩුවක් වූ බව වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ සිතියම් සහිත පුරාවිද්‍යාව පොතේ සඳහන්ව තිබේ.
මෑත වකවානුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්තූපය පිළිසකර කළ නමුත් 1987 වසරේ දී එය කැබැලි වලට කැඩී මහ හඬ නංවමින් පුපුරා ගියේ ය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම නැවත ප්‍රතිසංස්කරණ කරන ලද වර්තමාන ස්තූපයේ උස අඩි 192 කි. විශ්කම්භය අඩි 141 කි.
දුටුගැමුණු නරෝත්තමයාණන් කළ ප්‍රථම ස්තූ®පය මෙයයි. අටමස්ථානයේ තවත් එක් පූජනීය වස්තුවක් වන්නේ ද මෙයයි. මිරිස් වැටියකට වන්දි ගෙවමින් බලවත් මිනිසකු සතු නිහතමානී ගුණය මොනවට පසස් කරලීමට දායක වූයේ ද මෙයයි. ජය කුන්තයෙන් සංකේතවත් කළ විජයග්‍රහණයේ බලයශ්‍රද්ධාවේ මහා ගුණයට පරිවර්තනය කළ ස්මාරකය ද මෙයයි. වියවුල් කොතෙක් පැමිණියද අදත් නොසැලෙමින් මිරිසවැටි සෑ රදුන් පුරාවිද්‍යාත්මක වටිනාකම අභිබවමින් සදාතනික ගුණ කඳක වටිනාකම පිළිබඳ පණිවිඩය අද ද එලෙස සන්නිවේදනය කරවන සුළු ය.

