මෙවර මාණ්ඩලික සිසු නිපුනතා ඇගයීමෙන් දහම්පාවන්ට ජයග්‍රහණ රැසක්.


දහම් පා දහම්පාසලේ සිසුහු මෙවරත් මනා සූදානමකින් යුතුව මාණ්ඩලික සිසු නිපුණතා ඇගයීමට ඉදිරිපත් වූහ. පසුගිය වසරටත් වඩා වැඩි ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් එම කිරුළු දහම්පා මාතාවගේ ගෙලේ පළඳවන්නට ඔවුහු සමත් වූහ. 

ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, පද්‍ය ගායනා, ගාථා ගායනා, ගද්‍ය රචනා, කථික, හා චිත්‍ර යන අංශ යටතේ පැවති නිපුණතා ඇගයීම් තරඟ 39 කින් පළමු වන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා ස්ථාන 27ක් හිමිකර ගැනීමට සමත් වූහ. ඒ අතර ප්‍රථම ස්ථාන 6 ක්, දෙවන ස්ථාන 5 ක්, තෙවන ස්ථාන 6ක්, සිව් වන ස්ථාන 4ක් හා පස් වන ස්ථාන 6ක් වේ. 

තරඟාවලිය ඇරඹීමට ප්‍රථම තෙරුවන් නමදිමින්

මෙලෙස ජයග්‍රහණ ලබාගත් සිසු සිසුවියන්ට හා ඒ වෙනුවෙන් කැපකිරීම් කල ගුරු, සිසු දෙමාපිය ඇතුළු සිළු දෙනාටම අපගේ ප්‍රණාමය හිමිවන අතර සමස්ත ලංකා ජයග්‍රහණ දක්වා යාමට අපගේ සුභ පැතුම්!!

තරඟ බිමට ඇතුල්වෙන දහම්පාවෝ





ජයග්‍රහණය කල සිසුන් හා ඔවුන් ලබා ගත ස්ථාන මෙසේයි


පද්‍ය ගායනා දෙවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය සනිති සේනුල්‍යා කොළඹතන්ත්‍රී  
පද්‍ය ගායනා හයවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය කවිඳු දිල්ෂාන් 
පාලි පද්‍ය ගායනා හත්වන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය ඔෂාන් විශ්මිත් 
පාලි පද්‍ය ගායනා නවවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය ඔශිනි චාමිකා 
ගද්‍ය රචනා ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය ලක්මිණි ඕෂධී
 කථික ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය රවිඳු කිත්සිරි රාජපක්ෂ 



පෙර සූදානම  
දහම් දැනුම හත්වන ශ්‍රේණිය දෙවන ස්ථානය චතුලි දෙහාරා
දහම් දැනුම අවසාන ශ්‍රේණිය දෙවන ස්ථානය ශානිකා පියුමි 
පද්‍ය ගායනා පස්වන ශ්‍රේණිය දෙවන ස්ථානය 
පාලි පද්‍ය ගායනා ධර්මාචාර්ය ශ්‍රේණිය දෙවන ස්ථානය උදේශ් ඉසංක
චිත්‍ර කනිෂ්ට අංශය දෙවන ස්ථානය චරිත්මා ඕෂධී 


දහම් දැනුම හය වන ශ්‍රේණිය තෙවන ස්ථානය 
පද්‍ය ගායනා පළමු ශ්‍රේණිය තෙවන ස්ථානය 
පාලි පද්‍ය ගායනා අටවන ශ්‍රේණිය තෙව ස්ථානය කනිෂ්කා තාරින්දී
පාලි පද්‍ය ගායනා දහවන ශ්‍රේණිය තෙව ස්ථානය කවිඳු
පාලි පද්‍ය ගායනා අවසාන ශ්‍රේණිය තෙව ස්ථානය රශ්මි දුලාංජලී 
කථික දහවන ශ්‍රේණිය තෙවන ස්ථානය දේශිකා මධුවන්ති


ප්‍රායෝගික දැනුම දෙවන ශ්‍රේණිය සිව්වන ස්ථානය
දහම් දැනුම ධර්මාචාර්ය ශ්‍රේණිය සිව් වන ස්ථානය ජයනි දිල්හානි
ගද්‍ය රචනා හා වන ශ්‍රේණිය සිව් වන ස්ථානය රුවිනි ශානිකා 
චිත්‍ර ජ්‍යෙෂ්ට අංශය සිව්වන ස්ථානය දුලාජ් පියුමාල් 


දහම් දැනුම දහවන ශ්‍රේණිය පස් වන ස්ථානය සවනි දුරේක්ෂා 
පද්‍ය ගායනා තුන් වන ශ්‍රේණිය පස් වන ස්ථානය එශාන් 
ගද්‍ය රචනා අටවන ශ්‍රේණිය පස් වන ස්ථානය නදීෂා හංසනී
කථික අට වන ශ්‍රේණිය පස් වන ස්ථානය ශෂිනි කාවින්ධ්‍යා කොඩිතුවක්කු
කථික නව වන ශ්‍රේණිය පස් වන ස්ථානය කවිෂ්මා ගීතාංජලී
කථික අවසාන ශ්‍රේණිය පස් වන ස්ථානය දිලිනි පියුමිකා 