11. ස්වර්ණමාලී මහා සෑරජුන් වහනසේ

අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං

අප මාතෘ භූමිය සම්බුද්ධ ධර්මයෙන් පාරිශුද්ධ වූ දහම් දීපය යැයි විරුදාවලිය ලැබීමෙන් පසුව ඒ බව වඩාත් තීව්‍ර ලෙස බොදු දන හදට කා වැද්දීමට සමත් වූයේ විහාරස්ථානය වර්ණවත් කළ ස්තූපය ය.
ලක්බිමේ මේ මහා ස්තූප මාලා ඔටුන්නෙහි සිළුමිණ සේ සුවිශේෂ වූ ද ප්‍රධාන වූද ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්වැලි මහ චෛත්‍යය රාජයාණන් වහන්සේ ය. එය ලංකාවේ ප්‍රධානම චෛත්‍ය නොහොත් මහා ස්තූපය බවට පත්වී තිබීම පිළිබඳව වාදයක් විවාදයක් හෝ කුකුසක් නොමැත.
සෙනරත් පරණවිතාන ශූරීන් ගේ 'ලංකාවේ ස්තූපය නම් ග්‍රන්ථයේ රුවන්වැලි මහා සෑය පිළිබඳව කෙරෙන සඳහනෙන් එහි සුවිශේෂත්වය පිළිබඳව හැඟීමක් ඇති කරගත හැක.
අනුරාධපුරයේ පිහිටි පසු කාලයට අයත් ස්තූප දෙකක් ප්‍රමාණයෙන් රුවන්වැලි චෛත්‍ය අභිබවා සිටී. එහෙත් රුවන්වැලි සෑය කළ තැනැත්තාගේ නාමය කෙරෙහි බැඳී පවත්නා අපූර්ව ගෞරවය සහ නොයෙකුත් හේතූන් නිසා මෙම ස්තූපයට ලංකාවේ ස්තූප අතර ප්‍රධාන ස්ථානය ගැනීමට හැකි වී ඇති බව සිංහල බෞද්ධයන්ගේ පිළි ගැනීමය'.
රුවන්වැලි සෑය ඉදිකරන ලද්දේ අපගේ මහාවංශ කතාවේ මහත් වූ කීර්ති නාමයක් ලැබූ අදත් අභිමානයෙන් අනුස්මරණය කෙරෙන දුටුගැමුණු මහ රජතුමාය. (ක්‍රි. පූර්ව 161 - 137) මෙම මහා ස්තූපය ඇත්තේ ශූද්ධ වූ අනුරාධපුර භූමියේ මහමෙව්නාව නම් පිවිතුරු උද්‍යානයේ ය. මහසෑය කළ බිමෙහි වූ තෙළඹුගස නො කැපුවහොත් සෑය සෑදීමට නොහැකි වූ නිසා තෙළඹු ගස සිඳලීමට අවශ්‍ය විය. එයට අධිගෘහිත වූ ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවිය කළ පරිත්‍යාගයට ගෞරවයක් වශයෙන් මෙම මහ ස්තූපයට ස්වර්ණමාලී මහ සෑය නොහොත් රුවන්වැලි මහ සෑය වශයෙන් නම් තැබූ බවට මතයක් පවතියි. රුවන්මළුව නම් බිමෙක ඉදිකළ බැවින් රුවන්වැලි සෑය ලෙස නම් තැබූ බව තවත් මතයකි.
මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත.
එදා මිහිඳුමහ රහතන් වහන්සේ දෙවන පෑතින් නිරිඳානන්ට අටමස්ථානය හඳුන්වා දීමේදී සත්වැනි ස්ථානය ලෙස මේ මහා සෑය අනාගතයේ දී පිහිටන තැන පෙන්වීය. මහ රහතන් වහන්සේ සපුමලින් මෙම පිවිතුරු බිම පුදන විට මහපොළොව කම්පා වූ බවත් පොළව කම්පා වූයේ ඇයිදැයි ඇසූ රජතුමාට මහරහතන් වහන්සේ පැවැසුවේ මහා රජිඳානන්ගේ මුනුපුරකු විසින් මෙම ස්ථානයේ මහ ස්තූපය ගොඩනගන බවය. එපවත ලියවා රුවන්වැලි සෑය පිහිටුවන ස්ථානයේ ගල්ටැඹක් එස වූ බවත් මහා වංශයේ සඳහන්ව තිබේ.
බුද්ධ වර්ෂ 382 දී රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජතුමා එම ටැඹ දැක එතැන මහ සෑය කරවූ බව කියැවෙයි. මේ මහා ස්තූපය ඉදිකිරීමට අවශ්‍ය අඩිතාලම දැමීමට සත් රියනක් යටට පොළොව හාරා යෝධයින් ලවා ගෙන්වන ලද හුනුගල් කුළු ගස්වා එය ශක්තිමත් වීමට සමින් වැසූ පතුල් ඇති ඇතුන් ලවා පෑගවීය. රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙනෙන ලද වෙඬරු මැටි (නවතීන නම් ඉතා සියුම් මැටි වර්ගයක්) ඒ මත අතුරා ඒ මත ගඩොළු ද අතුරන ලදී. ගඩොලු මතුයෙහි ශුද්ධ වූ කරගල් ද කරගල් මතුයෙහි කුරුවින්ද පාෂාණ ද ඒ මත යදෙල් ද ඇතිරවීය. (යකඩ දැල්) සාමණේරවරුන් හිමාලයෙන් ගෙනෙන ලද සුවඳ මරුම්බ (තවත් විශේෂ ගල් වර්ගයක් විය හැක) ඒ මත පළිඟු ගල් ද ඉන් පසුව ස්ථරයේ රස ජලයෙන් මිශ්‍ර‍්‍ර කළ ගිවුලු මැලියමින් (දිවුල් මැලියම්) අඟල් 8 ක් පමණ ලෝහ පටක්ද ඒ මත තල තෙලින් හනන ලද රන් සිරියෙලින් අඟල් 7 ක පමණ ඝන රිදී පටක්ද ඇතිරවීය. මෙය ගෙන හැරපෑවේ මහා වංශයේ සටහන අනුවය. එසේම චෛත්‍යය ගොඩනැගීමට අවශ්‍ය ගඩොළු සඳහා මැටි සකසා ඇත්තේ වනේ දමා කොටා කුල්ලෙන් හලා වල් ඇට ඉවත් කර මනා තත්ත්ව පාලනයකිනි.
මහා සෑයේ ආකෘතිය නිශ්චය කර ගැනීමද අපූර්වත්වයක් ගෙනෙන කතාවකි. නිර්මාණ ශිල්පියා රන් තලියක් ජලයෙන් පුරවා අතින් දිය ස්වල්පයක් ගෙන දිය මතු පිට ගැසීය. එවිට අර්ධ ගෝලාකාර හැඩැති පළිඟුවක් සේ දිය බුබුළු දිස්විය. එම හැඩයට ස්තූපය ගොඩනැගීමට රජතුමා කැමැති විය. ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්‍රමුඛ කොට පැවැති බව දීප වංශය පවසයි. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් (මෙය දළ වශයෙන් ගිනිය හැක්කේ නැලි දහසක් - ලාස් හතරක්) මෙම ස්තූපයේ නිධන් කර ඇත.
ලෝක විනාශයකදී සම්බුද්ධ ධාතු සියල්ල රුවන්වැලි මහා සෑයට එක්වී පෙළහර පා පිරිනිවන් පානා බව අට්ඨ කතාවන්හි සඳහන් වේ.
දුටුගැමුණු රජතුමාට මෙම මහා ස්තූපයේ වැඩ අවසන් කිරීමට නොහැකි විය. එම චෛත්‍ය කර්මාන්තයේ අවසන් අදියරට නිම කළේ සද්ධාතිස්ස රජතුමාගේ කාලයේ ය. සෑය වටා ඇති ඇත්පවුර සාදන ලද්දේ සද්ධාතිස්ස රාජ්‍ය සමයේ ය. මෙහි දිග අඩි 475 කි. පළල අඩි 477 කි. පවුරේ උස අඩි 9 ක් පමණ වෙයි.
පසු කලෙක විවිධ රජවරුන් යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ අතර අවසන් වරට පරිහානියට පත්ව තිබුණ චෛත්‍ය ගොඩනංවන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජතුමාය. (ක්‍රි. ව. 1153 - 1186) පසු කලෙක රුවන්වැලි මහ සෑය ගරා වැටී ජරාවාසයට පත්විය.
1873 වසරෙහි නාරන්විට සුමනසාර නම් ස්වාමීන් වහන්සේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹුවේ අපමණ වූ දුෂ්කරතා මධ්‍යයේ සුමනසාර හිමියන්ගේ ආවාස ගෘහය වූයේ බරකරත්ත අඹරාවකි. මේ මහා සෑයට කොත පළඳවන ලද්දේ 1940 වසරේදී ය. 1912 වසරේ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් පලකළ ''සිතියම් සහිත පුරාවිද්‍යාව" ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට මේ මහා සෑයේ උස අඩි 155 කි. චෛත්‍යයේ වට අඩි 500 ක්ද සළපතළ මළුවේ දිග පළල අඩි 480 ක් ද වෙයි.
වසර 1873 වනවිට පස් ගොඩැල්ලක්ව පැවැතුණු මේ මහ ස්තූපය පියවි ඇසින් දුටු එසමයෙහි ලක්බිමේ ආණ්ඩුකාර ධූරය ඉසුලූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි 1876 පෙබරවාරි 15 වනදින එංගලන්ත ආණ්ඩුවට ලියවිල්ලක් ඉදිරිපත් කරයි. රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි... නාරන්විට සුමනසාර උන්නාන්සේ විසින් කරවා ඇති වැඩ ප්‍රමාණය දැක අතිශයින් පුදුම වීමි... මේ දැගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන්ද ලක්දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක් මෙන්ද පවති.
වික්‍රමාන්විත මහා නරපතියකුගේ උත්තුංග අසිරිමත් නිර්මාණයක් සේ ගැනෙන රුවන්වැලි මහා සෑ රදුන් මේ දහම් දීපයේ සිරස මත තැබූ මහාධාතු කරඬුව නො වන්නේ ද?


  

12. ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ


පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි ච දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්‍යා