 ජයග්‍රාහී සිසුන් ප්‍රතිපල ලැබෙනතුරු 

5 comments:

  1. ෆොටෝ ටික ගන්න වින්ද දුක දන්නේ බුද්ධි සහෝදරයයි මායි තමා. අනිත්‍ය මෙනෙහි කරලා ෆෝමැට් වෙච්ච මෙමරි කාඩ් එක ගැන අදහස අත්හරින්න ඕන උනේ නැත්තේ mini tools නිසා.
    ඔයාලටත් නැති වෙච්ච ඩේටා හොයාගන්න ඕනේ නම් http://www.powerdatarecovery.com/

    ReplyDelete
  2. මාණ්ඩලික තරගවලට යෑමට පෙර තෙරුවන් නමදින අවස්ථාවේදී, පාසැල් බෑග් කරේ දමාගෙන එය සිදුකිරීමට ඉඩ දීම මගින් ඔබ විසින් දරුවන්ට ලබා දෙන ආදර්ශය කුමක්ද? තෙරුවන්ම නමදින විට අවස්තථාව කුමක් වුවත්, සැහැල්ලුවෙන් ගත, සිත නිදහස් කරගෙන තෙරුවන් පිළිබද මනාව මෙනෙහි කර තෙරුවන් සරණ යා යුතුය. නැතිනම් අනුන් රැවටීමට කරන්නම්වාලෙ තෙරුවන් සරණ ගිහින් ඵලක් නොමැත. වරද කුඩා වුවත්ද එය නිවැරදි කරගත යුතුය.දරුවා වරදක් කරයිනම් එය නිවැරදි කිරිම දහම් පාසල් ගුරුවරු ලෙස ඔබ සැමගේ වගකීමයි.මම ද පාසල් ගුරුවරයෙක්. දහම් පාසලක් පවත්වාගෙන යාමේ මූලික අරමුණ දහම් දැනුම ලබාදීම පමණක් නොවේ. ගුණවත්, සාරධර්මවලින් පිරි, යහපත් හැසිරීම් රටාවකින් යුතු රටට වැඩදායි විනයානුකූල, ධාර්මික දරුවන් සමාජයට දායාද කිරීමයි. දහම් දැනුම ලබාදීම පමණක් අරමුණ වූයේ නම්, පාසැලේ උගන්නන්නෙත් මේ හා සමාන විෂය නිර්දේශයක්මයි. ඉතින් ළමයි පාසල් පමණක් ගියවිට එය ඉගෙන ගත හැකිය. නමුත් දහම් පාසල පාසැලට වඩා හාත්පසින්ම වෙනස් ස්ථානයකි. එහිදී දහම්පාසල් ගුරුවරුන් ලෙස ඔබ විසින් දරුවාට ලබාදිය යුතු ආදර්ශ පිළිබදව සැලකිලිමත් වන්න.ඔවුන් වරදින් මුදවාලන්න. එසේ නැතිනම් ඔබ විසින් දහම් පාසල වෙනුවෙන් කැප කළ කාලය, ශ්‍රමය අපතේ ගොස්, ආගමට දහමට ගරුකිරීමක් නොමැති, ගුරු දෙගුරුන්ට ගරුකිරීමක් නොමැති දරු පිරිසක් අනාගතයේ බිහිවනු ඇත.

    ReplyDelete
  3. මාණ්ඩලික තරගවලින් සියළුම තරග ජයගත්ත ද යහගුණවලින් පිරි පුද්ගලයෙක් සමාජයට ජනිත නොවුනහොත් දහම් අධ්‍යාපනයේ කිසිදු අර්ථයක් නොමැත. සරලව කියතොත් හොර වෙදුන්, හොර භික්ෂූන්, හොර නීතිඥයන්, බිහිවන්නේ නිසිලෙස අධ්‍යපනය ලැබුණ ද, නිසි ගුණධර්ම පෝෂණය නොවු පිරිසකගෙනි. අනෙකාට උපකාර කිරීමට නොදන්නා, කොටින්ම කියතොත් සමාජයට පිළිලයක් වන මිනිසුන් බිහිවන්නේ ද මා ඉහත සදහන් කළ හේතුව නිසාවෙනි. එම නිසා උගත්කමින් මෙන්ම ගුණධර්මවලින් ද පිරිපුන් දරු පිරිසක් බිහිකිරීමට, වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන අප ඉදිරියටම යා යා යුතුය. වරද දුටු තැන පෙන්වා දුන්නේ මා ද දහම් පාසල් ගුරුවරයෙකු නිසා බැවින් හා ආගම දහම, රට ජාතිය පිළිබද ආදරයක් ඇති නිසාවෙනි. ස්තූතියි.

    ReplyDelete