අනුබුදු මිහිඳු මහරහත් සමිඳානන් බු.ව. 236 ඉල් මහ පුර පසළොස්වක පුන් පෝ දින දෙවනපෑතිස් රාජ මන්දිරයට සපැමිණ පැවසුවේසම්බුද්ධ ධාතු වන්දනාවට පෙරලා ජම්බුද්දීපයට වැඩීමට අවකාශ අවශ්‍ය බව ය.
අප මහා සම්බුදුපියාණන් ජීවමාන නොවන කල සර්වඥ ධාතු වන්දනාවජීවමාන බුදුන් වහන්සේට වැදුම් පිදුම් කිරීම හා සම වන නිසා අනුබුදු හිමිට මෙම අවශ්‍යතාවය පැණ නැගුණි. නරේන්ද්‍රයාට මෙය මහත් ගැටලුවක් විය. එයට පිළියමක් ද අවශ්‍ය ය. ලාංකේය බිමෙහි මේ පිවිතුරු සම්බුදු දහම වඩා හිඳුවා පරිපූර්ණත්වයට පත් කරලීමට නම් සර්වඥ ධාතූන් වැඩම වීම අත්‍යවශ්‍ය ය. අනුබුදු සමිඳුන් මේ පින් බිමෙහි රඳවා ගැනීම ද ඒ තරමටම අවශ්‍ය ය.
අනුබුදු සමිඳුන්ගේ නියමයෙන් පූජනීය සර්වඥ ධාතු වැඩමවා ගැනීමේ පුණ්‍යමය දූත මෙහෙවරට ඉදිරිපත් වූයේ සුමන සාමනේරයාණන් වහන්සේ ය. ෂට් අභිඥා ලාභී පුංචි සුමන හිමියන් මෙම සද්කාර්යයට කදිම සුදුස්සා විය.
සක් දෙවි පුරයට සෘධියෙන් වඩින උන්වහන්සේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව සිළුමිණි සෑයෙන් රැගෙන දෙව් ලොවින් මිහින්තලා ශුද්ධ භූමියටත් එතැනින් අනුරපුර මහමෙව්නාවටත් සපැමිණියහ. ඉනික්බිති කරඬුවක බහාලූ ධාතූන් වහන්සේ හස්තිරාජයකුගේ කුම්භස්තලය මත තබා සපිරිවර මහා පෙරහරින් වඩමවාගෙන එන ලදී. මහමෙව්නා උයනට පැමිණෙන හස්තිරාජයා එක් පිවිතුරු බිම් කඩක් අසල නැවතුණේ ය.
එය මේ කල්පයේ පෙර සම්බුදු ධාතු නිධන් කර සෑදූ චෛත්‍යයන් සුපිහිටියා වූ පිවිතුරු බිම් කඩම ය. එතැන දී කුම්භයෙන් ගෙන කරඬුව බිම තැබීමට මෙම හස්තියා ඉඩ ලබා දුන්නේ නැත.
හේතු කාරණා දැන රාජ නියමයෙන් අසල පිහිටි අබා වැවෙන් මැටි පිඬු ගෙන්වා හස්ති කුම්භයේ උසට ගොඩැල්ලක් තැනවී ය. ඒ මතට මේ දක්‍ෂිණ අකු ධාතූන් වහන්සේ වඩමවනු ලැබුවේ ය. ඒ සමඟම හනි හනිකට අවශ්‍ය ගඩොලු සෑදීම සිදු කළහ. ගොඩැල්ල වටකර ගඩොල් බැන්දේ ධාන්‍යාකාරයටය. මෙසේ චෛත්‍ය ඉදිකිරීමට දවස් කිහිපයක් ගත වූහ. දැන් නිසි පරිදි ධාතු නිධානෝත්සවයට සියල්ල සූදානම් ය.
සතරදිගන්තයෙන් ඇදී එන ජන සමූහය මධ්‍යයේ කරඬුවෙන් අහස් කුසට නැඟි ධාතූන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ ය. ධාතූන් වහන්සේ මතින් විටෙක අග්නි ජාලාවක් ද එ සැනෙන් ජල දහරාවක් ද සැදී නැඟී ඇදී එමින් මේ ධරණීතලයම ගිනිජාලාවෙන් ඒකාලෝක විය. ජල ධාරාවෙන් සිසිලස පැතුරුණි. ඉන්පසු ධාතූන් වහන්සේ මහා නරේන්ද්‍රයාණන්ගේ හිසමතට වැඩම කළේ ය. රාජෝත්තමයාණෝ උතුරායන සතුටින් දෝතට රැගෙන බැතියෙන් මේ ධාතූන් වහන්සේ ස්තූප ගර්භය තුළ තැන්පත් කළහ. අප්‍රමාණ වූ සර්ධා සම්ප්‍රයුක්ත මේ මහා අසිරිය දැක පැහැද ජනී ජන සමූහයා මහත් වූ ප්‍රබෝධයට පත් වූහ. මේ මහා ආශ්චර්යයෙන් මිහි මඬල සලිත විය.
මේ අසිරිමත් ප්‍රවෘත්තිය සටහන් කරන්නේ මහා වංශයට සහ වෙනත් වංශ කතාවන්ට අනුකූලව ය.
සම්බුදු දහම සපැමිණීමෙන් පසුව අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කර දේවානම්පියතිස්ස නිරිදානන් සෑදූ ථූපාරාම චෛත්‍යය ලංකාවේ ප්‍රථම ස්තූ®පය වෙමින් ඉතිහාස වංශ කතාවේ ස්වර්ණමය යුගයක ආරම්භය සටහන් කර යි. එතැන් පටන් පැවැතෙන ස්තූප වන්දනාව සහ ධාතු වන්දනාව අද දක්වාම බැතිමත් බෞද්ධයාගේ ආත්මය හා අඛණ්ඩව සම වැදී පවති යි. ස්තූපයේ ආරම්භක පෙනුම ධාන්‍යාකාර හැඩතල ගත්තද 1862 වසරේ දී කළ ප්‍රතිසංස්කරණයෙන් පසු එහි පෙනුම ඝන්ඨාකාර හැඩ තලය දක්වා පරිවර්තනය වී ඇත. ලජ්ජිතිස්ස (ක්‍රි.පූ. 119  110) ගෝඨාභය (ක්‍රි. ව. 249  263) අග්බෝ (ක්‍රි.ව. 604  614) මානවම්ම (ක්‍රි.ව. 648  718 ) යන රජවරු ථූපාරාම චෛත්‍ය විටෙන් විට ප්‍රතිසංස්කරණය කර තිබේ. දැනට ඇති වටදාගේ ගල් කණු මානවම්ම රාජ්‍ය කාලයේ ඉදි කළ බව කියැවෙ යි.එසේ ලංකාවේ පළමු වන වටදාගෙය ඉදි වන්නේ මෙහි ය.
ක්‍රි.ව. 840 පළමුවන සේන රාජ්‍ය කාලයේ ලංකාව ආක්‍රමණය කළ පාණ්ඩ්‍ය හමුදා ථූපාරාමය විනාශ කලෙන් 11 වන සේන රජු එය ප්‍රතිසංස්කරණය කළ බව කියැවෙයි. 1215 මාඝ ආක්‍රමණයෙන් ථූපාරාමය විනාශ විය. අද අප දකිනා ස්තූ®පය පිළිසකර කර ඇත්තේ 1862 වසරේදී ය.
ථූපාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ලංකාවේ ස්තූප වංශ කතාවේ පළමුව ස්තූපය වෙමින් සදහම් දීපයේ අභිමානවත් වූ ද සදැහැති වූ ද සුපහන් දසුනින් අදත් මහමෙව්නාව ද අප මාතෘභූමිය ද වර්ණවත් කරව යි.

  
13. අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ
කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි

අභයගිරි චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටියේ අනුරාධපුර ශුද්ධ භූමියේය. ථූපාරාමයට හෝ ඇතුළු නුවරට උතුරින් පිහිටා ඇති හෙයින් මෙය උත්තර මහා චෛත්‍යය වශයෙන් ද හඳුන්වනු ලබයි.
ඉතිහාසය පිරික්සීමේදීප්‍රථම නිකාය භේදයට තුඩු දුන්සිද්ධි දාමය සමඟ අභයගිරි විහාරයේ නාමය ඈඳී තිබෙයි. එහෙත් එම විලෝමයඅභයගිරි විහාර සංකීර්ණයේ හෝ අද අප කතා කරන අභයගිරි මහා ස්තූපයේ ගරු ගාම්භීරත්වයට කිසිසේත් අවතක්සේරුවක් නොවනු ඇත.
ලාංකේය රාජ්‍ය වංශයේ තවත් එක් සුවිශේෂී නාමයක් රැන්දූ වළගම්බා නොහොත් වට්ට ගාමිණී අභය රජතුමා (ක්‍රි.පූ. 89  77 ) මෙම ස්තූපය කරවා තිබේ. වට්ටගාමිණී අභය කුමරු සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයා ය. වළගම්බා රජතුමා ප්‍රථම වරට අභිෂේක ලබන්නේ ක්‍රි.පූ. 103 වසරේදීය. එහෙත් සය මසක ඇවෑමෙන් සොලී ආක්‍රමණයන් සත් දෙනකුගේ බලය හමුවේ සිහසුන බිම තබා පැරද පලා යන්නට ඔහුට සිදුවෙයි. පැරද පලායන රජතුමා දැක එක් නිගන්ඨාරාමයක විසූ ගිරි නම් ජෛනාගමිකයා මහකළු සිංහලයා පලායන බව කෑගසමින් පවසා රජතුමා අවමානයට ලක් කරයි.
ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සැඟවෙමින් රුහුණේ සිට සේනාවන් රැස්කර සංවිධානය වන වළගම්බා නැවත පෙරළා පැමිණ එවකට අනුරපුරයේ පාලකයාව සිටි අවසන් ද්‍රවිඩ ආක්‍රමණිකයා පරදා අප මාතෘභූමිය නැවත එක් සේසත් කරයි.
රාජාභිෂේකයෙන් පසුව පෙර සඳහන් කළ ජෛනාගමික මධ්‍යස්ථානය කඩා බිඳ දමමින්එතන මහා විහාර සංකීර්ණයක් ඉදි කරන රජතුමා මෙම විහාරයට තම නමද ඔහු අපහාසයට පත් කළ නිඝන්ඨයාගේ නමද එක්කරමින්අභයගිරි විහාරය ලෙස නම් කරන්නට ඇතැයිද මතයක් වේ. මෙම නම පිළිබඳ වෙනත් මතයක් ඉදිරිපත් කරන මහාචාර්ය ටී.ඩී. කුලතුංග පවසන්නේ පුරාණයේ උස් බිම් හා පර්වත ආශි‍්‍රතව ඉදිකළ විහාරගිරි යන්නෙන් අවසන්කර ඇති බවකි. (උදාහරණ වශයෙන් මේඝගිරි චේතියගිරි වෙස්සගිරි ආදිය වේ.) එසේ වට්ටගාමිණී අභය රජතුමා උස් වූ භූමියක සෑදූ විහාරය අභයගිරි ලෙස නම් කරන්නට ඇති බව ඔහුගේ මතය වෙයි. මහා වංශයට අනුව අනුමාන කළ හැක්කේ මෙම අභයගිරි විහාරය ගොඩ නංවන ලද්දේ ක්‍රි.වර්ෂයට පෙර 29 වැනි වර්ෂයේ බව ය.
වසර 13 ක් අපමණ දුෂ්කර ක්‍රියා මැද දිවි ගෙවූ රජතුමාට මහත්සේ ඇප උපකාර කළ කුපික්කල මහාතිස්ස නම් තෙරුන් වහන්සේට මෙම අභයගිරි විහාරය රජතුමා විසින් පූජා කරනු ලබන්නේ කෘතගුණ සැලකීමේ මහා ගුණය පසක් කරවමිනි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ ලක්දිව බුදුසමයේ ඉතිහාසය ග්‍රන්ථයේ සඳහන් වන පරිදිමහා සංඝයා විෂයෙහි පොදුවේ පූජා නොකොට තනි භික්‍ෂුවකට පමණක් විහාරයක් පූජා කරන ප්‍රථම අවස්ථාව මෙය ය. කෙසේ හෝ මහා තිස්ස තෙරුන්ගේ කුල සංඝට්ඨව (ගිහි කුලය හා ගැලී) වෙසෙතැයි චෝදනාකොට මහා විහාර භික්‍ෂූන් විසින් තිස්ස තෙරුන්ව නෙරපා හරිනු ලබයි.
මෙම ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කරන මහාතිස්ස තෙරුන්ගේ ශිෂ්‍ය බහලමස්සු නොහොත් මහදැළියතිස්ස තෙරණුවෝ 500 ක් පමණ භික්‍ෂූන් වහන්සේ සමඟ අභයගිරි විහාරයට පැමිණෙති. මෙම ක්‍රියාදාමය මහා විහාරය හා අභයගිරි විහාරය වශයෙන් නිකාය දෙකක් ඇතිවීමේ සන්සිද්ධියට පාදක වන ප්‍රථම අනතුරු හැඟවීමේ රතු එළිය බව ලාංකීය නිකාය භේදය පිළිබඳ විමසීමේ දී හැඟී යයි.
එහෙත් පසු කාලීනව අභයගිරි විහාරය පැරැණි ඉන්දියාවේ පැවැති නාලන්දාජගද්දලාවික්‍රමශීලා වැනි බෞද්ධ විශ්වවිද්‍යාල හා සමකළ හැකි තත්ත්වයක පැවැති බවත් මෙහි ශාඛා ආරාම විදේශ රටවල පවා ප්‍රචලිතව තිබූ බවත් කියැවේ. විශේෂයෙන් 5 වැනි සියවසෙහි ලංකාවට පැමිණි පාහියන් භික්‍ෂූන් වහන්සේ ද මෙහි අධ්‍යාපනය හදාරා ඇත. උන්වහන්සේ එන විට මෙම විහාරයේ 5000 ක් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බව උන්වහන්සේගේ සටහන් වලින් සනාථ වෙයි. අද වන විට අපට දකින්නට ලැබෙන්නේ මේ මහා බෞද්ධ අධ්‍යාපන නිකේතනයේ ශේෂයන් පමණි.
නටබුන්ව පැවතියද මහා දැවැන්ත නිර්මාණයක් වන අභයගිරි ස්තූපයපැරැණි ශේෂ පත්‍රයක ස්වර්ණමය ලකුණක් අදට ද ඉතිරිකර තබා තිබේ. බෙහෝ වංශකතාවන්හි මෙහි නිදන් කර ඇති සුවිශේෂී නිදන් වස්තූන් පිළිබඳ සටහන් නොමැත. එහෙත් සද්ධර්මරත්නාකරයට අනුව මෙහි සර්වඥ ධාතු තැන්පත් කළ වෘෂභයකුගේ හැඩැති ධාතු කරඬුවක් නිදන් කර ඇති බව කියවෙයි. වළගම්බා රජතුමා කරවූ ස්තූපයට ගජබාහු රජතුමා (ක්‍රි.ව. 112  134 ) විසින් විශාල කරන ලද අතර මෙය අවසන් වතාවට පිළිසකර කළේ මහ පැරකුම්බා රජතුමා ය. (ක්‍රි.ව. 1153  1180 )
පසුව වල්බිහි වූ චෛත්‍යයේ ගරා වැටී තිබූ කොත් කැරැල්ල කොන්ක්‍රීට් දමා තහවරු කරන ලද්දේ එච්.සී.පී. බෙල් විසින් මීට වසර 100 කට පමණ පෙරය. ලංකාවේ විශාලම ස්තූපය වූ ජේතවනාරාමයට පමණක් දෙවැනි වූ දැනට ශේෂව ඇති චෛත්‍යයේ උස මීටර් 75 ක් පමණය. (අඩි 250 ක්) ස්තූපය හා මළුවට යට වී ඇති භූමිභාගය අක්කර 14 ක් පමණ බවත් කියැවෙයි. අභයගිරි ස්තූපය වර්තමානයෙහි ප්‍රතිසංස්කරණය කැරේ. පාරාවෝ වැනි මහා දැවැන්තයින්ගේ අභිමානයට අභියෝග කළ අපේ මහා වික්‍රමාන්විත රජ දරුවන්ගේ ප්‍රතාපවත් බව ලොවට හඬ ගා කියන මේ මහා පෞරාණික ස්මාරක කුඩා දිවයිනක වූ දැවැන්ත ප්‍රතිරූපය ඔසවා තබන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයක උතුම් සලකුණු ද සමඟ වීම විශේෂයකි.


 14. ජේතවනාරාම මහා සෑ රදුන්

පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ත‍ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි

ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක්සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.
මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276  303 ) කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ සිතියම් සහිත පුරාවිද්‍යාව පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.
සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර - දෙනායකය ආදී නම් වලිනි.
මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.
එහෙත් ගිනිගන්නට ගිය දේශයේ වාසනාවකට යුද්ධය නැවතුණි. මහසෙන් රජු ඔහු අතින් වූ වරද පිළිගෙන නැවත මහා විහාරය ගොඩනැඟීමට එකඟ වූ නිසා දෙදෙනා අතර සමාදානය ඇති විය. ඉන් පසුව මහා විහාරය ගොඩනැඟුණද රජතුමා හා මහා විහාරය අතර ප්‍රබල සම්බන්ධතාවයන් ඇති වූයේ නැත. මහා විහාර භූමිය තුළ තවත් ස්තූපයක් ඉදිකිරීමට මහසෙන් රජතුමාට අවශ්‍ය විය. එය නිශ්ඵල ප්‍රයත්නයක් බව මහාවිහාරික භික්‍ෂූන් පෙන්වා දුන්න ද රජතුමා එයට එකඟ නොවී ය. එසේ හිතුවක්කාර ප්‍රයත්නයක ප්‍රතිඵලය ලෙස ලෝකයේ සුවිසල් වූ ජේතවනාරාම මහා ස්තූපය ඉදිවිය. මේ මහා දාගැබ සාදවා ජේතවනාරාම විහාරයේ අයිතිය පවරා දුන්නේ මහා විහාර සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ තිස්ස නම් භික්‍ෂූන් වහන්සේ වෙත ය.
ථේරිය හෙවත් මහා විහාරයට එරෙහිව ධම්මරුචි නමින් අභයගිරි නිකාය බිහිව තිබූ අතර - ජේතවන විහාරය ආශ්‍රයෙන් සාගලික හෙවත් ජේතවන නිකාය ඇති වූයේ ඉහත සිදුවීම් පෙළත් සමඟ ය. මහා වංශය ඇතුලු ඉතිහාස ග්‍රන්ථයන් බහුතරයක් මහසෙන් රජතුමා පිළිබඳව ඇඳ තබන්නේ මෙසේ දුර් වර්ණ වූ චිත්‍රයකි.
එහෙත් සී.ඩබ්ලිව්. නිකොලස් සහ ඇස්. පරණවිතානයන්ගේ සංෂිප්ත ලංකා ඉතිහාසය නම් ග්‍රන්ථයට අනුව වසර 27 ක මහසෙන් රාජ්‍ය සමය තුළ වාස්තු විද්‍යාවාරිමාර්ගඉංජිනේරු විද්‍යා අතින් රටේ විශාල දියුණුවක් ඇති වූ බව සඳහන් කරයි. රජතුමා කරවූ ජලාශ ගණන 16 කි. ඒ අතර මින්නේරිය ජලාශය විශිෂ්ට නිර්මාණයකි. එසේම ග්‍රන්ථය පවසන්නේ මහාවිහාරයට පක්‍ෂපාතී වූ ඓතිහාසික පොත පත මඟින් මහසෙන් රජු හෙලා දකින ලද නමුත් එතුමා කළ පොදු ජන සේවාව නිසා ජනතාව මරණින් මතු එතුමා දේවත්වයෙන් පිදූ බව ය. අද ද මින්නේරි දෙවියෝ නමින් ප්‍රචලිතව ඇත්තේ මහසෙන් රජතුමා ය. 1215 රජරට මාඝගේ පාලනයට අයත් වීමත් සමඟ ජේතවන විහාරයේ පරිහානිය උදා විය. වනවැදුනු නටබුන් ස්තූපය 1829 දී කළඑළි කරන ලදී. 1832 මේජර් ස්කිනර් විසින් අඳින ලද සැලැස්මට අනුව ස්තූපයේ උස සඳහන්ව ඇත්තේ අඩි 244 ක් වශයෙනි. 1890 දී මෙරට ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.වී.බෙල් මහතා විසින් ජේතවන ස්තූපයේ පුරා විද්‍යා ගවේෂණ කටයුතු ඇරැඹීය.
මහා විද්‍යා තාක්‍ෂණ ඤාණයෙන් පරිපූර්ණ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අප මාතෘභූමිය යටත් වීමෙන් පසුව එම දේශයේ සිට පැමිණ 1860 වසරේ දී ලංකාවේ මහ ලේකම් ධූරය ඉසුලූ ඇමර්සන් ටැනන්ට් විසින් ලියා ඵලකළ සිලෝන් නැමැති ග්‍රන්ථයේ ජේතවන දාගැබ පිළිබඳව සටහන් කරන්නේ මෙසේ ය. මෙම විශාල ගොඩනැඟිල්ලට ගෙන තිබෙන ගඩොළු හා හුනු යන ද්‍රව්‍යයන් ප්‍රමාණය පුදුම ඵලවන සුළු ය. මෙහි විස්කම්භය අඩි 360 ක් ද උස අඩි 249 ක් ද වෙයි. මුළු බැම්මේ ප්‍රමාණය ඝන අඩි දෙකොටියකට අධිකය. වර්තමානයේ ගොඩනැඟිලි තැනීමට සාදාගෙන තිබෙන යන්ත්‍රවල ආධාර ද ඇතිව කර්මාන්තකාරයන් 500 දෙනෙකු ගඩොළු බැඳීමෙහි යෙදී වැඩ කළොත් ජේතවනාරාමය වැනි ගොඩැඟිල්ලක් තැනීමට වසර 7 ක් පමණ කාලයක් වැය වෙයි. එයට වියදම ඉතා අඩු වශයෙන් රත්‍රන් පවුම් දශ ලක්‍ෂයක් වුවමනා ය. දිගෙන් සැතැප්ම බාගයක් ඇති වීථි 30 ක් පිළියෙළ කර ගෙවල් අට දහසක් තැනීමට මේ දාගැබේ උපකරණ ප්‍රමාණවත් ය. එම උපකරණ වලින් එංගලන්තයේ 67, 000 ක ජනගගනයක් වෙසෙන ඉප්සවීම් නගරය හෝ 70,000 ක ජනගහනයක් වෙසෙන කොවැන්ට්රි තරම් විශාල නුවරක් ගොඩනැගිය හැක. තවද එම ද්‍රව්‍යයන්ගෙන් ඝනකම අඩියක් උස අඩි 10 ක් ඇති ප්‍රාකාරයක් ලොන්ඩන් නුවර සිට ඇඩින් බරෝ නුවර දක්වා තැනිය හැකි ය. (මෙම නගර දෙක අතර දුර සැතැපුම් 330 කි. කී.මී. 528 ක් පමණ ය.)
බ්‍රිතාන්‍යයන් පවා මවිත කළ මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ ජේතවනාරාම චෛත්‍ය විශ්මිත නිර්මාණයක් බව ය.
එදා මුතුන් මිත්තන්ගේ ඉදිකිරීම් තාක්‍ෂණයේ දියුණුව අද්විතීය වේ. අපගේ ඓතිහාසික තාක්‍ෂණිය දියුණුවසශ්‍රීකත්වයඋදාර සංස්කෘතියක මහා ගුණය මෙන්ම අතීතඅභීත ශ්‍රී විභූතිය පිළිබඳ පසුබිම් කථනයන් මෙවන් නිර්මාණ මතින් සන්නිවේදනය කරවන සුළුය.
ආගමික වියවුල් මධ්‍යයේ නිකාය භේදයකට ද මුල පිරූ මෙම ජේතවන මහා දාගැබ පිළිබඳ පුරා වෘත්තය ප්‍රසන්න නොවුන ද අටමස්ථාන වන්දනා මාන කරන සැදැහැති බෞද්ධයා වෙත රැගෙන එන්නේ කිසිවිට අශුභ අඳුරු චිත්‍රයක් නම් නොවේ. මේ මහා ජේතවන දාගැබ අභියසදී අපගේ දොහොත් මුදුනට එසවෙන්නේ සම්බුදුරජාණන් නමදින චෛත්‍ය වන්දනාවෙන් ජනිත වන සැදැහැති බව තවත් තිවෘ කරමිනි. මෙම ආශ්චර්යවත් යෝධ නිර්මාණය මේ රටට දායාද කළ අපගේ මුතුන්මිත්තන්ගේ විශ්මිත ඤාණකාය ශක්තියට ගෞරවයද පුද කරමිනි. ඒ මුතුන් මිත්තන්ගේ ජාන ගුණයන් අංශු මාත්‍රයක් හෝ අපගේ ශරීරගත වී ඇතැයි හැඟෙන ආත්ම අභිමානය ද සමගිනි.


15. සේල චෛත්‍යය
සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි

කුටකණ්ණතිස්ස රජතුමා (ක්‍රි.පූ. 41  91 ) චේතියපබ්බතයෙහි තමා විසින්ම පිහිටුවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට සෙල්මුවා දාගැබක් කරවූ බව මහාවංශයේ (34 වැනි පරිච්ඡේදයෙහි) කියැවෙයි. ඔහු එම භූමියේ බෝධියක් රෝපණය කරවූ බවද සඳහන් කර තිබේ. මිහින්තලේ වට දා ගෙය අසල ඉතා පැරැණියයි සැළකෙන බෝ වෘක්‍ෂයක් අදත් දක්නට ඇත. මෙය කුටකණ්ණතිස්ස රජු රෝපණය කරවූ බෝධියම යැයි කිව නොහැකි බව සැබෑව. එහෙත් එක් බෝ ගසක් මළ කල එතැන තවකක් සිටුවීම සිරිතකි. කෙසේ වෙතත් කුටකණ්ණතිස්ස රජු විසින් සිය ශෛලමය ස්තුපය ඉදි කරනු ලැබූ භූමියේ දාගැබටත් බෝධියටත් අමතරව විශාල උපෝසථාඝරයක් ද පිහිටි හෙයින් එය එතරම් කුඩා බිමක් විය නොහැකිය. වටදාගෙය අද පිහිටා තිබෙනු දක්නට ඇති තලවුව මේ අවශ්‍යතාවය සපුරාලයි. මිහින්තලේ මෙම භූමියේ ඇති වටදාගේ ඇතුළත ඇති දා ගැබ ඓතිහාසික ලියකියවිලිවලත් තුන්වැනි සියවසෙහි ශිලා ලේඛනයේත් සඳහන් සිලාචේතියම විය යුතු යැයි පිළිගත යුතු වේ.
පූජාවලිය සහ සද්ධර්මාලංකාරය වැනි සිංහල සාහිත්‍යය ග්‍රන්ථවලින් පැහැදිලි වන මහා වංශ විස්තරය අනුව මෙම ස්තුපය ඉදිකර ඇත්තේ බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩ වදාළ තුන් වැනි අවස්ථාවේ මඳ වේලාවක් ධ්‍යානයට සමවැදී හුන් ස්ථානයේ ය. මේ අනුව මෙය බෞද්ධයන් ඉතා පූජනීය ලෙස සලකන සොළොස්මස්ථානයෙන් එකකි.
එය සනාථ කිරීම සඳහා මහා වංශයේ සඳහන් කරුණුත් කැණීම් වලින් මතු කරගත් සාධකත් ඒ බව සනාථ කරන හබරණ දිග ගල් සන්නසෙහි සඳහන්ව ඇති සටහන්ද මහාචාර්ය පරණවිතානයන් විමර්ශනය සඳහා පාදක කර ගෙන තිබේ. ඒ අනුසාරයෙන් අපට සිතාගත හැක්කේ මිහින්තලයේ ඇති අම්බස්ථල දාගැබද සේල චෛත්‍යයද එකක්ම බවයි.
ඓතිහාසික කරුණු අනුව අම්බස්ථල චෛත්‍ය පිහිටි ස්ථානය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට දේවානම්පියතිස්ස නරේන්ද්‍රයාණන් සම්මුඛ වූ ස්ථානය වශයෙන්ද හඳුන්වති.
එසේ නම් මෙම ස්ථානය මහා ආශ්චර්යවත් බවක් රැඳී පවිත්‍ර වූ ද අති පූජනීය වූ ද බිම්කඩක්ම ය. සම්බුදු දහමින් තුන්ලෝකයම ආලෝකවත් කළ අප ගෞතම බුදුපියාණන් වහන්සේගේත් ඒ සද්ධර්මයෙන් අප මාතෘභූමිය ආලෝකවත් කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේත් පාදස්පර්ෂයෙන් පිවිතුරු වූ බිමෙක මේ සේල චෛත්‍යය ගොඩනැඟී තිබීම බෞද්ධයන් වූ අපට සුවිශේෂී වූ කාරණයකි.
චන්ද්‍රාලෝකයෙන් බැබළෙන ශෛලමය තලාව ඇත්තේ ද එතැනය. චන්ද්‍ර කාන්තී පාෂාණය කියන්නේ එයටයි. පුදුමයක් දසම්බුදු පහසින් ආලෝකවත් වුණු ශෛල කලාව දෙවන වරටත් අනුබුදු පහසින් ඔපවත්වන විට මේ අසහාය පා කමල් පිළිගත් රථ කළු ගල් පවා මුදු මෙලෙක් නොවන්නේ ආලෝවත් නොවන්නේදඑවන් සුපචිත්‍ර වූ තැනකදී දරදඬු සිතක් වුව මුදු මොළොක් වී නිවී පහන් වී සැනසෙනවා සහතිකමය.


16. කතරගම කිරි වෙහෙර

යහං සමාධිං ගතවා තහිං මුනී
නිසින්න සොණ්ණාසන කේස ධාතුකං
ලද්ධා මහාදසේන නරින්ද කාරිතං
නමාමහං කාචරගාම චේතියං
සොළොස්මස්ථානයේ දහසය වැනි ස්ථානය නොහොත් අවසන් පූජනීය ස්ථානය ලෙස නම් කර ඇත්තේ කතරගම කිරි වෙහෙර ය.
බුදුරජාණන් වහන්සේ අප මාතෘභූමිය වෙත තෙවන වර වැඩි ගමනේ දී කතරගම කිරිවෙහෙර ඉදිකර ඇති ස්ථානයේ ද සමවත් සුවයෙන් වැඩ සිටි නිසා කිරි වෙහෙර ද සොළොස්මස්ථානයන්ගෙන් එකක් වශයෙන් නම් කර තිබේ.
එහෙත් මේ පිළිබඳව සඳහන් වන්නේ ධාතු වංශයේ පමණි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැණ නැගුණු අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේගෙන් එක් නමක් රෝපණය කළ ස්ථානයක් ලෙස කතරගම නම් කර තිබේ. ඒ බව මහාවංශයේ සඳහන් වෙයි. නමුත් බුදුන් වහන්සේ කතරගම වැඩි බවක් එහි සඳහන් නොවේ.
කෙසේ හෝ මේ වන විට කතරගම කිරි වෙහෙර සොළොස්මස්ථානයන්ගෙන් එකක් බවට පත් වී ඇති නිසාත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක් පිහිටි බිමක් නිසාත් මෙය සුවිශේෂී පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ.
බුදුන් වහන්සේ සපැමිණෙන විට එහි සිටියේ මහාඝෝෂ නම් දෙව් රජකු බවද සඳහන් වෙයි. කතරගම දෙවිඳුන් ඇතැම් තැනක මහාසේන යන නමින් හැඳින්වෙන බව කියැවෙතත් මහාඝෝෂ යනු එතුමන්මදැයි සැකයක් පවතී. එය කෙසේ වෙතත් බෞද්ධ පුරාවෘත්තය හා බැඳුණු කතරගම පුරවරයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.
බුදුන් වහන්සේ සපැමිණ ධර්මය දේශනා කිරීමෙන් පසුව එහි වැසියන් බෞද්ධාගමට අනුගත වූ බවත් කිහිරි වනයේ උන්වහන්සේ වැඩ සිටි ස්ථානයේ පසු කලෙක කිහිරි නොහොත් කිරි වෙහෙර ඉදි කළ බවත් කියැවෙයි.
කිරි වෙහෙර ඉදි කරවන ලද්දේ ක්‍රි.පූ. 1 වැනි සියවසෙහි රුහුණේ රජ කළ මහානාග නම් රජු විසිනි. හමු වූ එක් ශිලා ලේඛනයකට අනුව මෙම චෛත්‍යය ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයේ දී කටගමුවේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් විසින් කරවන ලද බවට ද මතයක් පවතියි. පස්වන ශතවර්ෂයට අයත් ශිලා ලේඛනයක කිරිවෙහෙර හඳුන්වා ඇත්තේ මංගල මහා චෛත්‍ය ලෙස ය.
කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී තිබුණ කිරිවෙහෙර නැවත ප්‍රතිසංස්කරණය වන්නේ 1961 වසරේදී ය. දැනට අඩි 96 ක් පමණ උස චෛත්‍යයේ බිම් මට්ටමේ වට ප්‍රමාණය අඩි 280 ක් පමණ වෙයි. අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ නමක් කතරගමට ප්‍රදානය කිරීමට හේතු වී ඇත්තේශ්‍රී මහා බෝධිය අනුරාධපුරයට වඩමවන ඒ මහා උත්සවයට කතරගම ක්‍ෂත්‍රිය ප්‍රධානියෙක් ද සහභාගී වීම ය. එසේ නම් ඒ වන විට කතරගම ප්‍රදේශය වඩාත් අවධානයට යොමු වූ ක්‍ෂත්‍රිය පරපුරට නෑකම් කියූ ජනාවාසයක්ව පවතින්නට ඇත.
කතරගමට වඩමාගෙන ආ අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ මැණික් ගඟ අසබඩ රෝපණය කිරීමෙන් පසුව අනුරාධපුර යුගයේ දි කතරගම පුරවරය දකුණේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්විය.
දුටුගැමුණු රජතුමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ ඒකායන අරමුණෙන් සටන් බිමට අවතීර්ණ වීමට ප්‍රථම කතරගම බෝ සමිඳුන් වෙත පැමිණ බෝධි පූජා පවත්වා පඬුරක් ගැට ගසා භාරයක් වූ බව ජනප්‍රවාදයේ පැවැවෙයි. යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව දුටුගැමුණු රජතුමා කතරගම දෙවිඳුන් වෙනුවෙන් ද දේවාලයක් ඉදි කළ බවත් වර්තමාන කතරගම දේවාලය පවතින්නේ එම ස්ථානයේම බවත් පිළිගැනීමක් තිබේ.
කතරගම පුද බිමෙහි පන්සියයක් රහතන් වහන්සේ වැඩ විසූ බවක් ද කියැවෙයි. මාගම විසූ ගෝඨාභය රජ කතරගම දස බෑ රජ දරුවන් මරවා දඬුවම් පිණිස ගෝඨාභය විහාරය ආදී විහාර රාශියක් කළ බව ධාතු වංශයේ සඳහන්ව තිබෙයි.
ඉතා ශුෂ්ක කලාපයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ බහුලව දකින්නට ලැබෙන්නේ එම පරිසරයට ඔරොත්තු දෙන ලෙස වැඩී ඇති කටු සහිත ශුෂ්ක ශාඛයන් ය. දිය විරළ කටුක පරිසරයක් පසුකර කතරගම පුරවරයට පිවිසීමේ දී අප කාටත් දැනෙන්නේ වාලුකා කතරක් මධ්‍යයේ පිහිටි කෙම් බිමකට අප සපැමිණි බවකි. සොඳුරු මැණික් නදී තීර්ථයේ නිල්ලෙන් පිරි කුඹුක් ගස් පෙළින් සහ නොයෙකුත් මහා වෘක්‍ෂයන්ගෙන් සෙවන සිසිලස ලද රමණීය පරිසරයක මෙම කතරගම පුද බිම පිහිටා තිබේ. සොබාදම් මාතාව විසින් දායාද කළ මේ අපූර්වත්වයෙන් පිරි රමණීය අඩවිය සංචාරකයින් සඳහා උචිත අපූරු සොඳුරු පරිසරයක් නිර්මාණය කර තිබේ.
සම්බුදු පහසින් පවිත්‍ර වූ බිමෙක අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේත්සොළොස්මස්ථාන නියෝජනය කරන සර්වඥ ධාතූන් වහන්සේ නිධන් කර සාදා ඇති කිරිවෙහෙරත්කතරගම ස්කන්ධ කුමාර දෙවිඳුන් වෙනුවෙන් ඉදි වී ඇති දේවාලයත් මේ අසිරිමත් පුද බිම වර්ණවත් කිරීමට දායක වී තිබේ.
එහෙත් සැදැහැති බෞද්ධයන්ගේ වන්දනාමානයට බඳුන්වන අති ප්‍රබල ඓතිහාසික පූජනීය බෞද්ධ ස්මාරකයන් දෙකක් අභිබවමින් මේ වන විට පුද බිමෙහි ප්‍රබල ලකුණ බවට පත් වී ඇත්තේ කතරගම ස්කන්ධ කුමාර දේවාලය යැයි සිතයි. සිත් සතන් සමාධිගත කරවීමට සමත් මහත් සුව සහනයක් දැනෙනා කිරිවෙහෙර සමීපයට ගොස් ඇපයෙන් බේරීමට මෙන් කඩි මුඩියේ මලක් පුදා පහනක් දල්වා හනිකට දුව එන අපගේ බහුතරයක් බොදු ජනතාව ආත්මාර්ථය පෙරදැරි කරගෙන සඵල නොවන බලාපොරොත්තු රැසකින් හිස බර කර ගනිමින් කතරගම දේවාලය අභියස දිගු පෝලිමක රැඳී වරු ගණනක් කන්නලව් කරමින් යදින්නන් බවට පත් වී සිටිති.
හිස්හිත් පුරවන වියවුල් ලිහා ගැනීමට අවැසි නිසි ක්‍රමවේදය උතුම් සම්බුදු දහමින් පහදා දෙයි. එවන් පසු බිමක් යටතේ සද්ධාවන්ත සැබෑ බෞද්ධයන්ට සිත සුවපත් කර ගැනීම ඉතා පහසු ය.
කතරගම කිරිවෙහෙර අභියස නිවිහැනහිල්ලේ මලක් පහනක් පුදා සමාධිගත වන සිතින් බෝ සමිඳුන් වෙත ගොස් ඒ මහා වෘක්‍ෂය සමීපයේ සිසිලස විඳිමින් පවිත්‍ර වූ චේතනාවන් සමගින් දෙවියන්ට පින් අනුමෝදන් කිරීම එක් යහපත් ව්‍යායාමයකි. එහෙත් දහස් ගණන් වටිනා පූජා වට්ටි මත දහසින් බැඳි පියළි තබා මෝහයෙන් මුළා වූ ව්‍යාකූල සිතින් අප අයාලේ දිව යන්නේ කොතැනට ද?
මොහොතක් සිතා බලන්න. ඓතිහාසික බොදු උරුමයක් වූ කතරගම ශුද්ධ භූමියෙන් ඔබ පිටවන්නේ සද්ධාවඅන්ධ විශ්වාසය සහ භක්තිය තෝරා බේරා ගැනීමට නොහැකි ව්‍යාකූල සිතකින් නම් එහි ඇති ඵලය කුමක්ද?